Fenix1st මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු
Wednesday, July 2, 2014
ආරක්ෂාකාරී ස්මාර්ට් ෆෝන් එකක් Blackphone
අද වෙද්දි විවිධ විවිධ මාදිලියේ ස්මාර්ට්ෆෝන් වෙළදපොලට එනවා. ඒ වගේම වැඩ ගොඩක් කරගන්න පුලුවන් ඇප්ස් පවා අපි භාවිත කරනවා. කෙසේ වෙතත් මේවායේ ආරක්ෂක තත්ත්වය ගැන නම් අපිට සෑහිමකට පත්වෙන්න බෑ. බොහෝ විට අපගේ දත්ත පිටස්තර පුද්ගලයින්ට ලැබිමේ සම්භාවිතාව වැඩි බව ඔබ දන්නවා අැති.
විවිධ ආකාරයේ නව විශේෂාංග වලට මුල්තැන දෙන ස්මාර්ට්ෆෝන් නිකුත් වූවත්, එය භාවිත කරන අයට ආරක්ෂාකාරි ස්මාර්ට්ෆෝන් එකක් ලබාදිමට මුල්වෙන සමාගම් බොහෝම අඩුයි. නමුත් Blackphone කියන්නේ ඊට වඩා වෙනස් විදියේ ස්මාර්ට්ෆෝන් එකක්. ආරක්ෂාවට මුල්තැන දි නිර්මාණය වූ Blackphone මිලදි ගැනිමට අවශ්‍ය අය සදහා කලින් ඇණවුම් කිරිමට ඔවුන් දන්වා සිටියා. ඒ අනුව කලින් මාසයන්හිදි ඇණවුම් කළ අයට Blackphone ලබාදිමට සැලැස්විම මෙම සදුදා දිනයේ සිට සිදුව තිබෙනවා.
මෙය ඇන්ඩ්‍රොයිඩ් පදනම්වූ ස්මාර්ට්ෆෝන් එකක් වන අතර encrypt කිරිමකින් යුතුව voice, video හා messaging ඇප්ස් සියල්ලම පරිහරණය කළ හැකියි. ඒ වගේමයි මෙයට අප විසින් ඉන්ස්ටෝල් කරනු ලබන third-party apps අපගේ ස්මාර්ට්ෆෝන් එකෙහි සිදුකරන access කිරිම් ද පාලනය කළ හැකි වෙනවා.
මෙම Blackphone අනෙක් ස්මාර්ට්ෆෝන් වලට වඩා වෙනස් වන අන්දම TechCrunch වෙබ් අඩවිය සදහන් කළා. එම කරුණු පහතින්.
Frequent over-the-top security updates.
Silent Phone and Silent Text for secure, encrypted telephony and messaging.
Remote wipe feature for contact data.
User prompts to switch on local data encryption.
A bundle of third party security-focused services including SpiderOak secure cloud storage, VPN anonymised browsing via Disconnect, and Kismet’s Wi-Fi analyser product.
දැනට මෙය කලින් ඇණවුම් කළ අය අතර බෙදාදිම සිදුවන අතර අනෙක් පාරිභෝගිකයින් සදහා මෙම මස ජූලි 14 සිට Blackphone මිලදි ගැනිමට හැකියාව පවතිනවා. මෙය $629 (ලංකා මුදලින් රු.81958.70) වන බවයි වාර්තා වන්නේ.
මෙය ඇන්ඩ්‍රොයිඩ් පදනම් වූ PrivatOS නමැති මෙහෙයුම් පද්ධතියකින් සමන්විතයි. කලින් සදහන් කළ ආකාරයට මෙම ස්මාර්ට්ෆෝන් එකේ වැඩි වශයෙන් පරිශිලකයාගේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබ message කරන විට encrypt විමක් සිදුවෙමින් සුරක්ෂිත පණිවිඩ හුවමාරුවක් සිදු කළ හැකි වෙනවා. මෙය සිදුවන්නේ තවත් Blackphone උපාංගයක්ම භාවිත කරන , හෝ Silent Circle නමැති ඇප්ස් භාවිත කරන අය දෙදෙනකු හෝ වැඩි ගණනක් අතරයි.
ඒ වගේම ඔබ ඉන්ස්ටෝල් කරන ඇප්ස් ඔබේ address book, location, photo gallery යනාදිය access කිරිමට උත්සාහ කරන විට එය වැලැක්වමට ද හැකියාව පවතිනවා. මේ විදියේ විශේෂාංග ගණනාවක් අඩංගු Blackphone පරිශිලකයින්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කර නිර්මාණය කරන ලද්දක්.
මිට අමතරව නිර්නාමික ලෙස අන්තර්ජාල පරිශිලනය හෙවත් anonymous web browsing පහසුක ම මෙම ස්මාර්ට්ෆෝන් එක සතුයි. encrypted cloud storage එකක්ද ඔබට ලැබෙනවා. පරිශිලනය කරන ඔබේ ආරක්ෂාව සදහා තවත් පහසුකම් මෙයට අඩංගු වි ඇති බවට වාර්තා වෙනවා.
මෙහි දෘඩාංග ගැන සදහන් අවධානය යොමු කරමු. මෙය 720p IPS display කින් හා 2GHz quad-core Nvidia Tegra 4i SoC ප්‍රොසෙසරයකින් යුක්තයි. ඒ වගේම 1GB RAM ධාරිතාවක් හා 16GB storage එකක් සමන්විත Blackphone අමතර 128GB ප්‍රමාණයක් දක්වා microSD සහය දක්වනවා. පිටුපස කැමරාව 8 megapixel වන අතර 5MP ඉදිරිපස කැමරාවකින් යුක්තයි. Bluetooth 4.0, Wi-Fi, හා LTE සම්බන්ධතාවලින් Blackphone සමන්විත වනවා.
මිට අමතරව පරිශිලක ආරක්ෂාව තහවුරු වන අන්දමේ තවත් ඇප්ස් මෙය සදහා නිර්මාණය කරමින් පවතින බව වාර්තා වෙනවා.
Source - droidslk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment