Fenix1st මගින් Samsung, Apple, Nokia, Sony, LG සහ Huawei වැනි ආයතන වල නව නිපයුම් ගැනද, Google, Microsoft වැනි ආයතන ගැනද, Android, Windows, ios වැනි මෙහෙයුම් පද්ධති වල නවතම විත්ති මෙන්ම නව තාක්ෂණික ලිපි බොහෝමයක් ඔබ වෙත ගෙන එන්නේමු
Thursday, September 4, 2014
Sense by Hello – ඔබටත් සුවබර නින්දක් අවශ්‍යද ?
නින්ද කියන්නේ දැන් කාලේ ගොඩක් දෙනෙකුට ප්‍රශ්ණයක්. කාර්ය බහුල ජීවිතයත් එක්ක ගොඩක් දෙනෙකුට සුවදායක නින්දක් ලබන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වුනත් ජවයෙන් පිරුනු දවසක් සඳහා සුව නින්දක් කියන්නේ අත්‍යවශය
කාරණයක්. ඔයාලගෙන් කීයෙන් කී දෙනාද ප්‍රාණවත්ව උදෑසන අවධිවන්නේ.
ඉතින් දැන් සුවබර නින්දකට උදව් වෙන අපූරු ගැජට් එකක් වෙළඳපලට ඇවිල්ලා. Sense කියලා හඳුන්වන මේ හුරුබුහුටි ගැජට් එක රබර් පිටි වලින් වෙලූ බෝලයක් වගෙයි බැලු බැල්මට පේන්නේ. ඔයා නිදාගෙන ඉන්නකොට ඔයාගේ ඇඳ ලඟ ඉදන් මුරකරන මේ ගැජට් එකට පුළුවන් ඔයාගේ නින්ද ගැන අවධානයෙන් ඉන්න වගේම බාහිර පාරිසරික සාධක ගැනත් ඇහැ ගහගෙනම ඉන්න.
Sense එක්ක එන පුංචි බෙහෙත් පෙත්තක් විතර වෙන සංවේදකය ඔබේ කොට්ටයට සම්බන්ධ කලාම ඒකට පුළුවන් ඔයා පෙරළෙන, හැරෙන, හුස්ම ගන්න, ශබ්ද කරන විදි ගැන දත්ත ලබාගන්න. ඒ දත්ත ඇඳ අසල තියෙන Sense වෙත Bluetooth හරහා යැවුවම එයාට පුළුවන් ඔයාගේ නින්ද ගැන අදහසක් ගන්න.
ඒ වගේම මේ උපරකණය iPhone හෝ Android දුරකථනයකට සම්බන්ධ කිරිමෙන් ඔබට පසුගිය දවසේ රාත්‍රීයේ ඔබේ නින්ද ගැන දැනගන්නට ඔබට පුළුවන්.
ඒ විතරක් නෙවෙයි ඔයාගේ නින්දට බාධා වෙන අධික ශබ්ද ගැනත් මේ යාළුවා කන් යොමාගෙනයි ඉන්නේ. ඒ කියන්නේ ලොකු ශබ්දයක් එහෙම ඇහුනොත් ඒක ස්වයංක්‍රීයවම record කරල උදේට ඔයාට අහන්න සලස්වන්න මෙයාට පුළුවන්. ඒ නිසා ඔයා රෑට ගොරවනවාද, එහෙමත් නැත්නම් ඔයත් එක්ක ඇඳේ එහාපැත්තේ කෙනාගේ ගොරවන සද්දේ ඔයාට බාධාවක්ද කියලා ඔයාටම බලාගන්න පුළුවන්.
දැන් කාලේ බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි උදේට ඇහැරුනාම කිවිසුම් යන එක. ඇත්තටම මේක වෙන්නේ සීතල නිසාම නෙවෙයි. ඔබ නිදාගන්න තැන අවට දූවිලිත් මේ ආසාත්මිකතා වලට හේතු වෙනවා. ඉතින් ඒ වගේ දූවිලි තියෙනවාද, ආලෝක මට්ටම වැඩිද කියලත් කියන්න මේ Sense ට පුළුවන්.
සමහර අයට උදේට ඇහැරෙනව කියන්නේ ගොඩක් අමාරු වැඩක්. හැබැයි ඔයා ලඟත් Sense එකක් තියාගත්තොත් උදේට ඇහැරෙන එක අමාරු වෙන එකක් නැහැ. සාමාන්‍ය alarm එකක් වගේ නෙවෙයි ඔයට ප්‍රබෝධමත්ව ඇහැරෙන්න පුළුවන් විදියට ඇහැරවන්නත් මේ උපරකණයට හැකියාව තියෙනවා.
ඇමරිකානු ඩොලර් 129ක මුදලකට වෙළඳපලට නිකුත් කිරිමට නියමිත මේ Sense උපරකණය මේ දිනවල Kickstarter වෙබ් අඩවිය හරහා $99 ක මිලකට මිලදී ගන්නට පුලුවන්.
මේ මොනව උනත් මේ ගැනත් කියන්නම ඕන. අපි මේ කොයිතරම් තාක්ෂණය ගැන කතා කරත් තාක්ෂණය දැන් අනවශ්‍ය තරමටම අපේ ජීවිත වලට ලංවෙලා කියලාත් හිතෙන්නේ නැත්ද? නින්ද වගේ ස්වභාවික ජීව ක්‍රියාවලියත් දැන් තාක්ෂණයට බාර දෙන්න අපිට සිද්ධ වෙලා. ඒක නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියලයි අපිනම් හිතන්නේ.
Source - syco.me
Labels:
Others,
Technology
Wednesday, September 3, 2014
SIM දාලා Call ගන්න පුළුවන් එකම අත් ඔරලෝසුව – Samsung Gear S
Smart Watch වෙළඳපලේ ඉහළින්ම සිටින්නේ Samsung සමාගමයි.හඳුන්වාදෙන ලද නව Samsung Gear S ඔරලෝසුවත් සමඟ ඒ කාරණාව තවදුරටත් ඔප්පු වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ජංගම දුරකථනක් නොමැතිව වුවත් මේ ඔරලෝසුව භාවිත කරන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබට SMS,
Notification ලබාගන්නටත් Calls ගන්නටත් කිසිදු ජංගම දුරකථනය අවශ්‍යතාවක් නැහැ.
වක්‍ර වූ අඟල් 2ක 360×480 resolution Super AMOLED තිරයත් මෙහි ඇති තවත් විශේෂත්වයක්. සරලවම කියනවා නම් Gear S කියන්නේ අතේ බඳින ජංගම දුරකථනයක්. මීට ප්‍රථම විවිධ සමාගම ගණනාවක් Smart අත් ඔරලෝසු නිකුත් කල නමුත් ඒවා ජංගම දුරකථනයක් සමඟ සම්බන්ධ කල යුතු වෙනවා. මීට අමතරව Bluetooth හා WiFi සම්බන්ධතාව ද මේ Gear S හි ඇතුලත්.
කුඩා 300mA බැටරියක් සහිත මේ අත් ඔරලෝසුවේ අභ්‍යන්තර මතකය 4GB වේ. තවද Dual Core 1.7 GHz ප්‍රොසෙසරයකින් හා 512MB Ram මතකයකින්ද IP67 දූවිලි හා ජල ප්‍රතිරෝධී පහසුකම් වලින්ද යුක්ත යි.
මීට පෙර නිකුත් වූ පැතලි තිරයට වඩා වෙනස් වක්‍ර තිරය නිසා වැලමිට වටේට එතුනු මේ අපූරූ ඔරලෝසුව ඔබේ අතට මනා පෙනුමක් ලැබෙන බවයි නිෂ්පාදකයින් පවසන්නේ. එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී වෙළඳපලට නිකුත් කිරීමට නියමිත Samsung Gear S හි මිල පිළිබඳවත් කිසිදු සඳහනක් නැහැ.
ලිපියේ සම්පුර්න අයිතිය : විමුක්ති ලියනගේ මහතා සතුවේ
Source - http://jivithayasinahawa.blogspot.com

Android,
Samsung,
Technology
Subscribe to:
Posts (Atom)