Fenix1st මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු
Saturday, July 5, 2014
මෙවර Microsoft මාසික යාවත්කාලීන ගොනුව සමග IE සදහාද යාවත්කාලීන
සෑම මසකම දෙවන අඟහරුවාදා Microsoft සමාගම තම මෘදුකාංග සදහා වන මාසික යාවත්කාලීන ගොනුව නිකුත් කිරීමේ දිනය ලෙසට නියමිතව තිබෙනවා. පෙරදී ආයතනය එම යාවත්කාලීන ගොනුව පිලිබදව පූර්න විස්තරයක් එම ගොනුව
නිකුතුවට පෙරදී සිදු කලද මේ වන විට එය නවතා දමා තිබෙනවා. හානිකර මෘදුකාංග සැලසුම් කරන්නන්හට පහසුවෙන් එම දුර්වලතා පිලිබදව දැනුවත්වීමේ අවස්ථව නිරාවරනය වන බැවින් මෙම නව පිලිවෙතට පැමිනි බවටයි Microsoft සමාගම පැහැදිලි කර සිටින්නේ. දැනට නිකුත්ව ඇති තොරතුරු වලට අනූව පැවසෙනේ මෙවර ප්‍රධාන අංග 6කින් එම යාවත්කාලීන නිකුතුව සමන්විත වනු ඇති බවයි. Internet Explorer වෙතට පැමිනෙන්නට නියමිත යාවත්කාලීන සදහා "අතිශය වැදගත්" මට්ට්මේ ලෙසට කාන්ඬ ගතව පැමිනෙන්නට සැලසුම් ව ඇති යාවත්කාලින වලින් මෙමවර මාසික ගොනුව සමන්විත වනු ඇති බවටයි නිවේදනය වන්නේ. එම යාවත්කාලීනය IE7, IE8, IE9, IE10 හා IE11 ලෙසට වන සියලුම IE සංස්කරන සදහා වලංගු වන බවටයි විස්තර කෙරෙන්නේ.
Source - http://siriwansa.blogspot.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment