Tuesday, August 26, 2014

බිල් ගේට්ස්ගෙන් ජනපතිට පැසසුම්


ICTA ආයතනය විසින් ග්‍රාමීය ප්‍රදේශ වලට තොරතුරු තාක්ෂණ පහසුකම් සැපයීම සඳහා පවත්වාගෙන යන “නැණසල” ව්‍යාපෘතිය සඳහා බිල් ගේට්ස් හා මෙලින්ඩා ගේට්ස් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිිලියනක (රුපියල් කෝටි 13ක් පමණ) මුදලක් ප්‍රදානය කර තිබෙනවා.


එපමණක් නොවෙයි, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් ජනතාව සවිබලගැන්වීමට සහ විධිමත් සමාජ ආර්ථික සංවර්ධනයක් ශ්‍රී ලංකාව තුල බිහිකිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගෙන ඇති ක්‍රියාමාර්ග ලෝකයේ සෙසුනායකයන්ට ආදර්ශයක් බවත් Microsoft ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් ප්‍රකාශකර සිටියා.

දැනට නැණසල මධ්‍යස්ථාන 283ක් ලංකාව පුරා ක්‍රියාත්මක වන අතර ඒ හරහා දුෂ්කර ප්‍රදේශ වල ජනතාවට නොමිලයේ පරිගණක පහසුකම් හා අන්තර්ජාල පහසුකම් සපයනු ලබයි.

සෑම ජීවිතයකටම සමාන වටිනාකමක් ඇති බව විශ්වාස කරන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම එම දර්ශනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන නායකයෙකු වන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කාර්යභාරය අගය කරනු ලැබූ අතරම ඔහුගේ එම ප්‍රතිපත්තිය ලොව සියලු දෙනාට ආදර්ශයක් බව අවධාරනය කරනු ලැබූවා.
Source - syco.me

Monday, August 25, 2014

බයිසිකල් වෙනුවට දැන් හුරුබුහුටි Urban Glider



එදිනෙදා පොඩි පොඩි ගමන් යන්න සාමාන්‍යයෙන් අපි අපි යොදාගන්නේ පා පැදි වගේ දේවල්. ඒත් බයිසිකලය විශාල නිසා පහසුවෙන් එහා මෙහා ගෙනියන්න බැහැ. නැත්නම් රෝද සපත්තු, Skating board වගේ දේවල් වුනත් යොදාගන්න පුළුවන්. හැබැයි රෝද සපත්තු වලින් ගල් බොරලු තියෙන පාරක නම් ගමන් කරන්න ටිකක් අමාරුයි.

මේ ප්‍රශ්ණයට විසඳුමක් විදියටයි Urban Glider නිර්මාණය වුණේ. Austin Marhold විසින් නිර්මාණය කරන ලද මේ අපූරු බයිසිකලය කිලෝ ග්‍රෑම් 11ක් පමණයි බර වන්නේ. අඟල් 16ක තනි රෝදයක් පමණක් සහිත වුවත් මේ බයිසිකලයට තනිවම සමබර වීමේ හැකියාව තියෙනවා.

කෙසේ වුනත් මේ බයිසිකලය තරමක් අමුතු විදියටයි ධාවනය වෙන්නේ. ඒ කියන්නේ ඒ සඳහා වෙනමම පුහුණුවක් අවශ්‍ය වනවා. හැබැයි ඉතින් සාමාන්‍ය බයිසිලයක් වුනත් මුලදි සමබර කරගන්න අමාරුයි නේ.

Urban Glider බයිසිකලය මතින් පාද
සමබර කරලා ඉදිරියට යන්න ඔබට තරමක් ඉදිරියට නැඹුරු වන්නට සිදුවනවා. ඒ වගේම ඔබ පසුපසට බර වෙනවාත් සමඟ මෙහි වේගය අඩු වෙනවා. විවිධ පැති වලට නැඹුරු වීමෙන් ගමන් ගන්නා දිශාව වෙනස් වනවා. මේ බයිසිකලයට ගොඩවන්නට ඔබට කරන්න තියෙන්නේ තරමක් ඉදිරියට තල්ලු කරමින් පාද නියමිත තරන තබාගැනීමයි.



Glider සමබර වන්නේ ගුරුත්වාකර්ශණ මතයි. ඒ නිසා ඔබ ගමන්ගන්නා මාර්ගය සමබරතාවයට බලපාන්නේ නැහැ. ඒ නිසා තරමක පුහුණුවකින් පස්සේ එක එක වැඩ කෑලි දාන්න වුනත් පුළුවන්. 

මෙය සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන්නේ. පැයක පමණ සම්පූර්ණ බැටරි ආරෝපණයකින් පසුව පහසුවෙන්ම කිලෝ මීටර් 32ක පමණ දුරක් ධාවනය කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම උපරිම පැයට කිලෝමීටර් 20ක පමණ වේගයකින් ගමන් කරන්නටත් මේ ග්ලයිඩරයට හැකියාව තියෙනවා.

ඒ විතරක් නෙවෙයි ඔබේ ජංගම දුරකථන බැටරිය ආරෝපණය කරන්නටත් මේ හුරුබුහුටි යන්ත්‍රයෙන් හැකියාව ලැබෙනවා. කෙසේ වුනත් තවමත් මේ යන්ත්‍රය වෙළඳ පලට හඳුන්වා දීලානම් නැහැ.


Source - syco.me

Thursday, August 21, 2014

සිප ගැනීම පිළිබඳ ලියවී ඇති හා හෙලි වී ඇති අපූරු කරුණු කිහිපයක්



අද ගෙනාවේ නම් තාක්ෂණික තොරතුරක් නම් නෙමේ සිප ගැනිම පිලිබඳව කරුණු කිහිපයක්.
මිනිසා ආදරය හා ලෙන්ගතුකම දක්වන විවිධ විධික‍්‍රම තිබේ. ඒ අතරින් සිප ගැනීමට ප‍්‍රධාන තැනක් හිමි වේ. සිප ගැනීමට ද නොයෙක් කලාවන් ඇත. මේ සිප ගැනීමේ කලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බවද පැවසේ. 


සාමාන්‍ය අගයක් ලෙස මිනිසුන් ජිවිත කාලය තුල විනාඩි 20,160 ඔබ සිපගනිමින් කාලය ගත කරනවා.

පැරණි ඊජිප්ත වැසියන් සිපගනු ලබන්නේ මුවට මුව නොව නහයට නහය තබා.

50% පමණ ප‍්‍රමාණයක් වයස අවුරුදු 14 ට පෙර තම පළමු සිප ගැනීම කර තිබෙනවා.

සිපගැනීම නිසා දත් දිරායාම අඩු කරන අතර ඒ නිසා වැඩිපුර කෙල නිපදවීමෙන් දත් පිරිසිදු වේ.

චීන ජාතිකයන් පුහුණුවක් නොමැතිව හරි ආකාරව සිප ගැනීමට නොහැක.තවමත් ඔවුන් සිප ගැනීමට දක්ෂ නැත.

විනාඩියක සිපගනිමේදී කැලරි 26 ක ප‍්‍රමාණයක්  පිච්චි යනවා.

හදගැස්ම වැඩි වීමට සිප ගැනීම එක්තරා ව්‍යායාමයකි .

 ඔබෙගේ මොළයේ විශේෂිත ස්නායු මගින් රාත‍්‍රී අදුරේදී පවා එකිනෙකාගේ තොල් පෙති සොයා ගැනීමේ හැකියාව ලබා දෙයි .

සිප ගැනීමේදී බොහෝ දෙනාගේ හිස දකුණු පැත්තට බර වන බව අධ්‍යයනවලින් තහවුරු වී තිබේ.

ලොව වැඩිම වෙලාවක් සිපගෙන සිටීමේ වාර්තාව ඉශ‍්‍රයලයෙන් වාර්තා වේ. ඒ පැය 30යි විනාඩි 45කි.

16 වන සියවසේ නේපාලයේ හා ඉතාලියේ සිප ගැනීම මරණියදණ්ඩනය 
ලැබියහැකි වරදකි.
Source - http://jivithayasinahawa.blogspot.com


Wednesday, August 20, 2014

Facebook Messenger වල ඇති භායානකම



ලෝකේ කොහේ හිටියත් කවුරුවුනත් බැරක් ඔබාමා ට පස්සේ ලෝකේම දන්නා නම තමයි Facebook. Facebook විනාඩි 5 කට නැවතුණත් අන්තර්ජාතික හදිසි ඇමතුම් අංකයට (911) එන ඇමතුම් ප්‍රමාණය 3 ගුණයකින් වැඩිවන්නට හේතුවී තිබෙන බව ඔබ දන්නවාද?

ඒ කෙසේවෙතත් ඔබ දැනටමත් Facebook Messenger එක භාවිතා කරනවා වෙන්න පුළුවන්, නැත්නම් Facebook App එකෙන් ඔබට නිතරම notification එනවා ඇති Facebook Messenger Install කරගන්න කියලා.
ඔබ දැනටමත් Facebook Messenger භාවිතා කරනවා නම් App එක Install කරන විට ඔබ නොකියවා හෝ ගාණක් නැතුව ඔබෙන් අවසර ගත්තේ මොනවාටද කියා ඔබ දන්නවාද? ඔබ ඒ මොහොතේ අවසර දුන්නේ තවදුරටත් ඔබට පෞද්ගලිකත්වයක් නැහැයි කියන්නයි. පහත දෑ කියවා පැවසු දේ කුමක්දැයි හදුනාගන්න.
නව Facebook Messenger Install කරන විට ඔබෙන් අවසරලබාගන්නේ මොනවටද? (ඔබ දැනටමත් මේ සදහා අවසර ලබා දී තිබේද?)
• ඔබේ උපාංගයේ ඇති ගිනුම් පරික්ෂා කරන්න
• ඔබේ phone book එක පරික්ෂා කරන්නට
• ඔබ සිටින තැන හදුනාගැනීමට හෝ යන මාර්ගය සටහන් කරගැනීමට
• ඔබේ SMS කියවීමට වෙනස් කිරීමට හා ඒවා යැවීමට හෝ එවීමට
• ඔබේ දුරකතනයෙන් call ලබාගැනීමට හා ඇමතුම් අතීතය කියවීමට
• ඔබගේ Phone එකේ හෝ Memory Card එකේ ඇති දා වෙනස් කිරීමට ඉවත් කිරීමට
• ඔබගේ ඉදිරිපස කැමරාවෙන් හෝ පිටුපස කැමරාවෙන් ඕනෑම වෙලාවක ඔබට නොදැනීම පින්තුර ලබාගැනීම වීඩියෝ කිරීමට
• හඩ පටිගත කිරීමට
මේ දේවල් වලින් ඔබට ගැළවී සිටීමට නම් හොදම විසදුම මේ වැනි දේයින් අයින් වීම පමණයි. හැබැයි Facebook Messenger විතරක් නෙවෙයි සන්නිවේදනය කරන්න තියෙන එකම මාධ්‍ය. ඔබට පුළුවන් මෙවැනි දේට එකග නොවී වෙනත් සන්නිවේදන මාධ්‍යක් හරහා තොරතුරු හුවමාරු කර ගත හැකියි.
Source - droidslk.com

Sunday, August 17, 2014

iPhone 6 සමඟ තරඟයට ලෝහයෙන් නිමවූ Samsung Galaxy Alpha



ලාබ ප්ලාස්ටික් වලින් නිමවූ ජංගම දුරකථන වෙනුවට ලෝහ වලින් නිමවූ ප්‍රථම ජංගම දුරකථනය පසුගිය දා Samsung සමාගම විසින් නිකුත් කෙරුනා. Galaxy Alpha ලෙසින් නම් කරලා තියෙන මේ ජංගම දුරකථනය නුදුරේදී නිකුත් වීමට නියමිත iPhone 6 හා තරඟයට නිකුත් කරන ලද්දක්
විදියටයි හැඳන්වෙන්නේ. iPhone 6 හි මෙන්ම අඟල් 4.7ක තිරයක් සහිත මේ ජංගම දුරකථනයට 12 මෙගා පික්සල් කැමරාවක්ද ඇතුලත්.

ඒ වගේම මේ නව ජංගම දුරකථනයත් සමඟ සැම්සුන් සමාගම සිය දුරකථන Designs සඳහා අලුත්ම Flat Metal Design එකක් හඳුන්වා දීලා. එසේ වුනත් හැඩය නම් Galaxy S5 සමඟ බොහෝදුරට සමානකම් පෙන්වනවා.‍

Galaxy S5 හි අලුතෙන් හඳුන්වා දුන් WiFi හා LTE දෙකම එකවර භාවිත කල හැකි Download Booster, වැඩි බැටරි ආයුකාලයක් සඳහා උදව් වන Ultra Power Saving Mode වගේම Finger Print Scanner එකක් වැනි පහසුකම්ද ඇතුලත්.

මේ නව ජංගම දුරකථනය බලගැන්වෙන්නේ Octa Core (quad 1.8GHz and quad 1.3GHz) ප්‍රොෙසසරයකින් නිසා පහසුවෙන්ම 4K වීඩියෝ රූගත කිරීම සඳහා සහාය දක්වනවා. ඒ වගේම මෙය නිකුත්වන්නේ Android Kit Kat 4.4.4 මෙහෙයුම් පද්ධතිය සමඟිනි. කෙසේ වුනත් මේ වනතෙක් මේ වන Galaxy Alpha ජංගම දුරකථනයේ මිල හෝ වෙළඳපලට නිකුත් වන දිනය පිළිබඳව සඳහනක් නැහැ. නමුත් නිල නොලත් ආරංචි මාර්ග වලින් වාර්ථා වන පරිදි නම් Samsung Galaxy Alpha සැප්තැම්බර් මාසයේදී වෙළඳ පලට නිකුත් වනු ඇති.
Source - http://jivithayasinahawa.blogspot.com

Tuesday, August 12, 2014

5Tbps දත්ත වෙගයක් සාර්ථකව අත්හදා බැලේ


Technical University of Denmark (DTU) නිවේදනය කරන්නනේ තම පවතින තාක්ශනික තත්වයන් මතම තප්පරයකට ටෙරා බයිට පහක වේගයක් සහිත දත්ත සබදතාවයක් අත්හදා බලන්නට සමත්ව ඇති බවයි. ඔවුන්
පැහැදිලි කරන්නේ fiber optic cable හා laser transmitter වලින් සමන්විතව තමන් කල අත්හදාබැලීම් සාර්තක බවයි.  සාමාන්‍ය භාවිතාකරන්නෙකු සදහා නම් අනවශ්‍ය වේගයක් සහිත වනු  ඇති බවට බලාපොරොත්තු වන මෙම සාර්ථකත්වය 43 Tbps දක්වා දියුනු කිරීමේ හැකියාවක් වන බවටයි වැඩි දුරටත් පැහැදිලි වන්නේ.  ISPවරුන් සදහා නම් වැඩි සබදතා ප්‍රමානයක් සැපයිය හැකි වැඩි දත්ත ප්‍රමානයක් ලබා දිය හැකි මෙම දියුනු කිරීම ප්‍රයෝජනවත් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ක්‍රමයෙන් වැඩි වෙමින් ඇති දත්ත භාවිතාව සංසිඳවන්නට පහසුවක් වනු ඇති බවට බලාපොරොත්තුවන මෙම පැමිනීම තොරතුරු භාවිතාව පැතිරීමට පැහැදිලි සහයක් වනු ඇති බවට බලාපොරොත්තු වනවා.
Source - siriwansa.blogspot.com

Threshold සමග Cortana ද පැමිනෙනු ඇත



  Windows Threshold වෙතට හදාරන්නන් තබා ඇත්තේ මහත් බලාපොරොත්තුවකි. වඩාත් ශක්තිමත් නම්‍ය මෙහෙයුම් පද්ධතියක පැමිනීමක් පිලිබදව වන එම බලාපොරොත්තුව එලබෙන වසරේ අවසාන භාගයේ වන නිකුතුවක් සමග  ඵල දරනු ඇති බවටයි නොවිසිලිමත් කල් මැරීමේ ඉලක්කයව
ඇත්තේ. මෙම වසර අග භාගයේ ‘preview’ release එකක් ලෙසටද පැමිනීමක් පිලිබදව බලාපොරොත්තුවන Windows වල මීලග ප්‍රධාන සංස්කරනය පිලිබදව මේ වන විට විටින් විට කාරනා හෙලි වෙමින් තිබෙනවා. දැනට මත් හෙලිව ඇති තොරතුරු වලට අනූව distinctive new interface, virtual desktops, Charms bar overhaul වැනි අංගයන් පිලිබදව තොරතුරු කියවී ඇති අතර  Threshold ලෙසට වන ආයතනයේ අභ්‍යන්තර සංකේතනාමයකින් සංවර්ධනය වෙමින් ඇති එය සමග Microsoft හි ඩිජිටල් සහයකයා වන Cortanaද සංයුක්තව පැමිනීමේ ඉඩකඩ මේ වන විට හෙලි වෙමින් පවතිනවා. Windows Phone සමග ක්‍රමයෙන් මුදා හැරමින් ඇති මෙම අංගය භාවිතාකරන්නන්ගේ වඩාත් අවධානය ලබාගෙන ඇති බවටයි හෙලි වෙමින් ඇත්තේ. දැනට මසකට දෙවරක් පමන යාවත්කාලීන නිකුත් වෙමින් වේගයෙන් සංවර්ධනය වෙමින් ඇති මෙම app මෘදුකාංගයේ desktop සංස්කරන සමග භාවිතාකරන්නෙකුට වාචිකව මෙන්ම Text ආකාරයටද තොරතුරු සහය ලබා දෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Source - siriwansa.blogspot.com

Monday, August 11, 2014

Gmail තොරතුරු ඔස්සේ sex offender අත්වඩංගුවට



Microsoft නැතිනම් Google වැනි ආයතන හුදූ වෙළඳ අරමුනු ඔස්සේ පමනක් ක්‍රියාත්මකවිම ගැටලුකාරී විය හැකි යුගයකට අප එලබෙමින් සිටින්නෙමු. ලොව පුරා වෙසෙන බිලියන ගනනක භාවිතාකරන්නන්ගේ පෞද්ගලික , ව්‍යාපාරික , සමාජීය වැනි විවිධ
අවකාශයන් ඔස්සේ ඔවුන්ගේ මෙහෙයවීම් තීරනාත්මක වෙමින් තිබේ. තත්වය එසේ වන විට නෛතික, සදාචාරාත්මක වගකීම් වලින් ඔවුන් මග හැරීම ව්‍යසනයක් දක්වා බලපාන සාධකයක් විය හැක. Google ආයතනය වෙතින් පලවන නවතම පුවතක් හෙලි කර සිටින්නේ ඔවුන්ගේ ඊමේල් සේවාව භාවිතාකරන්නෙකු විසින්  child pornography හා සම්බන්දිත Email කිහිපයක් පිලිබදව ඔහුගේ Gmail වල inbox වෙතින් හමුවීමෙන් පසු Houston police department වෙතට දන්වා සිටින්නට කටයුතු කිරීමේ ප්‍රථිපලයක් ලෙසට එම පුද්ගලයා අත්වඩංගුවට ගැනීමට කටයුතු කොට ඇති බවයි. අදාල පොලිස් මෙහෙයුමේදී එම පුද්ගලයාගේ පරිගණකයේ  locally තිබූ ඡයාරූ කිහිපයක්ද සොයා ගන්නට සමත්වූ බවයි. Microsoft මෙන්ම Google පමනක් නොව FBI ආයතනයද  automated image scanning  ඔසේ නිරන්තරයෙන් අවධානයෙන් සිටීම සිදුවන අතර මෙම ආයතනයන් අතර එම තොරතුරු පිලිබදව සහයෝගයෙන් කටයුතු කරන බවටයි වාර්ථා වෙන්නේ.
Source - siriwansa.blogspot.com

Sunday, August 10, 2014

Yahoo හා Google එක්ව වඩාත් සුරක්ශිත Email සේවාවක් සදහා සූදානමක්


   තොරතුරු අවකාශය තුල හුවමාරු වන දෑ වල සුරක්ශිත භාවය පිලිබදව මෑත කාලීනව මහත්සේ ප්‍රශ්න කෙරින. රාජ්‍යමට්ටමින් තොරතුරු ‍රැස්කිරීම මෙන්ම ආයතනික මට්ටමින් තොරතුරු ‍රැස්කිරීම පිලිබදව නෙක අයුරින් චෝදනා නන්දෙසට එල්ලවීම බහුලවම සිදුවිනි. මේ වන විට
yahoo හා google ආයතනයන් දෙක එක්ව නව වඩාත් සුරක්ශිත email සේවාවක් ඇරබීම පිලිබදව කටයුතු කරමින් සිටීන බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා.  PGP එනම් ඊමේල් හුවමාරු කරගන්නන්ගේ උපාංග මතදීම encryption keys තැන්පත් වන මෙම ක්‍රමවේදය තුලදී එම ඊමේල් සේවා සපයන සර්වරයන් මතදීවත් ඒවා නිරාවරනය නොවන අතර භාවිතාකරන්නාහට වඩාත් විස්වාශය තැබිය හැකි සේවාවක් මේ තුලින් ලබා දෙන්නට හැකිවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එහෙත් මෙම ක්‍රම වේදය තුලදී password reset හැකියාවක් නැති වීම මෙන්ම වඩාත් කුඩා Email සදහා පමනක් හැකිවීම වැනි සීමා ජය ගැනීම සදහා මෙම ආයතන දෙකෙහි හදාරන්නන් එක්ව කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ. එලබෙන වසරේ දී අවසන් කිරීමේ ඉලක්කයක් ඇතිව සිදුවන මෙම ව්‍යාපෘතිය පිලිබදව විවිධ ආකාරයේ පක්ෂ මෙන්ම විපක්ෂ මත වාද පලවෙමින් ඇති අතර පසුගිය කාලයේ google වෙතින් සිදුවූ යහපත් කරුනු දක්වීමක් ඔස්සේ නීතියට අපරාධකරුවෙකු හමුවීම වැනි කාරනා හමුවේ තත්වය වඩා විවාදාත්මක වී ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ.
Source - http://siriwansa.blogspot.com

Saturday, August 9, 2014

HP ලැප්ටොප් නිපදවීමට අමතරව, ස්මාර්ට්-වොච් වලට හැරෙයි


දැනට අන්තර්ජාතික වෙළදපොළ නැබුරු වෙමින් පවතින්නේ Smartwatch වෙතටයි. ඒ සදහා සියළුම තාක්ෂණික ව්‍යාපාර වගේම දැනට ඔරලෝසු නිපදවන ව්‍යාපාර ද මේ සදහා සංවර්ධනය වෙමින් නොයෙක් දේ එලි දක්වනවා. මේ
සංකල්පය තාමත් ලෝකයට අලුත් එනිසා මේ නව අංගය වෙත යොමු කරගැනීම තමයි මේ සමාගම වලට තියෙන ප්‍රධානම ගැටළුව.
ඒ කෙසේවෙතත් ලෝකයේ හොදම ලැප්ටොප් නිපදවන සමාගමක් වන HP විසින් ස්මාර්ට්-වොච්සංවර්ධනය කිරීම සදහා යොමුවී තිබෙනවා. මේ සංවර්ධනය සම්පුර්ණ කිරීම සදහා ග්ලිට් (Gilt) නම් අන්තර්ජාල වෙළදසැල් ව්‍යාපාරයක් හා එක්ව කටයුතු කරනවා. ඒවගේම මේ ඔරලෝසු මෝස්තර නිර්මාණය වන්නේ මයිකල් බැස්ටියන් ගේ අතින්. ඔහු පවසන අන්දමට මේ Smartwatch මිලි මීටර් 44 ක මල නොබැදෙන වානේ රාමුවකින් හා මාරු කළ හැකි පටි වර්ග 4 කින්ද සමන්විතයි. ඒ පටි වර්ග වන්නේ කළු රබර්, දුබුරු ලෙදර් හා ඔලිව් කොළ පැහැයෙන් මෙලදී ගත හැකියි වගේම මේ සිමා සහිත ඔරලෝසු කට්ටලයක්ද නිපද වීමට නියමිතයි.

HP මෙය නිර්මාණය කරන්නේ ස්මාර්ට් විශේෂාංගද සමගයි. ස්මර්ට්ෆෝන් වෙත එන ඇමතුම්, මැසේජ් ඊමේල් පෙන්නුම් කිරීමටත් ස්මාර්ට්-ඔරලෝසුව හරහා සංගීතය වගේම වෙනත් App පාලනය කිරීමටත් හැකියාව තිබෙනවා.
Source - droidslk.com

Friday, August 8, 2014

0% සිට 100% දක්වා තත්පර 30න් Charge කරන්න



ස්මාර්ට්ෆෝන් භාවිත කරන උදවියට තියෙන ලොකුම ගැටලුවක් තමයි බැට්රිය ඉක්මණින්ම චාර්ජ් කිරිමට සිදුවිම. සතියක් වගේ කාලයක් චාර්ජ් කිරිමකින් තොරව භාවිත කළ හැකි ස්මාර්ට්ෆෝන් එකක් හොයගන්න එක නම් අද කාලේ අමාරු දෙයක්.


චාර්ජ් කරන්නත් ඔබට අවම වශයෙන් පැයකට වැඩි කාලයක් යන බව ඔබ දන්නවනේ. ඒත් ඔබට පුලුවන්නම් තත්ත්පර ගණනකින් ඔබේ ස්මාර්ට්ෆෝන් එක සම්පූර්ණයෙන්ම චාර්ජ් කරගන්න? ඔබ පුදුමයට පත්වුණාද? ඒ කතාව තවදුරටත් හිනයක් නම් නොවේ. Shawn West විසින් තමයි මෙම සොයාගැනීම සිදුකර තියෙන්නේ. ඔහු විසින් තත්ත්පර 26 කින් 0% සිට 100% දක්වා සම්පූර්ණයෙන්ම චාර්ජ් විමට හැකියාව ඇති AA, A, C හා D ප්‍රමාණයේ බැට්රි නිපදවා තිබෙනවා. West වැඩිදුරටත් සදහන් කරන්නේ ඔහු විසින් නිපදවා ඇති මෙම බැට්රි වල තාක්ෂණය භාවිත කොට ජංගම දුරකතන සදහාත් ගැලපෙන බැට්රි නිපදවිමට ඔහුට හැකියාව ඇති බවයි.

මෙම නැවත ආරෝපණය කළ හැකි ( rechargeable ) බැට්රි කිහිප වතාවක් නොව දහස් වාරයක් පවා නැවත ආරෝපණය කිරිමේ හැකියාව ඇති බවට ඔහු සදහන් කරනවා. මේ වනවිට Kickstarter ඔස්සේ ඔහුගේ මෙම බැට්රි ව්‍යාපෘතිය සදහා ආධාර පැතිම සිදු කොට තිබෙනවා. ඉදිරියේදි මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් තත්ත්පර 30කින් වගේ 0% සිට 100% දක්වා සම්පූර්ණයෙන්ම ජංගම දුරකතන බැට්රියක් චාර්ජ් කරගන්න පුලුවන් වේවි.
Source - droidslk.com

Thursday, August 7, 2014

WhatsApp දැන් Android Wear වලටත්


ලොව ජනප්‍රියම messaging app එකක් වන WhatsApp හි නව වෙනස්කමක් සිදු කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව නව WhatsApp ඇප් එක Android Wear සදහා සහය දක්වනවා. පළදින උපකරණ (Wearable Gadgets) සදහා ඇන්ඩ්‍රොයිඩ් වෙතින් නිර්මාණය කළ ඇන්ඩ්‍රොයිඩ්
සංස්කරණය වන Android Wear ගැන ඔබ මේ වන විටත් අවබෝධයක් ඇති යැයි අපි සිතමු. මෙම පහසුකම ලබාදිම තුලින් ඔබට Android Wear සහය දක්වන උපකරණ , උදාහරණයක් ලෙස ස්මාර්ට් ඔර්ලෝසු වැනි දේ සමග WhatsApp භාවිත කළ හැකි වෙනවා.

කටහඩ භාවිතයෙන් ඔබේ පළදිනා උපකරණයට ලැබෙන (Wearable Gadgets) WhatsApp පණිවිඩ වලට පිළිතුරු ලබාදිමද මෙමගින් සිදුකළ හැක . එසේත් නැත්නම් ඔවුන් විසින් ප්‍රොග්‍රෑම් කරන ලද පණිවිඩ ද ඔබට බාවිත කළ හැක (එනම් “Yes”, “No”, “HaHa” හා “LOL” යනාදිය)
Source - droidslk.com

Sunday, August 3, 2014

ඔබේ චර්යාව පාලනය කළ හැකි විස්මිත අත් වළල්ලක්




ඔබ කරන ව්‍යායාම් ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ඉලක්කයට ප‍්‍රමාණවත් නැද්ද සොයා බලා ඔබට පුංචි කම්පන ප‍්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව එයට තියෙනවා.


එහි නම පැව්ලොක් (Pavlok). ඔබේ චාර්යාව වෙනස් කර ඔබට ධනාත්මක මඟකට යොමු කිරීමට මේ වළල්ලට පුළුවන්.

මෙහි නිෂ්පාදකයන් බලාපොරොත්තු වෙනවා මේ විස්මයජනක නිපැයුම මේ වසර අග දී වෙළඳ පොළට දමන්න. 


මේ පැව්ලොක් වළල්ලට පුළුවන් ඔබේ චර්යාව අධ්‍යයන කර ඔබ ගන්නා ව්‍යායාම් ඔබේ සෞඛ්‍යය පවත්වා ගෙන යාමට මඳි නම් කම්පන ප‍්‍රහාරයක් මගින් ඒ බව ඔබට සිහිපත් කර දෙන්න.

”අප මේ සඳහා දැනටමත් ඩොලර් 100,000ක අරමුදලක් ඇති කරලයි තියෙන්නෙ, මේ නව නිපැයුම වෙළඳපොළට දමන්න. මෙම නිෂ්පාදනයෙහි පළමු වළලූ තොගය දෙන්නට යන්නේ අන්තර්ජාලය හරහා අප හා එක්වන අයටයි. ඒ සඳහා මහජන අරමුදලක් ඇති කරන්නට බලාපොරොත්තු වෙනවා.” යැයි මෙහි ප‍්‍රාරම්භකයා වූ මනීෂ් සේති (Maneesh Sethi) කියනවා.

”කම්පනයත් දීම ම නෙමෙයි මෙහිදී වැදගත් වෙන්නේ, ඔබ විසින් කළ යුතු දෙයට යොමුවීමට මොළය හුරු කිරීමයි, මෙහෙදී සිදු වන්නේ.” සේතී බොස්ටන් කොම් වෙබ් (Boston.com) වෙබ් අඩවියට කියා තියෙනවා.

මේ සඳහා මෙහි නිෂ්පාදන ආයතනය වෙබ් අඩවියක් ද නිර්මාණය කරල තියෙනවා. ”පැව්ලොක්, ඉතාමත් සරල වළල්ලක් වැනි අතේ පැලඳිය හැකි උපකරණයක්. එය පලඳින අයට වඩා හොඳ පුරුදු ඇති කර ගන්න උදවු වෙනවා.” කියලයි ඒ වෙබ් අඩවියේ සඳහන් වෙන්නෙ.

මනෝවිද්‍යාත්මකව පිළිගත් ක‍්‍රමවේදයන් යොදා ගෙන තමයි මෙය නිපදවා තියෙන්නෙ. කායික හා මානසික යෝග්‍යතාව, ඵලදායිතාව, පලඳින්නාගේ කාර්යක්ෂමතාව ආදියේ වර්ධනයට මේ අත්වළල්ල රුකුලක් වනවා නිසැක යැයි ශවුන් විශ්වාස කරනවා. මේ සියල්ල කරන්නේ ඉතාමත් සුළු මාත‍්‍රයක ‘ඉලෙක්ටි‍්‍රක් ෂොක්’ එකකින්.

මේ වළල්ල කි‍්‍රයා කරන්නේ කෙසේදැයි ඔවුන් හෙළිදරවු කර නැහැ. ඒක රහසක් හැටියටයි තියා ගෙන තියෙන්නෙ.

  මේ අදහස ස්ටැන්ෆෝඞ්වල දී ලත් අත්දැකීමක් මතයි. මේ වසරේ මෙය වෙළඳපොළට ඒවි.

අත්වළල්ල අතට දමා අතේ ප‍්‍රමාණයට සකසා අගුළු දා ගත්තෑකි. ඪට පස්සෙ වළල්ලෙන් ඔබට අවශ්‍ය උත්තේජනය දෙන්න විදුලි සැරයක් නිකුත් කෙරෙනවා.

Source - http://jivithayasinahawa.blogspot.com

IE 2014 මුල් භාගයේ අනතුරුදායකම බ්‍රවුසරය ලෙසට නම්වේ



   Browserයනු පරිගණකයක වැඩිම භාවිතාවක් ලබන මෘදුකාංගයකි. වේගය , ආරක්ශාව වැනි තීර්නාත්මක සාධක ඔස්සේ නිර්නය වෙමින් භාවිතයට පැමිනෙන බ්‍රවුසරයක  හැකියාව මේ වන විට හුදු වෙබ් පි‍ටුවක් විවෘතකරදිම ඉක්මවා බොහෝ දුරට විහිදී ඇත. බහුල භාවිතාවක් ලැබීම අනෙක් අන්තයේදී බහුල ඉලක්ක ගතවීමකි යන්න යලිත් සත්‍ය කරවමින්
පලවන නවතම වාර්ථාවක් පවසන්නේ IE යනු 2014 මුල් භාගයේදී වැඩිම හානිකර ප්‍රමානයකට විවරවූ බ්‍රවුසරය ලෙසට ගනනය වන බවයි. 2013 වසර හා සසදමින් ගොඩනගන ලද දෘශ්‍ය සටහනක් මත Office , Adobe Reader , Adobe Flash , Oracal Java , Google Crome, Mozilla Firefox වැනි අනෙකුත් බහුල ඉලක්කගතවන මෘදුකාංග කිහිපයකටම සසදමින් ඉදිරිපත්වන මෙම සටහනට අනූව IE හි මෙසේ කැපී පෙනෙන හානිකරයන් සදහා විවෘත වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරමින් සිටිනවා. මේ පිලිබදව පැහැදිලි කරමින් පැවසෙන්නේ තවමත් IE6 වැනි පැරනි සංස්කරන භාවිතය මෙන්ම යාවත්කාලීන නිකුත්වීම අවසන්ව ඇති XP ඔස්සේ පැමිනිය හැකි හානිකර බව මෙසේ ගනනය ඉහල අගයක් ගන්නට හේතුව ලෙසට සැලකිය හැකි බවයි. මීට අමතරව උපදෙස් ලැබෙන්නේ වෙබ් අඩවි අතර සැරීමේදී සමහර වෙබ් අඩවි යෝජනා කර සිටින add-on හෝ යම් මෘදුකාංග කොටස් ස්ථාපනයෙන් වැලකී සිටීම ඉතා වැදගත් වනු ඇති බවකි. මීට අමතරව හොඳ මට්ටමක ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනය කොට තබා ගැනීමේ අවශ්‍යතාවයද අවධාරනය වෙමින්  තිබෙනවා.
Source - siriwansa.blogspot.com

Saturday, August 2, 2014

Samsung Galaxy S4 දුරකථනයක් ගිනි ගනී



Samsung Galaxy S4 ජංගම දුරකථනයකට ගිනි ඇවිළිමේ පුවතක් ටෙක්සාස් වලින් වාර්තා වනවා. 13 හැවිරිදි Ariel Tolfree නම් තරුණියගේ ජංගම දුරකථනය මෙසේ ගිනිගෙන ඇත්තේ ඇය නිදා සිටියදීයි. ඇය නිදා සිටියදී ඇගේ කොට්ටයට යටවී තිබූ ජංගම දුරකථන අධික ලෙස රත්වීම නිසා මේ ගින්න
හටගෙන ඇත.


කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුම් සමාගම පවසන්නේ ඇගේ ජංගම දුරකථනයේ බැටරිය Samsung සමාගම විසින් නිෂ්පාදනය කරන ලද බැටරියක් නොවන බවයි. කෙසේ නමුත් යම් හෙයකින් ජංගම දුරකථනය කොට්ටයක් හෝ ඝන රෙදි වලින් ආවරණය වී තිබීම දුරකථන ගිනිගැනීම සඳහා හේතුවිය හැකි බවත් ඔවුන් පවසනවා. ඒ පිළිබඳව ජංගම දුරකථනය සමඟ ලබාදෙන අත්පොතෙහිද සඳහන් බවයි පැවසෙන්නේ.

 එසේ වුවත් සැම්සුන් සමාගම Ariel Tolfreeගේ ගිනිගත් ජංගම දුරකථනය වෙනුවට නව ජංගම දුරකථනයක් සමඟ කොට්ටයක් මෙට්ටයක් හා ඇඳ ඇතිරිලි පවා ලබා දීමටද එකඟ වී තිබෙනවා.

මේ සිදුවීම පිළිබඳව Fox News වාර්තා කල වීඩියෝව පහතින්…


Source - syco.me

Google Now Launcher දැන් හැමෝටම

Google විසින් සිය Google Now Launcher එක Android 4.1 (Jelly Bean) හා ඉහළ මෙහෙයුම් පද්ධති සහිත සියළුම ජංගම දුරකථන සඳහා නිකුත් කරනු ලැබුවා.


වඩාත් සරල හා වෙනස් රැසකට ලක් කළ හැකි මේ Google Now Launcher එක හරහා වඩාත් පහසුවෙන් Google Search හා Google Now භාවිත කල හැකියි. ඒ වගේම Search බටනය කිරීමෙන් හෝ “Ok Google” යන්න පැවසීමෙන් ක්ෂණිකව Google Search සිදුකරන්නට පුළුවන්.

ඒ අනුව මේ හඳුන්වාදීමත් සමඟ Android ජංගම දුරකථන අතුරින් 75%කට පමණ Google Now Launcher සහාය දක්වනු ඇත.


Source - syco.me

Smartshoes යුවලක් ඉන්දියාවෙන්


  පලඳින ආකාරයේ දත්ත උපකරන පිලිබදව ඇති උනන්දුව ඉමහත්ය. අනාගත දත්ත උපාංග වෙලඳ පොල මෙම පලඳින ආකාරයේ උපාංග දෙසට වන වැඩි ආකර්ශනයක් වනු ඇති බවට වන අනාවැකිවලට සාධක සපයමින් ඉන්දියානු සමාගමක් මේ වන විට smartshoes
යුවලක් වෙළඳ පොලට ගෙනෙන්නට සැලසුම් අවසන් කරමින් සිටී. ඉන්දියාවේ Ducere Technologies ආයතනය “The shoes are a natural extension of the human body,” පදනම මත සංවර්ධනය කර ඇති මෙම නිමැවුම පලදින ආකාරයේ අනෙකුත් දත්ත උපාංග සමග සැසදීමේදී වඩාත් ප්‍රායෝගික එකක් වනු ඇති බවටයි පවසා සිටින්නේ. මෙහි වන අංගයන් පහදමින් ආයතනය ගෙනෙන එක් සඳහනක් වන්නේ Bluetooth-enabled බව සමග app එකක සහයෙන් භාවිතාකරන්නාගේ smartphoneය ඔස්සේ අවශ්‍ය ගමනාන්තය ලබා ගන්නට සහය වෙමින් Google Maps වැනි සේවාවක සහය මත හැරෙන්නට අවශ්‍ය දිසාවන් දක්වමින් vibrate වන්නට නියමිත බවයි. මෙම හැකියාව දෛනික ජීවිතයේදී walk, jogහෝ run වැනි සියලු අවස්ථාවල් වලදී සහය වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. දෘශ්‍ය ආබාධිත අයවලුන් සදහා විශේෂිතව දියුනු කල තාක්ශනයක් ලෙසට මෙය දැක්වෙනවා.
Source - siriwansa.blogspot.com

Friday, August 1, 2014

USB සබඳතාවය පහසුව මෙන්ම Malware ගෙන ඒමේ අවධානමක්



  USB සබඳතාවය තොරතුරු ලෝකයේ බහුලතම භාවිතාවකි. Keyboard , Mouse වල සිට බොහෝ උපාංග පැමිනෙන්නේ USB සබඳතාවයක් සමග වීමට පහසු සම්බන්දතා හැකියාව මෙන්ම බොහොමයක් උපාංග සමග  USB කවුලු පැමිනීම හේතුවනවා විය යුතුය. පලවන
නවතම වාර්ථාවක් හෙලිකර සිටින්නේ මෙම USB සබඳතාවය පහසුවෙන් හානිකර කටයුතු සදහාද යොදා ගැනීමේ හැකියාවක් පවතින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ඔනෑම USB උපාංගයක් සමගම එන  controller chip පත සමග ඇති firmware වලට reprogrammed ඔස්සේ මෙම හානිකර බව ලබා දෙන්නට හැකි වන බවකි. මෙම ආසාධිත controller chips සහිත උපාංගයක් පරිගණකයට සම්බන්ද කල විට එය විසින් එම උපකරනයට සම්බන්දව ඇති අනෙකුත් USB සබදතා වල firmware වලටද මෙම Malware බව පැතිරවීම ඔස්සේ මෙම ආසාධිත බව පහසුවෙන් පැතිරවිය හැකි බවකි. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම හානිකර බව network card  වලට පිවිස පරිගණකයේ  DNS setting වල වෙනස්කම් දක්වා  වර්ධනය විය හැකි බවකි. එසේම Malware scanners ඔස්සේ මෙම හානිකර බව හඳුනාගන්නට නොහැකි බවත් ආසාධිත උපාංගයක් USB ඔස්සේ සම්බන්ද කල විට පරිගණකය එය හඳුනා ගන්නේ නව usb උපාංගයක් සම්බන්දවීමක් ලෙසට වන බවත්ය. තවමත් නිශ්චිත විසඳුමක් නැති ගැටලුවක් හැටියට මෙම අවධානම වර්ග කොට තිබෙනවා.

Source - siriwansa.blogspot.com