Fenix1st මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු
Monday, June 30, 2014
UK වලදීද Google Glass වෙතට කෙනෙහිලිවීම් ඇරබේ
උපාංගයේ Ram බලය දෙගුන කරමින් Google Glass ප්‍රථම වතාවට ඇමරිකාවෙන් පිටතදී ලබා ගැනීමේ අවස්ථාව UK වලට පැමිනුමේ පසුගිය සතියේය. ඇමරිකාව තුලදීම මෙම භාවිතාවට බාදක එල්ල වන්නට පටන් ගත් අතර වරක් සිනමා හලකදී නරබන්නෙකුට බාදාකරමින් ඔහුව සිනමා ශාලාවෙන් පිටතට
කැදවන්නට කටයුතු කරන ලද්දේ Google Glass යොදා ගනිමින් එම සිනමා පටය පටිගත කරගන්නට කටයුතු කරනවා යන චෝදනාව මුල් කර ගනිමිනි. තවත් විටක මහමගදී එය පැලඳ වාහනයක් පදවා ගෙන ගිය කාන්තාවක වෙතට දඩ කොලයක් නිකුත්වූ අතර තවත් විටක ප්‍රකට ආපනශාලා සමූහයකට එය පැලඳ පිවිසීම තහනම් කරන්නට ඒවායේ බලධාරීන් කටයුතු කෙරින.
පලවන නවතම UK වාර්තාවකට අනූව හෙලි වන්නේ එහිදීද සිනමා ශාලා හිමිත්වය මෙම උපංගය පැලඳ සිටීම lights dim නිමේශයෙන් පසු නොකල යුතු බවට ප්‍රේක්ශකයින් වෙතට දැනුම් දෙන්නට කටයුතු කරමින් සිටින බවකි.Google ආයතනය ප්‍රථමයෙන් පවසා සිටියේ එකදිගට වීඩියෝවක් අටිගත කිරීමේ හැකියාව මෙම උපකරනය සමග විනාඩි 45කට පමන සීමා වන බවයි.එහි වන බැටරි බලය හා තොරතුරු ගබඩා හැකියාව අනූව එය එසේ සීමා වන බවටයි දක්වා සිටියේ. එසේම මෙම උපකරනය ඒ ආකාරයේ පටිගත කිරීමකට සූදානව පැමින නැති බවටයි පැහැදිලි කර සිටියේ.
Source - http://siriwansa.blogspot.com
Labels:
Android,
Google,
Technology
Friday, June 27, 2014
Vessyl Cup ජලය ගෙනයැමේ අලුත් කලාව
ජලය…, අපි හැමෝටම නැතුවම බැරි දෙයක් … හොඳයි…, කවුරු හරි ඇහුවොත් අද ඔබ කොච්චර ප්‍රමාණයක් ජලය භාවිතා කරාද කියලා ? .. අපිට එකපාරටම පිළිතුරක් දෙන්න බෑ ගණනය කිරිමකින් තොරව. ජලය විතරක් නෙවෙයි වෙනත් පානීය ද්‍රව්‍යක් භාවිතා කරත්, එහි ප්‍රමාණය, එහි ඇති සංඝටක ප්‍රමාණය, ශරීරයට වැටෙන කැලරි ප්‍රමාණය අපට දැනගත හැකිවන්නේ නෑ.
මේ විස්තරෙ කිව්වෙ අද කටියට අළුත්ම ආකාරයෙ ගැජට් එකක් ගැන කියලා දෙන්න. මේකත් අපෙ ජිවිතයේ සුපුරුදු වචනයක් වන ස්මාට් උපකරණයක්, ඇත්තටම මේක ස්මාට් කොප්පයක් . මේ කොප්පය නිශ්පාදනය කරල තින්නේ Yves Behar සහ Mark One ආයතන එකතු වෙලයි. මෙය නම් කරලා තියෙන්නෙ Vessyl කියන නමින්. මේ ස්මාට් කප් එකට හැකියාව පවතිනවා අප භාවිතා කරන දියරයේ කැලරි ප්‍රමාණය ගණනය කිරිමට.එමෙන්ම එහි සංඝටක අඩංගු ප්‍රතිශත ද ගණනය කිරිමේ හැකියාව පවතිනවා. මෙම කප් එක ක්‍රියා කරන්නේ ස්මාට් ජංගම දුරකථනයක් මගින් . බ්ලුටුත් මගින් මෙම කප් එක හරහා අපට සන්නිවෙදනය කරන්න පුළුවන්, ඒ සඳහා අවශ්‍ය App එකකුත් නිර්මාණය කරලා තිනවා.මෙම ඇප් එක ඇපල් , ඇන්ඩ්‍රොයිඩ් ඔනම මෙහෙයුම් පද්ධතියක භාවිතා කරන්න පුළුවන්. මේ කප් එකෙ ඇති තිරයක් මගින් ඉහත කී දැ අපට නිරික්ෂණය කරන්න පුළුවන්.එමෙන්ම මේ කප් එක වයර්ලස් තාක්ෂණය මගින් ආරෝපණය කිරිමක් සිදුකල යුතු වෙනවා..මේ කප් එක $99 ක් වැනි මුදලකට අපට මිලදි ගන්න පුළුවන්.
Source - syco.me
Source - syco.me
Labels:
Android,
iOS,
Technology
බැට්රි කාලය වැඩි දවසක් තියෙන්නේ නැති එක සදහා Google වෙතින් විසදුමක්
ස්මාර්ට්ෆෝන් භාවිත කරන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි බැට්රි කාලය වැඩි දවසක් තියෙන්නේ නැති එක. මේ සදහා විවිධ වශයෙන් විකල්ප පරිශිලක ඔබ විසින් භාවිත කරනවා. ඒ අතර battery saving ඇප්ස් වැනි දේ හැදින්විය හැකියි.
මෙම සතියේ පැවැති Google I/O හිදි Google සමාගම විසින් මෙම බැට්රි ප්‍රශ්නය සදහා විසදුමක් ලබාදුන්නා. ඒ මිළග ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයත් සමගම Project Volta ලෙස ව්‍යාපෘතියක් හදුන්වා දිමට ඔවුන් සූදානම්. මෙම Project Volta වැඩසටහන Android L සමග බලාගත හැකි වෙනවා.
ස්මාර්ට්ෆෝන් එක තුල ඇප්ස් මගින් බැට්රි බලයට කෙසේ බලපානවාද යන්න developers ලාට පහසුවෙන් සොයාගත හැකි වන ක්‍රියාදාමයක්ද ඒ අනුව තමන් නිර්මාණය කරන ඇප්ස් පාලනය කළ හැකි වන සේ සැකසිය හැකි විශේෂාංග ද මෙම Project Volta තුලට ඇතුලත් වි තිබෙනවා. Battery Historian යනු මෙහි ඇති එක් විශේෂාංගයකි. බැට්රි බලය අඩු වුණු කාල වකවානු පිළිබදව සවිස්තරව තොරතුරු එමගින් සපයන අතර බැට්රි බලය වැඩි වශයෙන් අඩු කිරිමට දායක වි ඇති දේවල් දැනගැනීමට developersලාට පුලුවන්කම ලැබෙනවා. මිළග අංගය ලෙස Job Scheduler API හැදින්විය හැකියි. මෙමගින් ඇප් එකට අදාල කාර්යයන් (tasks) කුමන කාල පරතර තුලදි සිදුවිය යුතුද යන්න තිරණය කිරිමට developers ලාට හැකියාව ලැබෙනවා. උදාහරණයක් ලෙස ඇප් එකට අවශ්‍යම කාර්යයන් ස්මාර්ට්ෆෝන් එක චාර්ජ් වන විට සිදුකිරිමට යොමු කළ හැකියි. එවිට බැට්රි බලය නිකරුනේ නාස්ති විමක් සිදුනොවේ.
ස්මාර්ට්ෆෝන් භාවිත කරන ඔබට ලැබෙන විශේෂාංග ගැන අවධානය යොමුකරමු. ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය තුලම Battery Saver විශේෂාංගය තේරිය හැකියි. දැනට මෙම පහසුකම අදාල නිෂ්පාදන ආයතනය මගින් ඇතුලත් කරන අතර හැම ස්මාර්ට්ෆෝන් එකකම අන්තර්ගත නොවන අවස්ථා පවතියි. මෙම Battery Saver විශේෂාංගය තුලින් brightness එක අදාල ලෙස සැකසිම, background updates සිමා කිරිම ආදි කාර්යයන් රැසක් පාලනය කිරිම සිදුවනු ඇත. ඔබ ස්මාර්ට්ෆෝන් එක මගින් ලබාදෙන පහසුකම් ඔස්සේ බැට්රි බලය අවම විම පාලනය කිරිමට යොදන විශේෂාංගයන්ට වඩා වැඩි වෙනසක් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය තුලම හදුන්වාදිමට නියමිත මෙම Battery Saver ඔස්සේ ලැබෙන බවයි වාර්තා වෙන්නේ.
ඇන්ඩ්‍රොයිඩ් හි බැට්රි බලය වැඩි දවසක් පවත්වාගැනීම සදහා මිළග ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ඔස්සේ ලබාදෙන Project Volta විශේෂාංග ඔස්සේ ඔබට නව වෙනසක් අත්විදිය හැකි බවට නම් පැහැදිලියි. Project Volta ගැන වැඩිදුර තොරතුරු අපි ලැබෙන සැනින් ඔබට ගෙන එන්නට සූදානම්.
Source - droidslk.com
මෙම සතියේ පැවැති Google I/O හිදි Google සමාගම විසින් මෙම බැට්රි ප්‍රශ්නය සදහා විසදුමක් ලබාදුන්නා. ඒ මිළග ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයත් සමගම Project Volta ලෙස ව්‍යාපෘතියක් හදුන්වා දිමට ඔවුන් සූදානම්. මෙම Project Volta වැඩසටහන Android L සමග බලාගත හැකි වෙනවා.
ස්මාර්ට්ෆෝන් එක තුල ඇප්ස් මගින් බැට්රි බලයට කෙසේ බලපානවාද යන්න developers ලාට පහසුවෙන් සොයාගත හැකි වන ක්‍රියාදාමයක්ද ඒ අනුව තමන් නිර්මාණය කරන ඇප්ස් පාලනය කළ හැකි වන සේ සැකසිය හැකි විශේෂාංග ද මෙම Project Volta තුලට ඇතුලත් වි තිබෙනවා. Battery Historian යනු මෙහි ඇති එක් විශේෂාංගයකි. බැට්රි බලය අඩු වුණු කාල වකවානු පිළිබදව සවිස්තරව තොරතුරු එමගින් සපයන අතර බැට්රි බලය වැඩි වශයෙන් අඩු කිරිමට දායක වි ඇති දේවල් දැනගැනීමට developersලාට පුලුවන්කම ලැබෙනවා. මිළග අංගය ලෙස Job Scheduler API හැදින්විය හැකියි. මෙමගින් ඇප් එකට අදාල කාර්යයන් (tasks) කුමන කාල පරතර තුලදි සිදුවිය යුතුද යන්න තිරණය කිරිමට developers ලාට හැකියාව ලැබෙනවා. උදාහරණයක් ලෙස ඇප් එකට අවශ්‍යම කාර්යයන් ස්මාර්ට්ෆෝන් එක චාර්ජ් වන විට සිදුකිරිමට යොමු කළ හැකියි. එවිට බැට්රි බලය නිකරුනේ නාස්ති විමක් සිදුනොවේ.
ස්මාර්ට්ෆෝන් භාවිත කරන ඔබට ලැබෙන විශේෂාංග ගැන අවධානය යොමුකරමු. ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය තුලම Battery Saver විශේෂාංගය තේරිය හැකියි. දැනට මෙම පහසුකම අදාල නිෂ්පාදන ආයතනය මගින් ඇතුලත් කරන අතර හැම ස්මාර්ට්ෆෝන් එකකම අන්තර්ගත නොවන අවස්ථා පවතියි. මෙම Battery Saver විශේෂාංගය තුලින් brightness එක අදාල ලෙස සැකසිම, background updates සිමා කිරිම ආදි කාර්යයන් රැසක් පාලනය කිරිම සිදුවනු ඇත. ඔබ ස්මාර්ට්ෆෝන් එක මගින් ලබාදෙන පහසුකම් ඔස්සේ බැට්රි බලය අවම විම පාලනය කිරිමට යොදන විශේෂාංගයන්ට වඩා වැඩි වෙනසක් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය තුලම හදුන්වාදිමට නියමිත මෙම Battery Saver ඔස්සේ ලැබෙන බවයි වාර්තා වෙන්නේ.
ඇන්ඩ්‍රොයිඩ් හි බැට්රි බලය වැඩි දවසක් පවත්වාගැනීම සදහා මිළග ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ඔස්සේ ලබාදෙන Project Volta විශේෂාංග ඔස්සේ ඔබට නව වෙනසක් අත්විදිය හැකි බවට නම් පැහැදිලියි. Project Volta ගැන වැඩිදුර තොරතුරු අපි ලැබෙන සැනින් ඔබට ගෙන එන්නට සූදානම්.
Source - droidslk.com
Thursday, June 26, 2014
Skype වෙතටත් Cortana පහසුව පැමිනේ
Microsoft ආයතනය තම Skype සදහා නව සංස්කරනයක් iPhone සදහා නිකුත්කරනු ලැබුවේ මෙම මස මුල් භාගයේය. එසේම එම ආයතනය නිකුත්කරන නවතම නිවේදනයක් පවසන්නේ තම Windows Phone 8 හා 8.1 වෙතට නව දියුනු කිරීම් හා එකතුකිරීම් සහිතවූ යාවත්කාලීනයක් නිකුත්කරන්නට තමන් කටයුතු කල බවකි. මෙම Windows Phone 8.1 වෙතට upgraded කර ගත් භාවිතාකරන්නෙකුට හමුවන නවංග අතර කැපී පෙනෙන අංගයක් වන්නේ Cortana පහසුවයි. ඒයත් සමග Voice ආකාරයට digital assistan සමග ගනුදෙනු කරන ආකාරයට කටයුතු කරනු හැකිවනු ඇති බවටයි නිවේදනය
වන්නේ. උදාහරනයක් ලෙසට භාවිතාකරන්නෙකුට "Skype, get Dad on the screen" වැනි විධානයක් ඔස්සේ තම Skype ඇප් එකත් සමග ගනුදෙනු කරන්නට හැකිවනවා ඇත.
මීට අමතරව මෙම නව යාවත්කාලීනයත් සමග language suppor පහසුව භාෂා 19ක සිර 51 දක්වා ඉහල නංවන්නටද එම ආයතනය් කටයුතු කර ඇති බවටයි නිවේදනය වන්නේ. මීට අමතරව අවසාන වරට යවන ලද messageය Edit කිරීමේ හැකියාවද දැක්වෙනවා. මෙය භාවිතාකරන්නන් විසින් කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි අවශ්‍යතාවයක් ලෙසටයි දැක්වෙන්නේ. මෙම නව සංස්කරනය 2.19 ලෙසට වන අතර එය Windows Phone Store වලින් දැන් ලබාගත හැකි බවටත් නිවේදනය වනවා.
Source - http://siriwansa.blogspot.com
පැමිනෙන්නට නියමිත Android L
Android L සංවර්ධකයන් අතට පත්වීමට නියමිත මීලග Android සංස්කරනය ලෙසට මේ වන විට නිවේදනය වී හමාරය. Google ආයතනය තම වාර්ෂිකව පවත්වනු ලබන I/O වල 2014 හමුවේදී මේ බව නිවේදනය කරන්නට කටයුතු කර සිටියාය. මෙහිදී කථා බස් කෙරෙනු නවාංග අතර Android Wear මෙන්ම Android TV ද වනවා. Android L සමග Google ආයතනය තම ප්‍රකට මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අනාගතය දිශාකිහිපයකට චලනය කොට ඇති බවටයි විචාරනය වන්නේ. ඔවුන් යෝජනා කරන්නේ platform එකක් ලෙසට Android ඉදිරියට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බවයි. තවදුරටත්
මෙහෙයුම් පද්ධතියක් හුදෙක් එක් උපාංගයකට සීමාව සිටීම අතාර්කික වීම ඔස්සේ සලකා බැලීමේදී Google TV හා Google Wear සමග එය දෛනික ජීවිතය තුල වඩාත් ප්‍රායෝගික වපසරියක් හිමි කර ගන්නට උත්සාහ කරමින් සිටින බවටයි දැක්වෙන්නේ.
භාවිතාකරන්නන් සදහා වඩාත් සුව පහසු ආකර්ශනීය බවක් ගෙනෙමින් Material Design සමග නව මෙහයුම් පද්ධතිය වඩාත් සුමට අත්දැකීමක් කරන්නට කටයුතු කොට තිබෙනවා. ආයතනය තම ඉදිරිපත්කිරීමේ පෙන්වා දුන්නේ භාවිතාවේදී වඩාත් චලනීය ස්වභාවයකින් එය භාවිතාකරන්නා වෙතට පැමිනීමට සූදනමින් සිටින බවකි. එසේම Cromebook වැනි හිතවත් උපාංගයක් ලග තිබෙන විටකදී එය ඔස්සේ භාවිතාකරන්නාගේ අනන්‍යතාවය හඳුනා ගන්නට කටයුතු කිරීමත් notifications වැනි දෑ එම උපකරන ඔස්සේද භාවිතකරන්නා වෙතට නිකුත්කරන්නට හැකිවීමත් එහිදී දැක්වුනු ආකර්ශනීය කාරනා වනවා. Android Auto සමග කටයුතු කිරීමේදී ඔබගේ අනන්‍යතාවය පහසුවෙන් එය සමග හුවමාරු කරගන්නටත් එහිදී ඔබගේ ප්‍රියතම සංගීත කාන්ඩ විස්තර , පැමිනෙන මෙන්ම යවන Text පනිවිඬ තොරතුරු ඇමතුම් යොමුකිරීම් ආදිය බොහෝ කරුනු වලදී නව මෙහෙයුම් පද්ධතිය වඩාත් නම්‍යව කටයුතු කරන්නට සූදානම් බවටයි දක්වූවේ. කෙටියෙන් පවසන්නේ නම් තවදුරටත් Desk Top මෙන්ම Mobile හා wearable වැනි පැරනි ආකාරයේ එකි නෙකාගෙන් වෙන්වූ අනන්‍යතාවයන් සහිත තොරතුරු භාවිතාව තවදුරටත් වලංගු නොවීමේ පනිවිඬය Android L තහවුරු කොට සිටිනවා.
Source - http://siriwansa.blogspot.com
Labels:
Android,
Google,
Mobile,
Technology
Hard Drive Partition එකක් Hidden කරන්න
මේ කියන්න යන්නේ Command Prompt එක භාවිත කරල Hard Drive Partition එකක් Hidden කර ගන්න විදිය. මේක ගොඩක් ලේසි වැඩක්. දන්න අයත් ඇති.ඔන්න බලන්නකෝ කරන විදිය.
• මුලින්ම start ක්ලික් කරල run යන්න.
• දැන් type කරන්න cmd කියල.
• open වුනා නේද Command Prompt එක.
• හරි දැන් type කරන්න diskpart කරන්න.
• ඊලගට enter කරන්න.
හරි දැන් diskpart විවෘත වෙන්න ඇති බලන්න Command Prompt එකේ DISKPART> කියල තියනවද කියල.
• ඊලගට Hard Drive Partition ටික list කරල බලන්න list volume කියල type කරල enter කරන්න.
දැන් Hidden කරන්න අවශ්‍ය Partition එකේ අකුර බලන්න. අපි හිතමු F කියල. ඒ Partition එක තෝරා ගන්න. ඒ සදහා select volume 2කියල type කරල enter කරන්න. මෙහි volume 2යනු අපි තෝරා ගනු ලැබූ Partition එකේ අකුරට අදාල Partition එකේ අංකය වේ.
දැන් ඉතින් Hidden කරමු. මෙන්න මේක ගහන්නකෝ. remove letter f කියල type කරල enter කරන්න. ඇත්තටම මෙහි වෙන්නේ Partition එකට අදාල අකුරැ ඉවත් කලාම එය windows වල my computer තුල පෙන්වනේ නැති වීමයි.
දැන් බලන්න my computer විවෘත කරල. වැඩේ හරි නේද...
දැන් ඉතින් හැංගුව වගේම අයේ පෙන්වන්නත් ඕනෙනේ. ඒ සදහා පෙර ලෙසම F Partition එක තෝරන්න. ඉන් පසු assign letter F ලෙස type කරල enter කරන්න. එතකොට Partition එක තිබුන වගේම පෙන්වනවා.
Source - http://jivithayasinahawa.blogspot.com
Wednesday, June 25, 2014
TOR Browser එකෙන් හැංගිලා ඉන්ටනෙට් යමු

එක එක සොෆ්ට්වෙයා නැතුව කෙලින්ම Web Browser එකේ ඉදන්ම අපේ අනන්‍යතාවය හන්ගගෙන අන්තර්ජාලයට එකතු වෙන්න පුළුවන් බ්‍රොවුසර් එකක් තමා ToR Browser කියන්නේ. මේ බ්‍රොවුසර් එක වේගවත් කියලා මේක පාවිච්චි කරන අය නම් දන්නවා මේකේ තියෙන වැඩ කිඩ? මේක අනිත් වැඩ වලටත් හොදට ගැලපෙන විදියට තමයි හදලා තියෙන්නේ. ටෝර් බ්‍රොවුසර් එක ගිනිහිවලගේම කොපියක් කියලා ගොඩක්
අයට හිතුනත් මේක ගිනිහිවලට වඩා කාර්යක්ෂමව වැඩ කරනවා. ?(ඕනම හොර වැඩක් මෙකෙන් කරගන්න පුලුවන්,යන්න බැරි ඔනම තැනකට දැන් ඉතින් බයනැතුව යන්න පුලුවන් )
මෙතනින් බා ගන්න Download
Source - http://jivithayasinahawa.blogspot.com
Tuesday, June 24, 2014
Physical keyboards සමග එන BlackBerry ස්මාර්ට් දුරකථන දෙකක්

ආයතනයේ වාර්ෂික හමුවකදී BlackBerry CEO වරයා පැමිනෙන්නට නියමිත ස්මාර්ට් දුරකථන දෙකක් මාධ්‍ය වෙතට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම ඉදිරිපත්කිරීමේ විශේෂත්වය වන්නේ ඒවා සාම්ප්‍රධායික කීබෝඩ්ස් වලින් සමන්විතව තිබීමය. ගෙවී ගිය මෑතකාලය සැලකීමේදී BlackBerry ආයතනය
Source - http://siriwansa.blogspot.com
Labels:
BlackBerry,
Mobile
Monday, June 23, 2014
Skype නව desktop සංස්කරනයක් පැමිනේවි
මයික්‍රසොෆ්ට් ආයතනය තම "Skype" සේවාවේ windows හා Mac ඩෙස්ටොප් UI වෙතට නව මුහුනුවරක් අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බව හා තොරා ගත් සීමිත පිරිසක් වෙතට එහි පෙර සංස්කරනයක් නිකුත්කර ඇති බවට පසුගිය කාලය පුරා තොරතුරු පැතිරෙමින් තිබූ අතර මේ වන විට ආයතනය එම තොරතුර සනාත කොට සිටිනවා. ඒ අනුව Skype වල පැරනි මුහුනත ප්‍රමුක සංස්කරනය භාවිතයෙන්
අත්හරිමින් නව සංස්කරනයක් හදුන්වා දීම ඉදිරි කාලය තුලදී ක්‍රමයෙන් සිදු වෙනු ඇති බවයි. "great new experiences for Skype" ලෙසට දක්වමින් මෙම සේවාව නව මෘදුකාංග සංස්කරනය යටතේ වඩාත් භාවිතාකරන්නා හට සිත්ගන්නා සුලු පෙනුමක පමනක් නොව ක්‍රියාකාරීත්වයක්ද රැගෙන එනු ඇති බවටයි නිවේදනය කර සිටින්නේ.
Source - http://siriwansa.blogspot.com
අත්හරිමින් නව සංස්කරනයක් හදුන්වා දීම ඉදිරි කාලය තුලදී ක්‍රමයෙන් සිදු වෙනු ඇති බවයි. "great new experiences for Skype" ලෙසට දක්වමින් මෙම සේවාව නව මෘදුකාංග සංස්කරනය යටතේ වඩාත් භාවිතාකරන්නා හට සිත්ගන්නා සුලු පෙනුමක පමනක් නොව ක්‍රියාකාරීත්වයක්ද රැගෙන එනු ඇති බවටයි නිවේදනය කර සිටින්නේ.
Source - http://siriwansa.blogspot.com
Sunday, June 22, 2014
Surface Pro 3 වෙළඳ පොලට නිකුත්වීම ඇරබේ
මයික්‍රසොෆ්ට් ආයතනය තම මෙහෙයුම් පද්ධතිය පමනක් වීමේ සංකල්පය වින්ඩෝස් 8 සමගින් බැහැර විය. වින්ඩෝස් 8 වල දී Surface නමින් hybrid devices ආකාරයේ දත්ත උපාංග පෙලක් හඳුනවාදීමට කටයුතු කල අතර එහි වූ Pro සංස්කරනය ඔස්සේ PC භාවිතාව ගෙන දෙන්නට උත්සාහකර තිබිනි. මයික්‍රසොෆ්ට් cloud first mobile first සංකල්පය යටතේ
අනාගත පරිගණක භාවිතාව ජංගම ක්ලවුඩ් මූලික ස්වභාවයක් ගැනීම දෙසට වඩ වඩාත් චලනය කරමින් සිටින අතර තුල පසුගිය කාලය තුලදී එම Pro උපාංග සදහා නව සංස්කරනයක් නිකුත්කරන්නටද සූදානම් බවට නිවේදනය කෙරෙනි.
පලවන නවතම තොරතුරු පවසන්නේ Pro 3 නිකුතුව retail store වෙතට පැමිනීම ඇමරිකාව හා කැනඩාව තුල මේ වන විට ඇරබී ඇති බවකි. නිව්යෝක් වල පැවති හඳුන්වාදිමෙන් මසකට අනතුරුව සිදුවන මෙම පැමිනීම core i5 වලට පමනක් සීමා වන අතර එලබෙන අගෝතුවේදී Core i3 හා Core i7 සංස්කරන පැමිනීම සිදුවනු ඇති බවටයි නිවේදනය වන්නේ. ඩොලර් 799 සිට ඩොලර් 1299 දක්වා වන මෝස්තර කිහිපයක් යටතේ පැමිනෙන මෙම මිලගනන් තුලදී විවිධ තොරතුරු ගබඩා හැකියාවන් සමග වනු ඇති බවටයි නිවේදනය වන්නේ.
Source - http://siriwansa.blogspot.com
Google හි මීලග ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයෙහි අරමුණ වි තිබෙන Kill Switch
තාක්ෂණය දියුණුවත් එක්කම අපි භාවිත කරන උපකරණ හොද අතට වගේම නරක අතටත් භාවිත වන අවස්ථා වැඩිවෙනවා. අද වනවිට ස්මාර්ට්ෆෝන් උපාංග සොරකම් කිරිම් බහුලව දකින්න පුලුවන්. ලොව පුරා මෙම ක්‍රියාවලිය සිදුවන නිසා ස්මාර්ට්ෆෝන් පරශිලකයින් විවිධ ආකාරයේ ආරක්ෂණ ක්‍රම ස්මාර්ට්ෆෝන් වලට යොදන බව ඔබ දන්නවා.
සොරකම් කරන ලද ස්මාර්ට්ෆෝන් සොරාගත් කෙනාට ප්‍රයෝජනයක් ගන්න බැරි තත්ත්වයකට ගොඩනැගුවොතින් නම් එතරම්ම ගැටලුවක් වෙන්නේ නෑ. මෙවැනි අදහසක් පිළිබදව මුලින්ම කටයතු කළේ Apple සමාගම වන අතර iOS 7 හි මේ සදහා kill-switch එකක් ඇතුලත් කරනු ලැබුවා. මෙම ක්‍රියාව අනුගමනය කරන්න Google සමාගම කටයුතු කරන බව දැනගන්නට ලැබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය සමග අදහස් දක්විමන් Google කියා සිටියේ මීළග ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය තුල “factory reset protection solution,” එකක් ඇතුලත් කරන බවයි. මොකද්ද ඒ? ඒ කියන්නේ කිසියම් කෙනෙක් ඔබේ ස්මාර්ට්ෆෝන් එක සොරාගත්තොතින් සරලවම ලොක් එකක් අන්ලොක් කිරිමකින් හෝ පවතින ඇප් එකක් ඉවත් කර ලොක් එක අන්ලොක් කර නැවත එය භාවිතයට ගන්න තත්ත්වයෙන් මිදිල ආරක්ෂිතම ක්‍රමවේදයක් ඔස්සේ සොරාගත් කෙනාට නැවත එය භාවිත කරන්නම බැරි වෙන විදියේ විශේෂාංගයක් හදුන්වාදිමටයි සූදානම.
කිසියම් කෙනෙක් ස්මාර්ට්ෆෝන් එකක් සොරාගත්තොතින් එහි කුමන ආරක්ෂණ ක්‍රම තිබ්බත් factory reset වැනි ක්‍රියාවලින් නැවත භාවිතයට ගැනීම සිදුවන අවස්ථාවන් පවතිනවා. මෙම ක්‍රමය මගහැරිමයි Google හි මීලග ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයෙහි අරමුණ වි තිබෙන්නේ.
Source - http://www.droidslk.com
Samsung සමාගමේ පළමු Android Wear උපාංගය
Google වෙතින් පැළදිය හැකි ස්මාර්ට් උපකරණ හෙවත් wearable devices සදහා පදනම් වූ මෙහෙයුම් පද්ධතියක් වන Android Wear මීට මාස කිහිපයකට පෙර නිල වශයෙන්
හදුන්වා දුන් බවට ඔබ දන්නවා ඇති. මේ අනුව Samsung සමාගමේ පළමු Android Wear උපාංගය නිකුත් විමට සූදානම් බව වාර්තා වෙනවා.ලබන සතියේදි පැවැත්විමට නියමිත Google I/O හිදි Samsung හි මෙම පළමු Android Wear උපාංගය නිකුත් වනු ඇති අතර මෙය ස්මාර්ට් ඔරලෝසුවක්. Google හි Android Wear මෙහෙයුම් පද්ධතිය භාවිත වන තුන්වැනි ස්මාර් ඔරලෝසු මාදිලිය ලෙස Samsung සමාගමේ නිකුත් විමට නියමිත මෙම ඔරලෝසුව හදුන්වා දි තිබෙනවා.
Exynos chip එකක් සහිත එක් ඔරලෝසු වර්ගයකුත් අනෙක Qualcomm chip එකක් සහිත ඔරලෝසු වර්ගයකුත් ලෙසින් මෙම ස්මාර්ට් ඔරලෝසුවේ සංස්කරණ 2ක් නිකුත් කිරිමට සූදානම් බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
එමෙන්ම මෙම ස්මාර්ට් ඔරලෝසුව ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංග සමග සම්බන්ධ කිරිමටද හැකියාව පවතිනවා.
Source - http://www.droidslk.com
Tuesday, June 17, 2014
Google වෙතින් ලොවටම නොමිලේ internet
ලොව වෙසෙන ජනතාවගෙන් තුනෙන් දෙකක් වැනි පිරිසකට අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා ප‍්‍රමාණවත් තරම් පහසුකම් නොමැති බව විශ්වාස කිරීමට තරම් අපහසු කාරණයකි.
තවමත් offline සිටින බිලියන 4.8 ක් වූ එම ජනතාවට චන්ද්‍රිකා තාක්ෂණය මගින් අන්තර්ජාල පහසුකම නොමිලේ සැපයීම සඳහා ගූගල් (Google) ආයතනය තීරණය කර තිබේ.
එම ව්‍යාපෘතිය සඳහා චන්ද්‍රිකා 180 ක් පමණ භාවිතා කිරීමට ඔවුන් සැලසුම් කර සිටින අතර ගූගල් ආයතනය එම ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියනයක් පමණ වියදම කර ඇති බව නිල නොලත් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සාමාන්‍ය චන්ද්‍රිකාවන්වලට වඩා ඉතාමත් පහතින් එම චන්ද්‍රිකා පෘතුවියට ඉහළ අහසේ කක්ෂගත වේ.
ලෝකයට නොමිලේ ම අන්තර්ජාලය සැපයීම සඳහා වූ ෆේස්බුක් ආයතනයේ ප‍්‍රයත්නයට තරගකාරීත්වයක් ලබාදීමට එම ව්‍යාපෘතියෙන් ගූගල් ආයතනයට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. (O3eb Network)හි නිර්මාතෘවරයාවන (Greg Wyler) නමැති නිලධාරියා ගූගල් ආයතනයේ එම ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන කටයුතු කරයි. බොහෝ කෙටි කාලයකින් ගූගල් ආයතනය ලෝකය ම ආවරණය කරමින් නිර්මාණය කරන එම චන්ද්‍රිකා ජාලය මගින් ලෝකවාසී සියළු ජනතාවට අන්තර්ජාලය භාවිත කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසය තැබීමට හැකියාව පවතින බව බොහෝ විද්වතුන් පවසයි.
Source = http://sinhala.asianmirror.lk
Monday, June 16, 2014
නැතිවුණ dll files හොයාගන්න සුපිරි වෙබ් සයිට්ස්
ඔයාල දන්නවනේ dll files ගැන ..අපි games එහෙම පැයක් විතර install වෙනකන් ඉඳල ඉඳල game එක run කරන්න යද්දීම එක එක dll file missing කියා කියා messages එනවනේ ..එතකොට ඉතින් එපා වෙනවනේ game එකත් එක්කම ...මටනම් ඔහොම ඕනේ තරම් වෙලා තියනවා ..
අන්න එහෙම නැති වුන dll file හොයාගන්න පුළුවන් සුපිරි වෙබ් සයිට්ස් 4ක් මම පහත දීල තියනවා ..
try කරලා බලන්න මේකෙන් හොයාගන්න පුළුවන් නැති වුන dll files ..
WWW.DLL-FILES.COM
WWW.DLLME.COM
WWW.DLLDUMP.COM
WWW.DLLDLL.COM
Source =http://xnetsky.blogspot.com
Sunday, June 15, 2014
SAMSUNG GALAXY ෆෝන්ස් මොඩම් එකක් විදිහට භාවිත කරලා පරිගණකයෙන් ඉන්ටෙර්නෙට් යන්න
SAMSUNG GALAXY ෆෝන් එකක් පරිගණකයට සම්බන්ධ කරලා ඒක modem එකක් විදිහට භාවිත කරගන අන්තර්ජාල පහසුකම් ලබන්නේ කොහොමද කියල.පොඩි වැඩක් පියවරෙන් පියවර පහත දීල තියනවා ඔයාල ඒ පිළිවෙලටම කරන්නකෝ.
මුලින්ම ඔයාලගේ Samsung Galaxy ෆෝන් එක computer එකට සම්බන්ධ කරන්න, හැබැයි " File Transfer Mode " කියන එක select කරන්න එපා.ඊළඟට ඔයාලගේ ෆෝන් එකේ Menu>>settings >> wireless and network >> mobile network ගිහින් check “Use packet data
ඊට පස්සේ අයෙත් මේ විදිහට කරන්න. Menu >> settings >> wireless and network >> Tethering and Portable Hotspot ගිහින් check “USB Tethering”
ඊට පස්සේ ඔයාල KIES install කරගන්න ඕනේ ඔයාලගේ computer එකට. KIES තමා Samsung Mobiles සහ device සඳහා PC suite එක විදිහට යොදා ගන්නේ. Samsung site එකෙන් Download කර ගන්න.
දැන් ඔයාලගේ computer එකේ පහත දීල තියන විදිහට කරන්න. Control Panel >> Network and Internet connections >>Network connections , එතකොට ඔයාලට පෙනෙයි Samsung Modem එක පෙන්නනවා.
දැන් ඔයාලට පුළුවන් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න ඔයාලගේ පරිගණකයෙන්.
Source = http://xnetsky.blogspot.com
Friday, June 13, 2014
YouTube වීඩියෝ සදහා මුහුණු සැගවිමේ තක්ෂණය හදුන්වා දෙයි
www.youtube.com ලෝකයේ ජනප්‍රියම වීඩියෝ සේවය වන youtube වෙබ් සේවාව මගින් තම සේවාග්‍රහකයන්ට තවත් නවතම සේවාවක් පසුගිය කාලයේ හදුන්වා දුන්න Face blurring feaTure ලෙසින් හැදින්වන මෙයින් සිදුවන්නේ ඔබ youtube වෙතට UPLOAD කරන වීඩියෝවක පෙනීසිටින යම් අයෙකුගේ මුහුණ බොද වුනු ආකාරයෙන් සකසා SHARE කළහැකි වීමයි. මෙමගින් අනන්‍යතාවය සැගවිය යුතු අවස්ථාවන් වලදී ඉතා පහසුවෙන් එය සිදුකල හැකිය
මෙය වීඩියෝ ෂෙයාරින් ක්ෂේත්‍රයේ සිදුවූ වැදගත් ඉදිරි පියවරක් ලෙස සලකනු ලබනවා. අනන්‍යතාවය සැගවිය හැකි නිසා විරෝදතා කරුවන් ආදින්ට සැකයකින් බයකින් තොරව වීඩියෝ UPLOAD කළ හැකිය මෙමගින් ඔබගේ අනන්‍යතාවය හෙළිදරව් නොකර වීඩියෝ එළිදැක්වීමට ඔබට අවස්ථාවක්
0මෙම පහසු කම බාවිතා කරන ආකාරය0
මුලින්ම ඔබේ youtube වීඩියෝව UPLOAD කරන්න
ඉන්පසු youtube මුහුණතේ ඇති ENHANCEMENTS ටැබ් එකට යන්න
පහතින් ඇති additional feature යන්න තෝරා ගත් විට ලැබෙන සැකසුම් අතරින් blur all face යන්න තොර apply කරන්න
තවමත් මෙම තාක්ෂනය ප්‍රථමික මට්ටමේ පවතින නිසා පහත කරුණු අනුව යම් යම් විට මුහුණු සැගවිමේ ගැටළු මතුවිය හැක
රුගත කර ඇති කෝණය
ආලෝක තත්වය
දර්ශනයේ ඇති බදාවන්
වීඩියෝවේ ගුණාත්මක බව
ඔබත් මෙම තාක්ෂණය අත්හදා බලන්න.
Source = http://jivithayasinahawa.blogspot.com
මොකක්ද මේ custom ROM කියන්නේ?
ROM මේ වන විට ඔබ අහලා තියෙන වචනයක් වෙන්න පුලුවන්. ඒ වගේම ඔයා ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් නම් මේ වචනය ගැන කිසිම වැටහීමක් නැතිව ඇති. බලමු මොනවද මේ custom ROM කියන්නේ කියලා.
stock ROM - ඔබේ ෆෝන් එක මිලදී ගන්නා විට ෆෝන් එකෙහි පවතින මෙහෙයුම් පද්ධතියේ අනුවාදනය තමයි stock ROM ලෙසින් හදුන්වන්නේ.
custom ROM යනු මෙහෙයුම් පද්ධතියේ සම්පූර්ණ ස්වාධින අවස්ථාවක්. apps, services, ඇතුලු ඔබේ උපාංගය ක්‍රියා කිරීමට අවශ්‍ය සියල්ලක්ම මෙහි පවතිනවා. මෙහි වෙනස මෙය කෙනෙකු විසින් customized කරනු ලැබ තිබීමයි.
මොකද්ද customized කීවේ ඇන්ඩ්‍රොයිඩ් යනු නිදහස් කේත මෙහෙයුම් පද්ධතියක් නිසා stock ROM භාවිතා කරලා developers ලට පුලුවන් තමන්ගේ දක්ෂතාව මත stock ROM අලුත් වැඩියා කරන්න.
custom ROM හි සුවිශේෂිතා
1.යාවත්කාලිනකම් නිතරම සිදුකිරීම.
custom ROM එකක් භාවිතා කිරීමේදි නිතරම පාහේ යාවත්කාලින කිරීම් සිදුකිරීමට සිදුවෙනවා අලුතින් එක්කළ අංග ගැනීමටත් bugs සැකසීමටත් තමයි එසේ කළ යුත්තේ.
2.ඉක්මන් ක්‍රියාකාරිත්වය හා කාර්යයක්ෂමතාව.
custom ROM අඩු මතක ධාරිතාවක් ගැනීමත් , වේගවත් බව හා කාර්යක්ෂමතාවයෙන් යුක්තයි. එයට හේතුව වන්නේ custom ROM සංවර්ධකයා විසින් stock ROM එක තුල පවතින අනවශ්‍ය දෑ ඉවත් කර පැවතිමයි.
උදා - ආයතනය විසින් ස්ථාපිත ඇප්ලිකේෂන් (carrier installed apps) ඉවත්කිරීම
3. ඇන්ඩ්‍රොයිඩ් හි වඩා හොද අනුවාදනයකට හෝ පසුව එන ඇන්ඩ්‍රොයිඩ් අනුවාදනයකට මාරුවීමට හැකිවීම.
පසුව එන ඇන්ඩ්‍රොයිඩ් අනුවාදන වලට යොමුවීම – මොකක්ද මේ කියන්නේ. ඇතැම් විට ඇන්ඩ්‍රොයිඩ් අනුවාදන හොර රහසේ පිටවුනොත් (leaked version) සංවර්ධකයන් ඒවා අන්තර්ජාලයෙන් අරගෙන වැඩිදියනු කරනවා. එතකොට නිල වශයෙන් නිකුත් කිරීමටත් පෙර ඇතැම් ඇන්ඩ්‍රොයිඩ් අනුවාදන වල හැටි බලන්න පුලුවන් අපිට.
ඇන්ඩ්‍රොයිඩ් හි වඩා හොද අනුවාදනයකට – පොඩ්ඩක් හිතන්න ඔයාගේෆෝන් එකේ ආයතනය විසින් අවස්ථාව ලබාදෙන්නේ යාවත්කාලිනකම් වලට උපරිම ඩ්‍රොයිඩ් 2.1 පවත්වාගන්න නම් (උදා- SE Xperia X8 , X10 Mini pro…..) custom ROM එකක් භාවිතා කරලා පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් 2.3 අනුවාදනයකට යොමුවෙන්න.
4. SD card එක උදෙසා ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කිරීමට.
ඇන්ඩ්‍රොයිඩ් 2.1 පවා බොහෝ අසීරු කාර්යයක් තමා ඇප්ලිකේෂන් SD card එකට ඉන්ස්ටෝල් කිරීමට. එහෙත් custom ROM මගින් අවස්ථාව සපයනවා ඇප්ලිකේෂන් SD card එකට ඉන්ස්ටෝල් කිරීමට.
custom ROM හි අදුරු පැත්ත.
අනිවාර්යෙන්ම දැන ගියොත් කතරගම ..නොදැන ගියොත් අතරමග තමයි කියන්න තියෙන්නේ. ඔයාට ඇන්ඩ්‍රොයිඩ් පිළිබද , මෘදුකාංග භාවිතය ආදිය ගැන පළපුරුද්දක් නැත්නම් custom ROM ඉන්ස්ටෝල් කිරීමට යන්න එපා.
· ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ වගකීම් සහතිකය නැතිවයාම.
· ඇන්ඩ්‍රොයිඩ්l උපාංගයේ පවතින දත්ත සියල්ල මැකීයාම.(මෙයට නම් විසදුම් පවතිනවා)
· නිවැරදි custom ROM සොයා නොගැනීම.
ආදි කරුණු මූලික බලපෑම් ලෙස දැක්විය හැකිය.
Source = http://jivithayasinahawa.blogspot.com
මේක අවොත් අයේ කවදාවත් Drop Test බලන්න වෙන්නේ නෑ
අද දවසේ භාවිතා වන ස්මර්ට්ෆෝන් තිර පට (Screen Film) බොහොමයකම පිටත නිමවෙන්නේ indium tin oxide (ITO) වලින්. මේවා නිපදවීමට වැඩි වියදමක් හා සාමාන්‍යන් හීරෙන හා බිදෙන නිසා Ohio හි Akron විශ්
වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් නව තිර වර්ගයක් සොයාගෙන තිබෙනවා. මේ සොයාගත් නව තිරය නිසා නොදුරු අනාගතේ දී Screen එක repair කරන්න හෝ replace කරන්න අවශ්‍යතාවයක් වෙන්නෙත් නෑ, කුඩා දරුවෙකුට බය නැතුව තමන්ගේ ස්මර්ට්ෆෝන් එක දෙන්නට පුළුවන්, ලොකු මිළක් දීලා Screen Protector ගන්න ඕනෙත් නෑ. අවසාන වශයෙන් දැනට ස්මර්ට්ෆෝන් එකක් ගන්නකොට youtube එකෙන් Drop බලන්න ඕනෙත් නෑ. දැනට තියෙන ස්මර්ට්ෆෝන් තිර වලට වඩා රළු, නැමෙන සුළු වගේම අඩු වියදමකින් මෙය නිපදවිය හැකි බවත් දැනට තිබෙන Gorilla Glass හා Sapphire වලට වඩා මෙය බල සම්පන්න බවයි තමයි මේ පරීක්ෂකයින් පවසන්නේ. source = droidslk.com
Labels:
Mobile,
Technology
අලුතින් එන සිහින් Sony Xperia T3
Sony පරිශිලකයින් සදහා අලුත් Xperia ස්මාර්ට්ෆෝන් එකක් පසුගිය සතියේ Sony සමාගම නිවේදනය කළා. ඒ Sony Xperia T3 ජංගම දුරකතනය. මිලිමිටර් 7 කින් යුතු සිහින් බවින් යුතු Xperia T3 ස්මාර්ට්ෆෝන් එක වඩාත්ම ජනප්‍රිය කලු හා සුදු වර්ණ වලින්. Xperia T3 අගල් 5.3කින් යුතු තිරයකින්ද
720 x 1280 pixel resolution (HD) එකකින් සමන්විතයි. ඒ වගේම quad-core Qualcomm Snapdragon 400 processor එකක් හා 1GB රැම් ධාරිතාවකින් යුතු Sony Xperia T3 ස්මාර්ට්ෆෝන් එක 8GB අභ්‍යන්තර මතකයකින් (internal storage) යුතු වෙනවා. Sony හි Exmor RS sensor එකකින් යුතු megapixel 8 ක කැමරාවකින් Sony Xperia T3 සමන්විතයි. මධ්‍යම ප්‍රමාණයේ මුදලකට ස්මාර්ට්ෆෝන් එකක් හොයන අයට Sony Xperia T3 වැදගත් වනු ඇති අතර වෙළදපොලට නිකුත් වන දිනයක් ගැන නම් තවම දැනුවත් කර නැහැ. source = droidslk.com
Thursday, June 5, 2014
LG නවතම දුරකථනය - LG G3
Samsung සමාගමේ Galaxy S5 සහ HTC One M8 වලට පසුව LG වෙතින් 2014 වසරේ ඔවුන්ගේ මුලික smartphone එක නිකුත් කර තිබෙනවා. මෙය මුලින් සඳහන් කල දුරකථන දෙකට වැඩ බොහෝ ඉදිරියෙන් ඇති විෂෂාංග සහිතයි. අඟල් 5.5ක, 2560×1440 display එකක් (DPI of 538) සහිත මෙය මෙවැනි display එකක් සහිතව මුලින්ම නිකුත් වූ දුරකථනය බව සඳහන් කලයුතුයි.
13 megapixel කැමරාවක් සහිත මෙහි optical image stabilization නම් විශේෂන්ගයෙන්ද සමන්විත අතර infrared laser module එකක් මගින් ඉතාම වේගවත් autofocus සහිතයි. මෙමගින් වෙනත් කැමරා වලට වඩා ඉතාමත්ම ඉක්මනින් හොඳින් focused photos ලබාගත හැකියි.
Key Specifications*:
● Chipset: Qualcomm Snapdragon™ 801 (up to 2.5GHz Quad-Core)
● Display: 5.5-inch Quad HD IPS (2560 x 1440, 538ppi)
● Memory: 16/32GB eMMC ROM, 2/3GB DDR3 RAM / microSD slot (128GB max)
● Camera: Rear 13.0MP with OIS+ and Laser Auto Focus / Front 2.1MP
● Battery: 3,000mAh (removable)
● Operating System: Android 4.4.2 KitKat
● Size: 146.3 x 74.6 x 8.9mm
● Weight: 149g
● Network: 4G / LTE / HSPA+ 21 Mbps (3G)
● Connectivity: Wi-Fi 802.11 a/b/g/n/ac, Bluetooth Smart Ready (Apt-X), NFC,
SlimPort, A-GPS/Glonass, USB 2.0
● Color: Metallic Black, Silk White, Shine Gold, Moon Violet, Burgundy Red
● Other: Smart Keyboard, Smart Notice, Knock CodeTM , Guest Mode, etc.
මෙය ලබන ජුනි මාසයේ සිට ලොව පුරා ලබාගත හැකිබව LG වෙබ් අඩවිය සඳහන් කරනවා.
Source = droidslk.com
Skype හරහා සුද්දන්ට සිංහලේන් කතා කරන්න
අපි කවුරුත් දන්නවා දැන් Skype තියෙන්නේ Microsoft යටතේ කියලා. ඒ ගොල්ලෝ තමයි මේ වැඩේට ඇත ගහල තියෙන්නේ. මොකද්ද දන්නවද කරන්න යන වෙනස?
වෙන මොකවත් නෙවෙයි Skype වෙතින් Translator එකක් හදුන්වාදීමට තීරණය කොට තිබෙනවා. එක තමයි මේ වෙනසට හේතුව. තවමත් සංවර්ධන මට්ටමේ පවතින Skype Translator එක නුදුරු අනාගතයේදී ඔබට ඕනෑම භාෂාවකින් Skype හරහා කථාකිරීමට හැකියාව ලැබෙනවා.
පසුගිය අගහරුවාදා පැවති Code Conference තුළින් තමයි මේ හෙළිකිරීම කළේ. මේ ගැන කියලා තියෙන්නේ Microsoft නව CEO වන Satya Nadella විසින්.
“It is going to make sure you can communicate with anybody without language barriers,”
Source = droidslk.com
Subscribe to:
Posts (Atom)