Saturday, February 28, 2015

Blogger තුල අසබ්‍ය දෑ පළකිරීම තහනම් කෙරෙයි



Google සිය blogging platform එක වන Blogger සදහා නව content policy එකක් හදුන්වාදී තිබෙනවා. ඒ අනුව මාර්තු මස 23 වැනිදා සිට Blogger තුල ලිගිකත්වය පිළිබිඹු කරනා කරනා පින්තූර, වීඩියෝ වැනි දෑ ප්‍රසිද්දියේ පළකිරීම තහනම් කර තිබෙනවා. ඊට සමගාමීව Reddit සමාජ ජාලයද මෙම තීරණයම ගෙන තිබෙනවා. මෙම policy එක කඩ කරන බ්ලොග් වල ඇති එම තහනම් අන්තර්ගතය හෝ එම පිටු ඉවත් කිරීමට තමන් කටයුතු නොකරන නමුත් සම්පුර්ණයෙන්ම එම බ්ලොග් එක බාහිර කිසිවෙකුටත් පිවිසිය නොහැකි වන ලෙස privert blog එකක් බවට පත්කිරීමට කටයුතු කරනා බව Google
වාර්තා කර තිබෙනවා. ඒ වගේම සාදාරණ හේතුන්මත සමාජයට යහපතක්වන අරමුණු ඇතිව පලකරන අධ්‍යාපනික, වාර්තාමය, විද්‍යාත්මක වැනි පලකිරිම තුල එවැනි ලිංගිකත්වය පිළිබිඹු කරනා දෑ එක් කිරීමට තමන් ඉඩකඩ ලබාදෙන බවත් එවැනි බ්ලොග් privert blog බවට පත් නොකෙරෙනු ඇතිබවත් Google වැඩි දුරටත් වාර්තාකර තිබෙනවා.
Source - http://www.technews.lk

Thursday, February 26, 2015

Google තම Flash ads ද HTML5 වීම ස්වංක්‍රිය කරයි

  YouTube වෙතින් පසුගියදා පැවසුනේ තමන් Adobe Flash ප්ලේයර් මුලික ක්‍රියාකාරිත්වයේ සිට HTML5 player මූලික ක්‍රියාකාරීත්වයකට හුවමාරු වෙමින් සිටින බවකි. පැමිනෙන නවතම තොරතුරු පැහැදිලි කරන්නේ ඔවුන් තම Google Ads Display Network තුලද Flash ads සිට HTML5 දක්වා වෙනස්වීම අරබා ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ mobile devices වල වැඩි වෙමින් ඇති
flash වෙත සහය නොදැක්වීමේ ප්‍රවනතාවය මේ සමග මග හරින්නට හැකි වනු ඇති බවකි. google ආයතනය September 2014 සිට මෙම හැකියාව මැනුවල් ආකාරයට ලබදී තිබූ අතර February 25 සිට එය ස්වංක්‍රීයව සිදුවන්නක් බවට පත්වන බවටයි එම ආයතනය විස්තරකර සිටින්නේ. ක්‍රමයෙන් ඉවත්වෙමින් යන Flash භාවිතාව තව දුරටත් වේගවත් කරන්නට මෙම පියවරයන්ද හේතුවනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ.
Source - http://itlk.us/

UK හදාරන්නන් 5G mobile තුල 1Tbps සාර්ථකව අත්හදා බැලේ

ලොව භාවිතාවතුල 5G networks සදහා බොහෝ දුරය. එනමුත් මීලග පරම්පරාවේ සබඳතා තාක්ශනය පිලිබදව හදාරන්නන්ගේ උනන්දුවේ නම් ඇත්තේ මහත් අවධානයකි. ගෙවී ගිය වසරේ Samsung නිවේදනය කරනු ලැබුවේ තමන් ස්ථාවර මට්ටමේදී 7.5Gbps වේගයකුත් 1.2Gbps වේගයක් (vehicle moving at 110kph) ධාවනය වන වාහනයක සිටත් සාර්ථකව අත්හදා බලන්නට සමත්ව ඇති බවකි. නමුත් මේ වන විට එක්සත් ජනපද Surrey සරසවියෙන් වාර්ථා වන්නේ තමන් 5G තාක්ශනය
තුලදී 1Tbps (one terabit per second) දක්වා සාර්ථව අත්හදා බලන්නට සමත්ව ඇති බවකි. එය දැනට භාවිතාවන 4G LTE සමග සැසදීමේදී 60000 ගුනයක වැඩි වීමකි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට fiber optics තුල අත්හදා බැලෙමින් ඇති මෙම වේගය තමන් ‍රැහැන් රහිත භාවිතාවක් තුලදී සාර්ථකව අත්හදා බලන්නට සමත්ව ඇති බවකි. තවමත් “in lab conditions” වලදී 11meters දුරක් තුල සාර්ථව ඇති මෙම දියුනු කිරීම 2018දී පමන හඳුන්වාදෙන්නට තමන් කටයූතු කරමින් සිටින බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ.
Source - http://itlk.us/

Net Neutrality බව යලි පෙරට

  මිනිස් වර්ගයා නිර්මාණය කොටගෙන භුක්ති විඳිමින් සිටිනා අපූර්වතම දෑ කිහිපය අතර Internet නැතිනම් අන්තර්ජාලය වෙත්ට ඇත්තේ මහත් වටිනාකමකි, ප්‍රායෝගික බවකි. මෙම නිර්මාණයේ විශ්වීය බව ‍රැකදෙන ප්‍රධානතම ලක්ෂනය වන්නේ එහි වන Net Neutrality බවයි. එනම් එය ක්‍රියාත්මක වීමේදී මූලිකව විද්‍යාත්මක පදනමක් ඇති කාරනා හැරෙන්නට ආයතනික හෝ ලාභය මත තීර්නය වන මැදිහත්වීම් වලට පැමිනෙන්නට ඉඩ කඩක් නොමැති වීමය. මිනිස් වර්ගය අත්පත්කර ගත් බොහෝ පූජනීය මට්ටමේ කාරනා වලට අවසානයේ අත්පත්වූ ඉරනම සැලකීමේදී මේ අපූර්ව
Internet ජාලය වෙතටද ගෙනෙන්නට උත්සාහ කල blocking, throttling හා paid prioritization හැකියාවන් ලබා දෙන නව rules අඩපනකර දමන්නට Federal Communications Commission වෙතට ගෙනවිත් තිබූ යෝජනා අද FCC තුලදී සම්මත වූ බවට වාර්ථා වනවා. ISP වරුන්හට ගෙවීම් යටතේ යම් අඩවි වෙතට ප්‍රමුක බව ලබාදෙන්නට , ඔවුනට සිතැගි පරිදි අඩවි වලකා ලන්නට ඉඩ ලැබීම් ප්‍රමුක Internet තුලවන ප්‍රධාන නිදහසේ ගලායාමේ හැකියාව පාලනය කිරීමේ අවස්ථාව පිලිබද තවත් උත්සාහයක් මේ අනූව වැලකෙන බවටයි පිලි ගැන්නේ.
Source -  http://itlk.us/

Sunday, February 15, 2015

Windows 10 Technical Preview for phones සමග Spartan ද ඇත

Windows 10 Technical Preview for phones සමග Microsoft හි නව දියුනු කිරීමක් වූ “Project Spartan” පැමින ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම ආයතනය Internet Explorer වෙනුවට වඩි දියුනු කල නව rendering engineය කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් තබා ඇති අතර IE දෙසට නිරන්තරයෙන් එල්ල වෙමින් ඇති slows down වැනි නෙක ආකාර ගත් චෝදනා සදහා විසඳුමක් රෙගෙන විත් ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. Microsoft සමාගම දැනටමත් ප්‍රකාශකර ඇත්තේ Spartan Windows 10
සියලුම සංස්කරන සදහා සමන් විතව පැමිනෙන්නට සැලසුම්ව ඇති බවත් එය නව web standards සමග මනාව සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව, දියුනු කර ක්‍රියාකාරීතය ඇතුලු වඩාත් සාර්ථක වෙබ් සැරියක් භාවිතාකරන්නා වෙතට ගෙනෙන්නට කටයුතු කරනු ඇති බවත්ය. මීලග Windows 10 for phones preview build පැමිනීම එලබෙන මාසයේ සිදු වනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.
Source - http://itlk.us/

ලොවපුරා බැංකු 100කින් $1 billion සොරා ගැනීමක්

 Kaspersky Lab වෙතින් පැමිනෙන නිවේදනයක් පැහැදිලි කරන්නේ වසර දෙකක් ඇතුලත ලොවපුරා පිහිටි බැංකු 100කට අධික ප්‍රමානයකින් $1 billionට අධික මුදලක් සොරා ගන්නට කටයුතු කිරීමක් හඳුනා ගන්නට සමත්ව ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ගනුදෙනු කරුවන්ගේ ගිනුම් ඔස්සේ නොව බැංකු පද්ධතිය වෙතට පිවිසීමක් ඔස්සේ මෙම පැහැර ගැනීම සිදුව ඇති බවකි. බැංකු සේවකයින් ලවා උපංක්‍රමිකව විවෘත කරගන්නා Email ඔස්සේ එම පද්ධතීන් වෙතට malicious software මුදා හැරිමෙන් බැංකුව internal networks හා video surveillance ඔස්සේ මෙම කටයුත්තට මග පාදාගෙන ඇති බවටයි විස්තර වන්නේ.මෙම
surveillance ඔස්සේ බැංකුවේ කටයුතු සිදුවන පිලිවල හදාරන්නටත් ATM සමග කටයුතු කරන ආකාරය ඔස්සේ dispense cash කරන්නටත් ඔවුන් කටයුතු කර ඇති බවටයි වාර්ථා වන්නේ. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ Interpol, Europol වැනි ආයතනයන් සමග සහයෝගයෙන් අපරාධ කරුවන් හඳුනා අගන්නට කටයුතු කරමින් සිටින බවත් ආයතනයන් හි අභ්‍යන්තරව ආරක්ශක ක්‍රමවේද කෙරෙහි දක්වන අඩු සැලකිල්ල බොහෝ විට මෙම ගැටලු වලට හේතුවන බවත්ය.
Source - http://itlk.us/

Sunday, February 8, 2015

Swatch වෙතින් Windows සහය smartwatch එකක්

Wearable devices තොරතුරු ලොකයේ අනාගත බලාපොරොත්තුවකි. 2018 වන විට එය $10 billion වෙළඳ පොලක් නිර්මානය කරනු ඇති බවටයි උපකල්පනය වෙම්නි ඇත්තේ. iOS හා Android මේ වන විටත් තම මෙහෙයුම් පද්ධති සමග මෙම වෙළඳ පොල වෙතට පිවිස ඇති අතර Windows වෙතින් පැමිනෙන නිකුතුවක් පිලිබඳව අවධානයෙන් පසුවනු පෙනේ. Swatch හි CEOවරයා වන Nick Hayek
පවසන්නේ එලබෙන තෙමාසය තුල NFC connectivity හා “won’t have to be charged” ආකාරයේ Windows සහය දක්වන මෙන්ම Androidද සහය දක්වන නව smartwatch නුකුතුවකට තමන් සූදානම් වන බවකි. උපාංගයේ බලගැන්වුම ගැන කුතුහලයක් ගෙනෙන මෙම නිකුතුව self-winding( Seiko’s ‘Kinetic’වැනි) solar-powered cells වැනි ක්‍රම වෙදයක් සමග එනු ඇති බවට අනුමාන වන අතර දැනට වෙළඳ පොල තුල පවතින හා අප්‍රේල් මාසයට නියමිතව ඇති Apple Watch සමග තරග කරන නිකුතුවක් වනු ඇති බවට බලාපොරොත්තු පලවෙනවා. Swatch ආයතනය පසුගිය දිනවල වැඩි බැටරි ආයුකාලයක් ගෙනෙන නව materials තාක්ශනයක්ද හඳුන්වාදෙන්නට කටයුතු කරන ලද අතර නව පැමිනීම නව අත්දැකීමක් සමග වනු ඇති බවට හදාරන්නන්ගේ බලාපොරොත්තුව වනවා.
Source - itlk.us

Google Talk අවසන්වේ. Google Hangouts ඉදිරියට

Google Talk නම් Google සේවාව වෙතට් සහය දැක්වීම එලබෙන සතිය වනවිට අවසන් වීමට නියමිත බවටයි නිවේදනය වන්නේ. Google ආයතනය පසුගිය වසරේදී Hangouts app වෙතට Google Talk, Voice හා SMS හැකියාවන් සංයුත්ත කරදමන්නට කටයුතු කරන ලද අතර Android හා iOS වෙතට
සමීප කරවන ලදී. desktop users පමනක් පෙර මට්ටමින්ම පවත්වාගෙන එන ලදී. February 16 පසුව ඔවුන් එම සේවාව ලබන්නට නම් Hangouts app මෘදුකාංගය Chrome වෙතට ස්ථානය වැනි විකල්පයකය යාමට සිදුවෙනු ඇති බවටයි පැහැදිලි කරන්නේ. කෙසේ නමුත් මොබයිල් මට්ටමේදී Google Talk වලට වඩා පහසු භාවිතාවක් Hangouts ගෙනෙන අතර වැඩි අවධානයක් ලබා ගන්නට සමත්වූවක් ලෙසටයි පැහැදිලි කෙරෙන්නේ.
Source - itlk.us

Thursday, February 5, 2015

සිම් නැතිව කතා කරන්න Google Connection එකක් ගමු


නිකමටවත් හිතිලා තියෙනවද ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් සිම් එකක් නැතිවත් කතාකරන්න පුළුවන් වෙයි කියලා. සමහර අයට හිතුනත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න කාලාන්තරයක් යාවි කියලා හිතන්න ඇති.

ඒත් ඔබ දන්නවාද ඒ දවස මේ වෙනකොට ලං වෙලා කියලා. හේතුව තමා අපි කව්රුත් දන්න Google


Google ආයතනය මේ දිනවල 'Nova'  කියන නමින් Wireless Cellular Network එකක් එලිදැක්වීමට කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒවගේම මේ වැඩේ පටන් ගන්න Sprint හා T-Mobile යන දුරකථන ජාල සබඳතා සපයන ආයතන මිලදි ගැනීමට Google ආයතනය සැරසෙන බවත් වාර්තා වෙනවා.

කොහොම උනත් Google ආයතනය ආරම්භ කිරීමට නියමිත 'Nova' දුරකථන ජාල සම්බන්ධතාවය Sprint හා T-Mobile සම්බන්ධතාවය ඇති ප්‍රදේශවල පමණක් ආරම්භ කිරීමට නියමිතයි. ඒ වගේම මෙහි විශේෂත්වය වෙන්නේ Nova සබඳතාවයට සිම්පතක් අවශ්‍ය නොවීමයි.

'Nova' සබඳතාවය එලිදක්වන දිනය හරියටම දැනුම් නොදුන්නත් ලගදීම ශ්‍රී ලංකාවටත් Nova Wireless Cellular Network එක ඒවි කියන බලාපොරොත්තුව අපිට තියාගන්න පුළුවන්.



වැඩි විස්තර සඳහා පහතින් ඇති වීඩියෝව නරඹන්න

Source - http://sinhala.asianmirror.lk

Wednesday, February 4, 2015

Phone සදහා Windows 10 Technical Preview ලගදීම

   Windows 10 වල phones සදහා වන Technical Preview build 8.15.12492.41 නිකුතුව මේ වන විට ආයතනය අභ්‍යන්තරිකව අවසන් වටයේ අත්හදා බැලීමේ මට්ටමින් තොරාගත් දහසක් දෙනා අතරට නිකුත්ව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මීලග පියවර වනු ඇත්තේ සාමාන්‍ය භාවිතාකරන්නන් අතරට එහි අත්හදාබැලීමේ පෙර සංස්කරනයක් පැමිනීම වනු ඇති බවට බලාපොරොත්තු වනවා. සියලුම උපාංග අතරට පැමිනෙන
Windows 10 මෙහෙයුම් පද්ධතියක් පිලිබදව Microsoft සමාගම බලාපොරොත්තු පලකර තිබූ අතර භාවිතාකරන්නන් අතරද මෙම නව නිකුතුවේ පැමිනීම පිලිබදව දැඩි උනන්දුවක් වන බවටයි පැහැදිලි වන්නේ. Microsoft සමාගම smartphone market වල බෙහෙවින් පසුගාමී ස්ථානයක තවමත් සිටින අතර සංක්‍යාත්මකව එය 3%ක තරම් අඩු අගයක වීම ආයතනය වෙතට අභියෝගයක්ව තිබෙනවා. ආයතනය Windows 10 සමග මෙම අභියෝගය සදහා සාර්ථකව මුහුන දෙන්නට උත්සාහ කරනු ඇති බවටයි බලා පොරොත්තුව වන්නේ.
Source - itlk.us

Google Play වලින් Adware-infected apps ඉවත්කල මුත් අවධනයෙන්

Nexus 5 භාවිතාකරන්නෙකු වූ Andrei Mankevich තම උපාංගයේ වන අක්‍රමිකතාවන් පිලිබදව සැලකිලි මත්වීමේදී හඳුනා ගන්නට ලැබෙන්නේ එහි malicious software වක් පවතින බවකි. ඔහු මේ පිලිබදව Avast වල forum සටහනක් තබන්නට කටයුතු කල අතර ක්‍රමයෙන් හෙලිවන්නට වූ තොරතුරු විසින් පැහැදිලි කෙරෙන්නේ මෙම හානිකරය Google Play Store
ඌසේ පැමින ඇති බවත් සාමාන්‍ය මට්ටමටත් වඩා හානිකර බවකින් එම Adware-infected apps ක්‍රියාත්ම වෙමින් සිටින බවත්ය. එහි වන malicious code ක්‍රියාත්මක වෙමින් දුරකථනය සංක්‍රීයකර වන හැම විටකම pop-up messages ඔස්සේ තව තවත් apps බාගත කර ගැනීම් වලට පොලබවාන් බවක් පෙන්වාදෙනවා. භාවිතාකරන්නාගේ තොරතුරු අනවශ්‍ය ප්‍රමානයකට ‍රැස්කරමින්ද මෙසේ බගත කර ගැනීම් වලට පොලබවනු ලබන apps අතර Russian card game, Durak කැපී පෙනෙන බවට පවසන හදාරන්නන් එය ten million වාර ගනනක් දැනටමත් බාගත්වීම් සිදුව ඇති බවට පෙන්වා දෙනවා. එම බාගත කර ගැනීමෙන් අනතුරුව දින කිහිපයක් හොඳින් ක්‍රියාත්මක වන මුත් පසුව performance degradation වැනි ලක්ෂනයන් ගෙනෙන්නට පටන් ගන්නා බවටයි හෙලි වන්නේ. ඔවුන් වැඩිදුරටත් පැහැදිලි කරන්නේ මෙහි වන සියලුම ads හානිකරයන් කරා යොමු නොකරන අතර සමහර ඒවා Google Play Store වල වන genuine security apps වෙතට්ද යොමු කරන්නට කටයුතු කරන බව දක්වනවා.Google ආයතනය දැනටමත් මෙම malicious apps ඉවත්කරන්නට කටයුතු කර ඇති මුත් ආසාධිත දුරකථන වෙතට තවමත් විසඳුමක් ලබා දී නැති බවටයි පැහැදිලි වන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ පසුගිය දෑ වසර සැලකීමේදී Google Play වල malware-infected apps පැමිනීම 388%ක වැඩිවීමක් දක්නට ලැබෙන බවටයි.
Source - itlk.us