Fenix1st මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු
Tuesday, July 29, 2014
Android Wear smartwatch එකෙන් Car එක පාලනය කරන්න
ඔයා තරුණ වියේ ඉන්න කෙනෙක් නම් හෝ මැදි වියේ ඉන්න කෙනෙක් නම් මතක ඇති ළමා කාලේදි බලපු ‘නයිට් රයිඩර්’ කතා මාලාව. මයිකල් නයිට් වගේ වෙන්න තිබ්බ නම් කියල එකවතාවක් හෝ ඔයා හීන මවන්න ඇති. ඒ මොකද මයිකල් නයිට්ගේ සගයා කිට් වගේ මෝටර් රියකට
අපිත් හින මැව්ව බව නම් නොරහසක්. මිට අවුරුදු 20කට පමණ කලින් නිපදවුනු ‘නයිට් රයිඩර්’ කතා මාලාවේ තිබුණු ස්වයංක්‍රිය මෝටර් රථය වන ‘කිට්’ වගේ පහසුකම් තියෙන මෝටර් රථ නිපදවිම දැන් කාලේ දකින්න පුලුවන්.
මේ අපි ඔබට කියන්නේ මෝටර් රථයක් හා ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය මුසුවුණු තවත් පුවතක් ගැන. Bnotions නමැති සමාගම විසින් නව ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් පසුගිය සතියේදි එළිදැක්වූවා. මෙය Android Wear ඇප් එකක්. මෙහි නම වන්නේ Tesla Command. මෙමගින් ඔබට පුලුවන් Tesla Model S ඉලෙක්ට්‍රික් කාර් එකට දුරස්ථව විධාන දෙන්න. හරියටම ඒ කාලේ අපි බලමු රූපවාහිනි කතා මාලාවේ මයිකල් නයිට් විසින් ‘කිට්’ දුරස්ථව පණිවිඩ දෙනව වගේ.
කාර් එකේ දොරවල් ලොක් කරන්න /අරින්න, මෝටර් රියෙහි හොර්න් එක නාද කරවන්න , sunroof එක අරින්න වහන්න ආදි දේවල් මෙම ඇප් එක ඔස්සේ දුරස්ථව කළ හැකි වෙනවා.මේ සියල්ලම කරන්න පුලුවන් වෙන්නේ ඔබගේ smartwatch එක හා සම්බන්ධ විමෙනුයි.
ඉදිරියේදි මිට වඩා වැඩි අංගයන් මෙම ඇප් එකට එකතු කිරිමට මෙම සමාගම බලාපොරොත්තු වෙනවා. අපි පුංචි කාලේදි හින මැව්ව ‘නයිට් රයිඩර්’ කතා මාලාවෙහි මෝටර් රථ වල අංගයන් ඇන්ඩ්‍රොයිඩ් හා අත්විදින්නට දැන් පුලුවන්කම ලැබි තිබෙන බව ඔබට පේනවා ඇති. Tesla Model S ඉලෙක්ට්‍රික් කාර් එකක් හා Android Wear smartwatch එකක් ඔබටත් තිබුණොතින් මෙම Tesla Command ඇප් එක ඔස්සේ ඔබටත් පුලුවන් මයිකල් නයිට් කෙනෙක් වෙන්න.
Source - droidslk.com
Labels:
Android,
App,
Technology
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment