Samsung Galaxy S4 ජංගම දුරකථනයකට ගිනි ඇවිළිමේ පුවතක් ටෙක්සාස් වලින් වාර්තා වනවා. 13 හැවිරිදි Ariel Tolfree නම් තරුණියගේ ජංගම දුරකථනය මෙසේ ගිනිගෙන ඇත්තේ ඇය නිදා සිටියදීයි. ඇය නිදා සිටියදී ඇගේ කොට්ටයට යටවී තිබූ ජංගම දුරකථන අධික ලෙස රත්වීම නිසා මේ ගින්න
හටගෙන ඇත.කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුම් සමාගම පවසන්නේ ඇගේ ජංගම දුරකථනයේ බැටරිය Samsung සමාගම විසින් නිෂ්පාදනය කරන ලද බැටරියක් නොවන බවයි. කෙසේ නමුත් යම් හෙයකින් ජංගම දුරකථනය කොට්ටයක් හෝ ඝන රෙදි වලින් ආවරණය වී තිබීම දුරකථන ගිනිගැනීම සඳහා හේතුවිය හැකි බවත් ඔවුන් පවසනවා. ඒ පිළිබඳව ජංගම දුරකථනය සමඟ ලබාදෙන අත්පොතෙහිද සඳහන් බවයි පැවසෙන්නේ.
එසේ වුවත් සැම්සුන් සමාගම Ariel Tolfreeගේ ගිනිගත් ජංගම දුරකථනය වෙනුවට නව ජංගම දුරකථනයක් සමඟ කොට්ටයක් මෙට්ටයක් හා ඇඳ ඇතිරිලි පවා ලබා දීමටද එකඟ වී තිබෙනවා.
මේ සිදුවීම පිළිබඳව Fox News වාර්තා කල වීඩියෝව පහතින්…
මේ සිදුවීම පිළිබඳව Fox News වාර්තා කල වීඩියෝව පහතින්…
Source - syco.me
No comments:
Post a Comment