Wednesday, July 30, 2014

ඔයාගෙ Java Phone එකටත් ඔන්න සුපිරි සිංහල Dictionary එකක්

මේ දවස්වල ඉතින් ජනප්‍රිය වෙලා තියෙන්නෙ Android Phone නේ.. ඒත් ඉතින් අපේ රටේ තවමත් Android Phone නැති අය ඕනි තරම් ඉන්නවා.. ඉතින් මෙන්න මේ Android
තාක්ෂණයට කලින් Phone වල ගොඩක් භාවිතා උනේ Java යන ක්‍රමය.. ඒ Phone වල Game , Software ආදිය Run වෙන්නේ Java හරහා තමයි.. ඔය Nokia, Sony Ericsson, Samsung වගේ පරන Phone වල තියෙන්නේ මෙන්න මේ කියන Java තාක්ෂණය..

ඉතින් අන්න ඒ Phone වල වැඩ කරන සුපිරිම සිංහල ඩික්ෂනරි එකක් තමයි අද දෙන්නේ.. ඔන්න පහළ Link එකෙන් බාගන්න.. 1.5 MB තමයි තියෙන්නේ..


Download

Source - http://kanapitamart.blogspot.com

Tuesday, July 29, 2014

Android Wear smartwatch එකෙන් Car එක පාලනය කරන්න


ඔයා තරුණ වියේ ඉන්න කෙනෙක් නම් හෝ මැදි වියේ ඉන්න කෙනෙක් නම් මතක ඇති ළමා කාලේදි බලපු ‘නයිට් රයිඩර්’ කතා මාලාව. මයිකල් නයිට් වගේ වෙන්න තිබ්බ නම් කියල එකවතාවක් හෝ ඔයා හීන මවන්න ඇති. ඒ මොකද මයිකල් නයිට්ගේ සගයා කිට් වගේ මෝටර් රියකට
අපිත් හින මැව්ව බව නම් නොරහසක්. මිට අවුරුදු 20කට පමණ කලින් නිපදවුනු ‘නයිට් රයිඩර්’ කතා මාලාවේ තිබුණු ස්වයංක්‍රිය මෝටර් රථය වන ‘කිට්’ වගේ පහසුකම් තියෙන මෝටර් රථ නිපදවිම දැන් කාලේ දකින්න පුලුවන්.

මේ අපි ඔබට කියන්නේ මෝටර් රථයක් හා ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය මුසුවුණු තවත් පුවතක් ගැන. Bnotions නමැති සමාගම විසින් නව ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් පසුගිය සතියේදි එළිදැක්වූවා. මෙය Android Wear ඇප් එකක්. මෙහි නම වන්නේ Tesla Command. මෙමගින් ඔබට පුලුවන් Tesla Model S ඉලෙක්ට්‍රික් කාර් එකට දුරස්ථව විධාන දෙන්න. හරියටම ඒ කාලේ අපි බලමු රූපවාහිනි කතා මාලාවේ මයිකල් නයිට් විසින් ‘කිට්’ දුරස්ථව පණිවිඩ දෙනව වගේ.

කාර් එකේ දොරවල් ලොක් කරන්න /අරින්න, මෝටර් රියෙහි හොර්න් එක නාද කරවන්න , sunroof එක අරින්න වහන්න ආදි දේවල් මෙම ඇප් එක ඔස්සේ දුරස්ථව කළ හැකි වෙනවා.මේ සියල්ලම කරන්න පුලුවන් වෙන්නේ ඔබගේ smartwatch එක හා සම්බන්ධ විමෙනුයි.

ඉදිරියේදි මිට වඩා වැඩි අංගයන් මෙම ඇප් එකට එකතු කිරිමට මෙම සමාගම බලාපොරොත්තු වෙනවා. අපි පුංචි කාලේදි හින මැව්ව ‘නයිට් රයිඩර්’ කතා මාලාවෙහි මෝටර් රථ වල අංගයන් ඇන්ඩ්‍රොයිඩ් හා අත්විදින්නට දැන් පුලුවන්කම ලැබි තිබෙන බව ඔබට පේනවා ඇති. Tesla Model S ඉලෙක්ට්‍රික් කාර් එකක් හා Android Wear smartwatch එකක් ඔබටත් තිබුණොතින් මෙම Tesla Command ඇප් එක ඔස්සේ ඔබටත් පුලුවන් මයිකල් නයිට් කෙනෙක් වෙන්න.
Source - droidslk.com

Sunday, July 27, 2014

උපත් පාලනයට චිප් එකක්

මයික්‍රොචිප්ස් ඔෆ් ලෙක්සින්ග්ටන් ඇමරිකානු සමාගමක් විසින් කාන්තාවන්ගේ සිරුරට ඉලෙක්ට්‍රෝනික චිපයක් ඇතුළු කර එමගින් උපත් පාලනය සිදු වෙන  නව ක්‍රමයක් හදුන්වා දී ඇත.2018 වසරේ දී මෙම උපකරණය වෙළදපොලට නිකුත් කිරීමට නියමිත ය.


තට්ටම්,යටි බඩ, හෝ උඩු බාහුව යන ප‍්‍රදේශ වල ශල්‍යකර්මයක් කර මෙම මිලිමිටර 20 20 7 ප‍්‍රමාණයේ චිපය සිරුරේ තැන්පත් කල යුතු ය.

චිපයේ ඉලෙක්ට්‍රෝනික පාලන පද්ධතියක් හා අමතරව කුඩා කුටි දෙකක්ද එම කුටි වල වෙළදපොලේ ඇති උපත් පාලන පෙති බොහෝමයක අන්තර්ගත ලෙවොනොර්ගෙස්ටෙ‍්‍රල් හෝමෝනය ද ඇතුළත් කර ඇත.කුටි විවෘත කිරීම හා වැසීම ඉලෙක්ට්‍රෝනික පාලන පද්ධතියෙන් සිදුවේ.ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියේ කි‍්‍රයාකාරීත්වය පාලනය කෙරෙන්නේ දුරස්ථ පාලකයක් මගිනි.

මෙය භාවිතා කරන්නාට තමන් ට අවශ්‍ය  ඕනෑ ම විටක දී දුරස්ථ පාලකයෙන් චිපයේ ඉලෙක්ට්‍රෝනික පද්ධතිය කි‍්‍රයාත්මක කර ඉලෙක්ට්‍රෝනික පාලන පද්ධතියේ බලපෑමට නතුවන කුටි විවර වී ලොවොනොර්ගෙස්ටෙ‍්‍රල් රුධිරයට එකතු වීමය.

කළලයක් රෝපණය වීම සදහා ගර්භාෂය පිළියෙල වීම වැළැක්වීම මගින්  අනවශ්‍ය ගැබ් ගැනීම් වැළැක් වීමට චිපයේ කුටීර වල ඇති ලෙවොනොර්ගෙස්ටෙ‍්‍රල් රුධිරයට එක් කිරිමෙන් උපත් පාලනය කර ගැනීමට හැකිය.එක් චිපයක් මගින් අවුරුදු 16 ක පමණ කාලයකට අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගනිමින් උපත් පාලනය සිදුකළ හැකිය.
Source - coolopen.lk


Saturday, July 26, 2014

සැම්සුන් ළමා ශ්‍රමීකයින් යොදාගන්නා බවට චෝදනා



සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගම, නීති විරෝධි ලෙස ළමා ශ්‍රමය යොදාගන්නා බවට චෝදනා එල්ලවූ චීන සැපයුම්කාර සමාගමක් සමග ව්‍යාපාර කටයුතු කිරීම තාවකාලිකව අත්හැරදමා ඇත.


මෙම චෝදනා තහවුරු වුවහොත් අදාළ ආයතනය සමග කටයුතු කිරීම සම්පූර්ණයෙන් නවතා දමන බව සැම්සුන්  සමාගම පවසයි.

ලොව විශාලතම තාක්ෂණ සමාගම වන සැම්සුන් පවසන්නේ China Labor Watch (CLW) නම් ආයතනය පළ කළ වාර්තාවක Dongguan Shinyang Electronics Company නම් චීන සමාගම වයස අවු. 16ට අඩු ළමුන් සේවයේ යොදවාගන්නා බව සඳහන්වීමෙන් පසු ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි.

CLW වාර්තාව පළවූදාට පසුදින නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ වාර්තාවක එම කර්මාන්ත ශාලාවේ සේවය කළ වයස අවු. 14 හා 15 බැගින්වූ දැරියන් තිදෙනකුගේ සම්මුඛ සාකච්ඡා ඇතුලත්ව තිබුනි.

නිව්යෝර්ක් හි පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් ප්‍රකාශකලේ ළමා ශ්‍රමය යොදාගැනීමට අමතරව වැටුප් ගෙවීම ප්‍රමාද වීම, අධික ලෙස අතිකාල සේවයේ යෙදවීම සහ නිසි සමාජ ආරක්ෂණයක් හා පුහුණුවක් නොමැතිවීම යන චෝදනාද ඇති බවයි.

සැම්සුන්  සමාගම පැවසුවේ මෙවැනි නීති විරෝධි ක්‍රියා වැලැක්වීමට ඉදිරියේදී තම සැපයුම්කරුවන් පිළිබඳව පරීක්ෂාකාරි වීම තවත් දැඩිකරන බවයි.

මේ අතර ඇපල් සමාගමේ සැපයුම්කරුවන් පිළිබඳ වාර්ෂික විගණන වාර්තාවේ, ළමා ශ්‍රමය යොදාගැනීම් 23ක් වාර්තා වී ඇත. එම ළමුන්ට වන්දි ගෙවා ඔවුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ඇපල් සමාගම අදාල සමාගම් වලට නියෝග කර ඇත.
Source -http://www.coolopen.lk

මයික්‍රොසොෆ්ට් සමාගමේ රැකියා කප්පාදුවක්


මයික්‍රොසොෆ්ට් සමාගමේ නව ප්‍රධාන විධායක සත්‍යා නඩෙලා ගේ ඵලදායිතාව ඉහල නැංවීමේ වැඩ පිලිවෙලට අනුව 18000ක් වූ සමාගමේ විශාලතම රැකියා කප්පාදුව ලබන වසරේ සිදු කිරීමට නියමිතය.


"අපේ අරමුණු වලට අනුව ආයතනය ගොඩ නැංවීමට නම් පළමු පියවර විය යුත්තේ ශ්‍රම බලකාය ප්‍රතිසංස්කරණය කිරීමයි. මෙය සිතෙ තබගෙන අපි අපේ ශ්‍රම බලකාය 18000කින් ලබන වසරේ අඩුකිරිම අරඹනවා." සත්‍යා නඩෙලා Business Insider සඟරාවට ප්‍රකාශ කරතිබුණි. 

මේ අනුව මයික්‍රොසොෆ්ට් ශ්‍රම බලකාය 14% කින් පමණ අඩුවනු ඇත.මෙම රැකියා කප්පාදුව ඉතාම පරීක්ෂාකාරීව සහ විනිවිදභාවයෙන් යුතුව සිදුකරන බවට නඩෙලා සහතික වූයේය.

"මේ ප්‍රතිසංස්කරණවලින් බලපෑම්වන සියළුම සේවකයින්ව අපි ඉවත් කරනවා. ඒ වගේම මාරුවීම්ද ලබාදිය හැකියි. සෑම සේවකයෙකුටම තමන් මේ ආයතනයට කළ සේවයට සරිලන සැලකිල්ලක් බලාපොරොත්තු විය හැකියි." ඔහු ප්‍රකාශ කලේය. 

සමාගම මීලඟ මාස 6 තුල පළමු සේවකයන් 13000 ඉවත් කිරීමටත්, වැඩි පිරිසකට සේවයෙන් ඉවත් කරන බවට නිවේදන ලබා දෙන්නටත් බලාපොරොත්තු වන බවත් වාර්තාවේ සඳහන්වේ.

"මේ අතර අපි නොකියා සමාගම හා එක්ව ඇරඹූ Nokia Devices and Services සමාගමෙන් නව වෘත්තීය හා කර්මාන්ත ශාලා සේවක රැකියා අවස්ථා 12500ක් පමණ නිර්මාණය වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා" එහි තව දුරටත් සඳහන්වේ.

පසුගිය වසරේ පාඩු ලැබූ පින්ලන්තයේ නොකියා සමාගම එහි ජංගම දුරකථන අංශයෙන් ඩොලර් බිලියන 4.7ක කොටසක් මයික්‍රොසොෆ්ට් සමාගමට පැවරීමට තීරණය කර තිබුණි. 

නොකියා සමාගම රටින් පිටට යාම රටට මහත් වේදනාකාරී වූවක් ලෙස  එරට අගමැතිවරයා දුටුවේය. ඔහු නොකියා සමාගම හැඳින්වූයේ 'පින්ලන්තයේ ආර්ථික ආශ්චර්යය' ලෙසය.

Nokia Devices and Services සමාගම එක්වීම  මයික්‍රොසොෆ්ට් සමාගමේ උපක්‍රමික ඉලක්කයක් බව නඩෙලා පැවසුවේය. ඉන්දියානු සම්භවයක් ඇති සත්‍යා නඩෙලා ප්‍රධාන විධායක තනතුරට පත්වූයේ පසුගිය පෙබරවාරියේ ස්ටීව් බෝල්මර් ගේ අනුප්‍රාප්තිකයා ලෙසය.

 ඊට පෙර ඔහු සමාගමේ පරිගණක වේදිකා සහ සංවර්ධන මෙවලම් අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කලේය.මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසා සිටියේ සමාගම මෙහෙයවීමට සත්‍යා නඩෙලාට වඩා සුදුස්සෙකු නැති බවයි.
Source - http://www.coolopen.lk


රෝල් කර ගෙන යා හැකි අපූරු තිරය


රෝල් කරගෙන ගෙනයා හැකි අපූරු රූපවාහිනී තිරයක් නිපදවීමට දකුණු කොරියාවේ එල්.ජී ඉලෙක්ට්‍රෝනික උපකරණ නිෂ්පාදක සමාගම සමත්ව තිබේ. අගල් 18 ක් පමණ වන මෙම රූපවාහිනී තිරය කඩදාසි කොළයක් සේ රෝල් කළ හැකිය. මෙම තිරය නිපදවීම සදහා එල්.ජී සමාගම දැනට පවතින උසස්ම තාක්ෂණික ක්‍රම භාවිතා කර තිබෙන අතර එනිසාවෙන්ම දැනට වෙළදපොළෙහි ඇති රූපවාහිනී තිර වලට වඩා ඉහළ විභේදන බලයක් හා දීප්තියක් මෙම තිර
යෙන් ලබාගත හැකියැයි සදහන් වෙයි. තිරයේ ප‍්‍රමාණය අඟල් 18 කට වඩා තවත් කොපමණ දුරකට විශාල කළ හැකිදැයි සොයාබැලීමට එල්.ජී. සමාගම පර්යේෂණ කරමින් සිටී. 2017 වසර වන විටදී මෙම තාක්ෂණය ආධාර කරගෙන නිපදවෙන රූපවාහිනී ඇතුලූ ඉලෙක්ට්‍රෝනික උපකරණයන් වෙළදපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි සමාගම විශ්වාස කරයි.
Source - http://www.gossipclanka.com

Friday, July 25, 2014

මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය ඒකීය එකකි -Microsoft CEO



මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය ඒකීය එකකි.-Microsoft CEO

  Microsoft හි CEOවරයා පවසා සිටියේ මීලග windows මෙහෙයුම් පද්ධතිය සමග app අවකාශය , UI ඒකීය බව පමනක් නොව මෙහෙයුම් පද්ධතිය තුලින්ම පැමිනෙන ඒකීය බව ස්තීර බවකි. අයතනය තුල Threshold ලෙසට නම් කෙරෙමින් හා බාහිරව windows
9 ලෙසට නම් දරමින් තවමත් සංවර්ධන මට්ටමේ තිබෙන මෙම Microsoft මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන සංස්කරනය එලබෙන වසරේදී නිකුතුවක් වනු ඇති බවටයි දැනට බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.
                 දැනටමත් මෙම තොරතුරු පලව තිබෙන ඒවා වූවද ආයතනයේ ප්‍රධානියෙකු විසින් කල එම ප්‍රකාශය ඔස්සේ වඩාත් තහවුරුවක් ලැබෙන බවට විචාරනට වෙමින් ඇති අතර වැඩි දුරටත් බලාපොරොත්තු වන්නේ එක මෙහෙයුම් පද්ධතියක් වූවද ස්ථාපනයේදී එම උපාංගයට වඩාත් හිතකර ලක්ෂන සංක්‍රිය වෙමින් සිදුවනු ඇති බවකි. Desktop ස්ථාපනයකදී start මෙනුව ප්‍රධාන Keyboard , Mouse සූදානම් ස්ථාපනයක් වනු ඇති නමුත් Tablet පරිසරයකදී ස්පර්ශක තිර මිත්‍ර ස්වභාවයන් හා Modern Screen මූලික බවකින් එය වනු ඇති බවට බලාපොරොත්තු වනවා.
Source - siriwansa.blogspot.com

Tuesday, July 22, 2014

Nokia සමාගම Android දුරකථන සැදිම නවතයි




මිට වසරකට පමණ පෙර සිට Nokia ජංගම දුරකතන සදහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය පැමිණි බව ඔබ දන්නවනේ. ඇන්ඩ්‍රොයිඩ් වලට ආසාවෙන් ඉන්න Nokia භාවිත කරන අයටත් මේ පුවත ඉතාමත්ම වැදගත් පුවතක් බවට පත්වුණා.

නමුත් අද දවසේදි නිල ප්‍රකාශයක් ඔස්සේ Microsoft සමාගම කියා සිටියේ මින් පසු Nokia හි ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන පෙළ වන Nokia X සදහා ඇන්ඩ්‍රොයිඩ් යොදාගැනීම සිදු නොවන බවයි. ඒ සදහා සුපුරුදු ලෙස Windows Phone මෙහෙයුම් පද්ධතිය යොදන බව සදහන් කරනු ලැබුවා.



Microsoft හි ප්‍රධානියෙකු වන Stephen Elop අද දවසේදි ඔහුගේ සේවකයින් වෙත ලිපියක් යවමින් කියා සිටියේ ඔවුන්ගේ ජංගම දුරකතන නිෂ්පාදන පද්ධතිය සදහා මිට වඩා අවධානය යොමු කළ යුතු බවත් ඒ සදහා අවශ්‍ය වන මිනුම් හා තොරතුරු ද සදහන් කොට තිබුණා. ඒ අතරම එහි සදහන් ළුූයේ පවතින Android මාදිලි වෙනුවට ඒ සදහා ඉදිරියේදි Windows Phone ඇතුලත් කළ යුතු බවයි.

Nokia X ඇන්ඩ්‍රොයිඩ් පෙලෙහි වර්ධනයක් සිදුවිමටත් පෙර මෙවැන්නක් සිදුවිම එක්තරා අන්දමට ගැටලු සහගත තත්ත්වයක්.ඒවගේම මිට මාස කිහිපයකට පෙර Nokia වෙතින් ඔවුන්ගේ දෙවැනි ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයත් නිල වශයෙන් නිවේදනය කළ බව අපි ඔබට කිවා.


එම ජංගම දුරකතනය කෙසේ වෙතත් මෙම මස අවසානයේදි ලෝකය පුරා වෙළද පොලට එකතු කරන අතර එම ජංගම දුරකතන මාදිලිය හා පැරණි Android Nokia X උපාංග සදහා සහය දිගටම Microsoft වෙතින් ලබා දෙන බවද සදහන් කර සිටියා. එහෙත් නව උපාංග නිපදවිමක් හෝ නව ඇන්ඩ්‍රොයිඩ් මාදිලි පෙලක් ඉදිරියේදි අපට දකින්නට ලැබෙන්නේ නැත.

ඔවුන් මේ වනවිටත් ප්‍රචලිත කරමින් යන Windows Phone මෙහෙයුම් පද්ධතිය Nokia ජංගම දුරකතන ඔස්සේ ඉදිරියට තවත් ප්‍රචලිත කරනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

We plan to drive Windows Phone volume by targeting the more affordable smartphone segments, which are the fastest growing segments of the market, with Lumia. In addition to the portfolio already planned, we plan to deliver additional lower-cost Lumia devices by shifting select future Nokia X designs and products to Windows Phone devices.

-Stephen Elop-
Source - droidslk.com

Facebook වෙත අලුතින්ම එක්වු විශේෂාංගය

Facebook කියන්නේ නිතරම වගේ වෙනස්කම් වලට බාජනය වෙන සමාජ ජාල වෙබ් අඩවියක්. හැමවිටම භාවිත කරන්නන් හට පහසුවෙන නව විශේෂාංග Facebook වෙතින් එක්කිරිමත් ලොව පුරා මෙම වෙබ් අඩවිය ජනප්‍රියතම වෙබ්
අඩවියක් බවට පත්වෙන්න හේතුවක් බවට පත්වෙලා තියෙනවා.
Facebook භාවිත කරත් සමහර විට ඔබ කාර්යබහුල කෙනෙක් වෙන්න පුලුවන්. Facebook එකේ ඔබට වැදගත් වෙන දෙයක් ඔබ එය දකින මොහොතේදි බලන්න අවස්ථාවක් නැත්නම් ඔබ මොකද කරන්නේ.එක්කෝ ලින්ක් එක කොපි කිරිමක් කර ගන්න ඕන. මේ වැඩේ ටිකක් අපහසු නිසා මෙයට පහසුවක් වෙන්න නව අංගයක් ඊයේ දිනයේදි Facebook වෙතට එකතු කොට තිබෙනවා.
ලින්ක්ස් , places හෝ music වැනි දේ Facebook තුල ඔබ දැක්ක ගමන් පසුවට බලන්න පුලුවන් වෙන්න “Save” නමැති නව විශේෂාංගයක් හදුන්වා දි තිබෙනවා. මෙම “Save” විශේෂාංගය පුද්ගලිකව ඔබට හැසිරවිය හැකි අතර ඔබ Save කරන විශේෂාංග මිතුරන්ට පෙන්විමක් සිදුවන්නේ නැහැ. එහෙත් ඔබට අවශ්‍ය නම් share කිරිමක් කළ හැකියි.

ඔබ දකින post එක තුල දකුණු පස ක්ලික් කිරිම තුලින් එහි ඇති “Save” විශේෂාංගය තේරිය හැකි වෙනවා. ඒ වගේම ඔබ කැමති pages ද save කළ හැකියි.

ඔබ පරිගණකයක් ඔස්සේ Facebook සම්බන්ධ වන කෙනෙක් නම් එහි වම් පස ඇති කොටසේ ‘Saved’ ලෙස ඇති විශේෂාංගය තේරිම තුලින් ඔබ විසින් save කර ඇති ලින්ක්ස් , ස්ථාන ….ආදිය බැලිය හැකියි.

ස්මාර්ට්ෆෝන් ඇප් එකක් ඔස්සේ සම්බන්ධ වෙන කෙනෙක් නම් “More” යන tab එක ක්ලික් කිරිම තුලින් ඔබ save කර ඇති දේවල් බලා ගත හැකිවෙනවා.

මෙම පහසුකම පරිගණකය ඔස්සේ Facebook සම්බන්ධ වෙන්නන්හට හා Android හා iOS භාවිත කරන්නන් හට ලබාදිමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා.
කාර්යයබහුල තත්ත්වයන් තුල Facebook එකට සම්බන්ධ වෙන අයට මෙම විශේෂාංගය බෙහෙවින් වැදගත් වනු ඇත. ඉදිරි දින කිහිපය තුල ලොවපුරා Facebook පරිශිලකයින්ට මෙම වැදගත් විශේෂාංගය අත්විදිමට හැකි වෙනු ඇත.
Source - droidslk.com


Monday, July 21, 2014

විදුලි පිරවුමකින් සැතැපුම් 25,000ක් යන්න පුළුවන් කාරයක්! පෘථිවියේ නිරක්ෂය වටා යන ගමනක් වගේ දුරක්!


විදුලි පිරවුමකින් සැතැපුම් 25,000ක් යන්න පුළුවන් කාරයක්! පෘථිවියේ නිරක්ෂය වටා යන ගමනක් වගේ දුරක්!

ප‍්‍රංශ සිසුන් පිරිසක් කාරෙකක් තනා තියෙනවා එක් විදුලි පිරවුමකින් සැතැපුම් 25,000ක් යන්න පුළුවන්. ඒක හරියට පෘථිවියේ නිරක්ෂය වටා යන ගමනක් වගේ දුරක්.

කාබන් තන්තුවලින් තනා ඇති මේ කාරය නම් කර තියෙන්නෙ මයික්‍රෝජූල්
(Microjoule) කියලයි. බර කිලෝමීටර 35ක් බරයි. ලන්ඩනයත් මැන්චෙස්ටර් නගරයත් අතර ඇති කිලෝමීටර 320ක දුර යන්න පැන්ස 12ක මුදලක් විතරයි වැය වෙන්නෙ.

ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වාහනය තෝරන්න යුරෝපීය ෂෙල් සමාගම පැවැත් වූ ඉකෝ-මැරතන් තරගයෙන් දිනුවේ මේ සුපිරි සැහැල්ලූ මොටෝ රියයි.


ප‍්‍රංශ සිසුන් පිරිසක් තැනූ මේ මයික්‍රෝජූල් කාරෙකෙන් එක ඉන්ධන ලීටරයකින් සැතැපුම් 25,000ක් යන්න පුළුවන්. ඒක හරියට පෘථිවියේ නිරක්ෂය වටා යන තරම් දුරක්.

නෙදර්ලන්තයේ රොටර්ඩෑම්වල ධවන පථයක පරීක්ෂණ ධාවනයකින් පසු විනිසුරුවන් මේ කාරයට ලීටරයකින් කිලෝමීටර 3,330ක් එනම් ගැලූමකින් සැතැපුම් 9,400ක් දුර යා හැකි බව සහතික කළා.

එනම් සැතැපුම් 24,901ක දුරක් ඩොලර් 26ක් වැනි මුදලක ඉන්ධනවලින් යා හැකි බවයි.

මේ මයික්‍රෝජූල් කාරය තනා ඇත්තේ බටහිර ප‍්‍රංශයේ නැන්ටේවල පිහිටි ලා ජොලිවරි විදුහලේ (La Joliverie College) සිසු පිරිසක්. පසුගිය සතියේ මේ තරගය සඳහා තරග කණ්ඩායම් 200ක් පමණ සහභාගි වුණා.


මේ මෝටර් රථය ඉන්ධන කාර්යක්ෂමතාව ලබා ගත්තේ උසින් අඩුකමත් වායුවට ප‍්‍රතිරෝධය අඩුවීමත් නිසයි. එහිදී ඇතිවන පහසුවෙන් ඇදී ගුණය නිසා නිදසුනක් වශයෙන් ඔබ රථය නැවැත්තුවද රෝදය තව ටිකක් වේලා නොනැවතී දුවනවා.


විනිසුරුවන් සහතික කළා මෙම රියට ලෝකය වටේ පුළුල්ම තැනින්, නිරක්ෂයේ දී සැතැපුම් 23.901ක් දුර ඩොලර් 26ක් වටිනා ඉන්ධනවලින් යත හැකි බව.

ෂෙල් සමාගම ඔවුන්ගේ මේ ව්‍යාපෘතියෙන් අන්තර්ජාතික සිසුන් දිරිමත් කරනවා පරිසරයට හිතකර වාහන නිපදවන්නට.

මයික්‍රෝජූල් කාරෙකක බර කිලෝ ග්රෑම් 35 (රාත්තල් 77) යුරෝපයේ සාමාන්‍ය පවුලේ මොටෝරියකට වඩා 33 ගුණයක් සැහැල්ලූයි.

චැසිය තනා ඇත්තේ තාබන් තන්තුවලින්. ඒ නිසා සැහැල්ලූ වගේම සවිමත් බවෙනුත් වැඩියි. එහි හැඩය වතුර බින්දුවක් වාගෙයි.

ගගන විද්‍යාත්මකව තනා ඇති නැහැය කොටස වර්ග අඩි 3.3ක්.

මේ කාරය සැලසුම් කර ඇත්තේ පැට්රල් හෝ එතනෝල් වලින් ධාවනය කර විය හැකි විධියටයි.

මේ මෝටර් රථය ඉන්ධන කාර්යක්ෂමතාව ලබා ගත්තේ උසින් අඩුකමත් වායුවට ප‍්‍රතිරෝධය අඩුවීමත් නිසයි. එහිදී ඇති වන පහසුවෙන් ඇදී ගුණය නිසා නිදසුනක් වශයෙන් ඔබ රථය නැවැත්තුවද රෝදය තව ටිකක් වේලා නොනැවතී දුවනවා.

ඇම්ස්ටර්ඩෑම් හොජ්ස්කූල් හී ශිෂ්‍යයන් ඔවුන්ගේ එච්2ඒ නම් විදුලි රියෙන් ධාවන වාර්තාවක් තැබුවා, කිලෝවොට් පැයකට සැතැපුම් 266ක් (කිලෝමීටර 428.5ක්) ධාවනය කරමින්. ඔවුන්ගේ ඒ හපන්කම අනුව පෘථිවියේ සමකය වටේ යන්නට ඔවුන්ට වැය වන්නේ පවුම් 16ක (ඩොලර් 27ක) විදුලි බිලක් විතරයි.

නගරයේ භාවිත කරන වාහන අතරින් ජයග‍්‍රාහකයන් වුණේ ප‍්‍රංශයයි. වයඹදිග ප‍්‍රංශයේ කොන්යැක්හි ලූයී ඩිලාජ් විදුහලේ කණ්ඩායම මෙහි දී ජයග‍්‍රහණය කළේ ලීටරයකින් කිලෝමීටර 468ක දුරක් යා හැකි කාරයක් නිපදවීමෙන්.


මේ මයික්‍රෝජූල් රිය තැනූ පිරිසේ එක් සිසුවෙක් කීවේ, ”මේ කාරයට අන්තර්දහන එන්ජිමක් තියෙන්නෙ, සාමාන්‍ය ඉන්ධනවලින් දුවන්නෙ.” කියායි.


මේ කාරය සැලසුම් කර ඇත්තේ පෙට්රල් හෝ එතනෝල් යොදා ධාවන කළ හැකි වන විධියටයි.


මෙහි චැසිය තනා ඇත්තේ කාබන් තන්තුවලින්. ඒ නිසා ඉතා සැහැල්ලූයි, ඒ වගේම ඉතා සවිමත්.
Source - malkakulu.com

Sunday, July 20, 2014

Android Phone වල තියන Sensors ගැන


Android Phone වල තියන Sensors ගැන
අද අපි කතා කරන්න යන්නේ Sensors (සංවේදක) ගැන. ඕගොල්ලොත් මේවා ගැන අහලා ඇති. සෑම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකම මේ  Sensors තියනවා.  විවිධාකාරයේ සංවේදක තිබෙන අතර දුරකථනයට විවිධ සේවා මෙමගින්
වෙනවා.

Sensor එකක් යනු කුමක්ද ?

එකක් යනු භෞතික රාශියක් පිලිබඳ (උශ්ණත්වය, වේගය,  . . ) යම්කිසි යන්ත්‍රයකට හඳුනාගත හැකි වන පරිදි  සංඥා නිකුත් කල හැකි උපකරණයකි.  වර්තමානයේදි මේ වෙනුවට විශේෂයෙන් සැකසූ සුසංගෘහිත පරිපථ (Intergrated Circuit) භාවිතා කරන අතර, බොහෝ සංවේදක සෑම නවීන දුරකතනයකම අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී ඇත.

Android දුරකථන වල ඇති Sensors වර්ග

Ambient Light Sensor - බාහිර ආලෝක සංවේදකය

මෙමගින් ෆෝන් එක ඇති අවට පරිසරයේ ආලෝක තත්වය අනුව ඩිස්ප්ලේ එකෙහි දීප්තිය ස්වයංක්‍රියව අඩු වැඩි කරනු ලබයි.

උදා:- හිරු එලිය වැඩි විටදී දීප්තිය වැඩි කිරීම.

මෙහි ඇති වාසිය වන්නේ සෑම විටකදීම එකම දීප්ති තාවය භාවිතා නොවන බැවින් බැටරිය ඉතුරු වීමයි.
මෙය බොහෝ විට High End Android දුරකථන වල ඇති පහසුකමකි.

Proximity Sensor - සන්නිකර්ෂණ සංවේදකය

වාහන වල ඇති රිවර්සින් සෙන්සරයකට සමාන වන මෙමගින් දුරකථනය ඔබේ සිරුරට කොතරම් සමීපව තිබෙනවා දැයි පරික්ශා කරනු ලබයි.

මෙමගින් දුරකතනය සිරුරට ඈත්ව තැබෙන විට ස්වයංක්‍රියව ඩිස්ප්ලේ එක අක්‍රිය කරන අතර අනවශ්‍ය ස්පර්ශ කිරීම් වලින් වලක්වයි. මෙය බොහෝ විට ෆෝන් එකේ උඩින්, එකට පැත්තකින් පිහිටා ඇත.

උදා: ඇමතුමක් අතරතුර දුරකතනයේ ඩිස්ප්ලේ එක අක්‍රිය වන අතර, නැවත ෆ්හුරකතනය මුහුණෙන් ඈත් කරන විට ඩිස්ප්ලේ එක ඔන් වන අයුරු දැක ඇති.

Accelerometer - ත්වරණ ආමාන සංවේදකය

Auto Rotation පහසුකම ක්‍රියාත්මක වෙන්නේ මෙම සංවේදකය මගිනි. මෙම සංවේදකය මගින් දුරකථනයේ පිහිටීම අක්ශාංස මගින් මනින අතර, දුරකථනයේ සුලු සෙලවීමක් පවා මෙයට හඳුනාගත හැකියි.

මීට අමතරව විවිධ ක්‍රීඩා සඳහා ද මෙය උපකාරි වෙනවා

Compass - මාලිමාව

සාමාන්‍ය මාලිමාවක මෙන් මෙයට චුම්බක උතුර සොයාගත හැකියි. GPS මෙන්ම විවිධ සිතියම් Apps වැඩ කරන්නේ මෙමගිනි.

Gyroscope

වැඩි දියුණු කරන ලද, පිහිටීම හඳුනා ගත හැකි සෙන්සරයකි. මෙහිදී කෝණික ගම්‍යතාවයේ (A/L කරන කොට ඉගෙන ගෙන ඇතිනේ) මූලධර්ම භාවිතා වන අතර, වඩාත් නිවැරදි වූ පිහිටීම් ඛණ්ඩාංක ලබා ගත හැකියි.

මීට අමතරව ඇතැම් ෆෝන් වල කැමරාවේ ඇති Image Stabilizer ක්‍රියාත්මක වෙන්නේ මෙම සංවේදකය ඇසුරෙනි.
Source - apiandroid

Saturday, July 19, 2014

iPhone 6 ගැන නව තොරතුරු


මෙම සැප්තැම්බරෙය්දී  iPhone 6 දුරකථනය වෙළඳ පළට නිකුත් කිරිම සඳහා සියලූ කටයුතු සුදානම් කර තිබේ. පවතින මතිමතාන්තර වලට අනුව එහි නිර්මාණය වෙනස් වනු ඇත.  ඇතැම් ආරංචි මාර්ග සදහන් කරන්නේ පාර්භෝගිකයන් හට අගල් 4.7 සහ 5.5 තිර වලින් මෙම දුරකථන සකසා ඇති  බවයි. පෙර මාදිළින් දෙස බලද්දී iPhone 4 හි අගල් 3.5 සිට iPhone 5 හි අගල් 4 දක්වා වැඩි විම හේතුවෙන් එය සත්‍ය විය හැකිය. මෙම තිරය විශාලනය වීම ඵලදරයි නම්, එමගින්
iPhone 6 දුරකථනය අනිකුත් වින්ඩෝස් සහ ඇනරොයිඞ් දුරකථනයන්ට ප්‍රමාණයෙන් සම විය හැකිය.  මෙම දුරකථනය වැඩි එහි ඝණකම 6පප හෝ 7පප පමණ වක අතර iPod touch සමග එහි ඝණකම සංසන්දණීයව ගැනේ.  iPhone 6 කුඩාම වර්ගය වෙළඳ පල සඳහා මේ සැප්තැම්බර් මාසයේදී පැමිණේන අතර 5.5 මෝඩලය මේ වර්ෂයේ අග හෝ 2015 මුල් අවධියේ  වෙළඳ පලට නිකුත් කරනු ඇත.

මුහුණුවර සහ ප්‍රධාන මතිමතාන්තර

Weibo නම් චීන වෙබ් අඩවියේ දුරකථනයේ මුල දර්ශක කොටස් ගැන අනියම් ලෙස පල වීම් සිදුවී තිබේ. කලින් මාදිළියේ තිබු තුනි මුහුණත හැර මෙම දුරකථනය පෙර මාදිලියේ තිබු ඉදිරිපස කැමරාව, ශ‍්‍රවණ ස්පිකරය, මුල් පිටු බොත්තම සහ ආලෝක සංවේදකය ආදී අංග මෙම දුරකථනයේද දක්නට හැකිය. කෙසේ වෙතත් දුරකථනය ඉතා පටු බැවින් කැමරා කාචය ඉදිරියට නෙරා ඇති බව පෙනෙන්ට පුළුවන. මීට තව හේතුවක් විය හැක්කේ මෙම වසරේ ඇති දුරකථන මාදිළීන් හි විශාල ප‍්‍රමාණයේ කැමරාද විය හැකිය. දුරකථනයේ හඩ පාලනය කරන බොත්තම කුඩා පෙත්තක් හා සම වේ. පහසු පරිහරණය සඳහා නිඳ‍්‍රාවට පත් කිරිම හා යළි පණ ගැන්වීම සඳහා ඇති බොත්තම දුරකථනයේ දකුණු පැත්තට වන්නට මාරු කර ඇත. මැයි මස නිකුත් වු ව්‍යාජ මාදිළිය වර්ණ දෙකකින් යුක්තවත්, සුමට කොන් සහිතවත්, ඇන්ටනාවක් සවි කළ හැකි විවරයක් සහිතවත් සහ ඇලූමිනියම් පිටුපස කවරය සහිතවත් නිමවී ඇත. ස්පීකර් විවරය ඇත්තේ දුරකථනයේ යට පසට පිහිටා ඇත. අනියම් ලෙස ප‍්‍රසිද්ධ වු ඡායාරූප වලින් දැක්වෙන පරිදි දුරකථනය අඵ, රිදි සහ රත්තරන් පැහැයෙන් යුක්ත වේ. දුරකථන විශේෂඥයින් හි කලාත්මකභාවය Google Nexus 5 හා Samsung Galaxy S5 දුරකථන මාදිළි හා සසදයි.  www.macrumors.com වෙබ් අඩවියට අනුව ව්‍යාජ මාදිළියේ පරිමාණය උස මිලිමිටර 138, පළල මිලිමිටර 124 සහ ඝණත්වය මිලිමිටර 7.6 වේ.

සෆායා ක්‍රිස්ටල් තිරය

Low Temperature Poly Silicon තාක්ෂණය ඇපල් සමාගම විසින් තවදුරටත් මෙම දුරකථනයේදී ද භාවිතා කරනු ඇතැයි සිතිය හැකිය. Indium Gallium Zinc Oxide (IGZO) හා සැසදු කල LTPS  තාක්ෂණය ඉලෙක්ට්‍රෝන සඵලභාවය අතින් නියමාකාර වෙනස ඉටු කරයි. දැනට පවතින Corning Gorilla විදුරුව වෙනුවට වඩා සුපැහැදිලි දැක්මක් ලබා දීමට දුරකථන තිරය සෆායා ක‍්‍රිස්ටල් වලට මාරු වෙනු ඇතැයි මතයක් ඵල වේ. ඇපල් සමාගම හා GT Advanced සමාගම් අතර දැනට පවතින අවබෝධතාවය හේතුවෙන් සාමාන්‍ය පිරිවැයකට වඩා අඩු පිරිවැයකින් මෙම සෆායා ක‍්‍රිස්ටල් තිර නිපදවිය හැකි යැයි සිතිය හැකිය. සෆායා ක‍්‍රිස්ටල් තිර අධික පිරිවැයක් වැය වන නිසා බොහෝ ජංගම දුරකථන නිෂ්පාදකයින් එයින් වැළකී සිටියි. 2014 ජනවාරි වල ඇපල් සමාගම Foreign Trade Zone Board සමාගම සමග යම් එකගතාවයකට එළඹ ඇති නිසාවෙන් ඇපල් සමාගම ඇපල් නිෂ්පාදන සඳහා වැදගත් අලූත් කොටස් අක‍්‍රමණශිලි කාළමානයක් සොයනු ලබනවා. එමනිසා විශ්ලේෂකයින් සිතනුයේ දුරකථනයේ වෙනස්කම එමනිසා සිදු වන බවයි. කාර්මික විශේෂඥයින් විශ්වාස කරන පරිදි මෙම විශේෂ කොටස යනු පුල පුල බලා සිටින iPhone 6 හි සෆායා ක‍්‍රිස්ටල් තිරයයි.

www.macrumors.com වෙබ් අඩවියේ සඳහන් වන පරිදි ගුගුල් හි නවනව හවුල්කරුවන්  GT Advanced විසින් සෆායා පද්ධති 518ක් මිලදී ගෙන ඇති අතර ඉදිරියේදී භාවිතාව සඳහා තවත් 420 ඇණවුම් කර ඇත. කෙසේ නමුත් විශ්ලේෂක Ming-Chi Kuo ට අනුව සිතන පරිදි අමුද්‍රව්‍ය හිගවීම, සෆායා දර්ශක සඳහා වන අධික පිරිවැය හේතුවෙන් නව iPhone 6 හි අගල් 5.5 මොඩලයේ තිරය විශාල තිරයක් සහිත දර්ශක භාවිතා තර ඇති බවයි.   පෙර iPhone 6  හි හැඩය තරමක වක‍්‍රාකාර ස්භාවයක් ගනු ඇතැයි යම් යම් මතිමතාන්තර පළ විය. නමුදු දැන් අසන්නට ලැබෙන තොරතුරු වලට අනුව මෙයටද ඇත්තේ iPhone 5 වලට මෙන් පැතලි තිරයක් බවයි. iPhone 6 දුරකථනය බරින් අඩු කිරිමට ප‍්‍රමාණයෙන් සිහින් සැහැල්ලූ මාදිලීන්  භාවිත කරනු ඇතැයි විශ්වාස කෙරේ. මෙමගින් අනෙක් කොටස් සඳහා ප‍්‍රයෝජනයට ගත හැකි ඉඩ වැඩි කර ගත හැකිය.

සකසනය ( Processor)

iPhone 6 වර්ථමාන හි Processor TSMC නැනෝ මිටර 20ක A8 චිපයකින් යුතුය. මෙය දැනට iPhone 5 හි භාවිතාවන බිට් අගට 64 නැනෝ මිටර A7 28වන චිපයට වඩා බෙහෙවින් කුඩාය. TSMC  හි නිෂ්පාදන වල බර අඩුකිරිමට එහි කොටසක් samsung සමාගම භාරගෙන ක‍්‍රියා කරයි. අලූත් චිපය මගින් දුරකථනයේ ක‍්‍රියාකාරීත්වය 30‍%කින් වැඩි කරනු ඇති අතර A8 නව චිපය quad quo බිට් 64කින් සමන්විත quad quo graphics පහසුකමින්ද යුක්ත වේ. කෙසේ වුවත් කාර්මික විශේෂඥයින් විශ්වාස කරන පරිදි නව A8 චිපයෙහි ram එක 1 gig පමණ වන අතර iPhone 5 හි A7 චිපයට වඩා දියුණුවක් නොදක්වයි. ඇපල් සමාගම Imagination Technologies සමාගම හා පැවති බලපත‍්‍ර එකගතාවය දිගුකර ඇති බවද සඳහන් කිරිම වටී. ISO කි‍්‍රයාකාරී විදුලි උපාංග විසින් භාවිතයට ගැනෙන විඩියෝ දෘඩාංග හා PowerVR graphics නිපදවන්නේ මෙම සමාගම විසිනි. එනිසා iPhone 6 දුරකථනයේ iPhone 5 හි භාවිතා කරන ලද Series6 graphics වලින් යුතු වීමටද ඉඩ ඇත. පැරණි මාදිළියන් හා සැසැදු කල Series 6XT PowerVR GPU  50%  ක ක‍්‍රියාකාරී වර්ධනයක් සහිත අංග තිබේ යැයි සිතිය නොහැකිය.

කැමරාව

පවතින මතිමතාන්තර වල අනුව  iPhone 6  කැමරාව  iPhone  5 කැමරා වල ඇති මෙගා පික්සෙල් 8 ක සෙන්සරය භාවිතා කරනු ඇත. කෙසේ වුවත් මීට අමතරව තවත් වැඩි දියුණ කිරීම්  iPhone 5 කැමරාවේ සිදු විය හැකිය.  iPhone 5 මාදිළියෙහි පැමිණි වැඩි පික්සෙල් ප‍්‍රමාණය හැම අතින්ම වඩ හොඳ තත්වය, විශාල විවරය හා වැඩි දියුණ කරන ලද තත්වයන්  iPhone 6 දුරකථන මාදිළියේ බොහෝ විට තිබිය හැකිය. OIS විශේෂයෙන් වැඩි දියුණු කරනු ඇතැයිද සැළකේ. ඡායාරූපයන් ගැනීමේදී චලනයන් හඳුනාගෙන ස්ථායි බව රැකගනිමින් හොඳ පිංතූරයක් ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණ OIS වන හඳුනාගත් InvenSense සමාගම සමග ඇපල් සමාගම ගිවිසුමකට එළඹ ඇත. InvenSense සමාගමේ උපකාර සහිතව  iPhone 6 දුරකථනයේ මෙම තාක්ෂණය ස්මපුර්ණයෙන්ම යොදා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. යම් හෙයකින් ඇපල් සමාගම සමාගම සමග ඇති ගිවිසුම අහෝසි වුවහොත් ඔවුන් ඉලෙක්ට්‍රෝනික ඉමේජ් ස්ටැබිලයිසරයක් භාවිතා කිරිමට ඇති ඉඩ කඩ වැඩි වන අතර එමගින් එය කැමරාවේ බඳට සම්පුර්ණයෙන්ම ඇතුල් කළ හැකි ඝණත්වයෙන් අඩු කැමරා කාචයක් සඳහා අවකාශය සලසනු ඇත.
Source - http://www.itdanuma.com


Friday, July 18, 2014

Selfie සදහාම වෙන්වූ හොදම smartphone එක


“Selfie” කියන වචනය ගිය වසරේදි Oxford ඉංග්‍රීසි ශබ්ද කෝෂයට ඇතුලත් වුණා. තනිවම හෝ යහලුවන් පිරිසක් සමග තමාවිසින්ම ලබාගන්නා ඡායාරූපයක් “Selfie” යනුවෙන් හදුන්වනවා. Selfies කියන දෙය අද උන්මාදයක් බවට පත්ව තිබෙන බව ඔබ කවුරුත් දන්නවා. කොහේ ගියත් selfie එකක් ගන්න නම් තරුණ තරුණියන් අමතක කරන්නේ නෑ. selfie
වලට ආදරය කරන හැමෝටම සුබ ආරංචියක් ගෙන එන්නයි මේ සූදානම.



selfie සදහාම වෙන්වූ හොදම smartphone එක යන නාමය යටතේ “the world’s best selfie smartphone” ජංගම දුරකතනයක් නිකුත් කිරිමට ලොව ප්‍රකටම Sony සමාගම කටයුතු කරනු ලැබුවා. මෙය Sony Xperia C3 ලෙස නම් කර තිබෙනවා. අගල් 5.5 කින් යුතු මෙම ස්මාර්ට්ෆෝන් එක අද ද නියේදි නිල වශයෙන් තායිවානයේදි නිකුත් කරනු ලැබුවා.

මෙහි මෙගාපික්සල් 8 ක කැමරාවක් පවතින අතර පුලුල් පරාසයක් ආවරණය කළ හැකි , ඉදිරි පස කැමරාවකින් යුක්තයි. Xperia C3 ස්මාර්ට්ෆෝන් එක 5MP පසුපස කැමරාවකින් සමන්විතයි. ඒ වගේම “soft LED flash” එකකින් යුතු මෙම ස්මාර්ට්ෆෝන් එකට දිවා රාත්‍රි ඕනෑම වෙලාවක හොදම ඡායාරූපයක් ඔබට ලබාදෙන්නට හැකියාව පවතිනවා. ඉදිරිපස කැමරාවෙහි Superior Auto mode පහසුකම වර්ධනය කළ පළමු Sony ස්මා්ර්ට්ෆෝන් එක බවට ද මෙය පත්වනවා.
හොදම තත්ත්වයෙන් යුතු selfie එකක් ගැනිම සදහා මෙම ස්මාර්ට්ෆෝන් එකට විශේෂ මෘදුකාංග කිහිපයක් ඇතුලත් කර ඇති බවයි Sony සමාගම පවසන්නේ. එනම් සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එකකට වඩා මෙහි ඇති කැමරා විශේෂාංග වැඩි අතර එමගින් ඔබට හොදම ආකාරයේ selfie එකක් ලබාගත හැකි වෙනවා.

මෙහි අගල් 5.5 ක LCD තිරයකින් හා 1280×720 resolution එකකින් පවතිනවා. එමෙන්ම quad-core Snapdragon processor එකක් සහිතයි.මිට අමතරව 2500-mAh බැටරි ධාරිතාවකින් යුතු Xperia C3 ස්මාර්ට්ෆෝන් එක selfie සදහාම වෙන්වූ පළමු ස්මාර්ට්ෆෝන් එක බවටද පත්වෙනවා.

Source -  http://www.droidslk.com

Facebook ඔවුන්ගේ ඇප්ස් සදහා නව lockscreen notification එකක් අත්හදා බලයි




Facebook කියන්නේ නිතරම වෙනස්කම් වලට බදුන් වන සමාජ ජාලයක්. ඔවුන් සෑමවිටම නව විශේෂාංග හා design රටාවන් පරික්ෂණය කරනවා. මෙය බොහෝ විට කරන්නේ පරිශිලකයින්ට ලබාදෙන්නට පෙර වන අතර පරික්ෂකවරුන් (testers) කිහිපයක් අතර මෙම විශේෂාංග පරික්ෂණයට ලක් කරනවා.


මේ වනවිට ලැබෙන ආරංචි මාර්ග අනුව Facebook ඔවුන්ගේ ඇප්ස් සදහා නව lockscreen notification එකක් අත්හදා බලමින් සිටින බව වාර්තා වෙනවා. මොවුන් විසින් පරික්ෂණය කරමින් ඉන්නේ Android L හි පෙන්නුම් කළ කාඩ් එකක ආකාරයට වන notification එකකුයි. ඉහතින් ඔබට පෙනෙනුයේ Facebook විසින් test කරමින් සිටින නව lockscreen notification එකේ පෙනුමයි.

මෙහි දැක්වෙන්නේ එක notification එකක් වන අතර ඔබට notification කිහිපයක් ආවොතින් එය අඩුක් කරන ලද කාඩ් ගොඩක් ආකාරයට එනම් stacked cards ආකාරයකින් පෙන්නුම් කරන බවටයි සදහන් වන්නේ.

Android L පෙනුම ඇති මෙම lockscreen notification නව විශේෂාංගය තවමත් පරික්ෂණය කරමින් සිටින බවට Facebook සමාගම තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත් මෙය වැඩිදියුණු වි Facebook ඇප් වලට එක් වේවිද නැද්ද යන වගනම් තවමත් නිශ්චිත නැහැ.
Source - droidslk.com

Thursday, July 17, 2014

Google හි smart contact lenses ව්‍යාපෘතිය ඉදිරියට



  Google හි  X team වෙතින් නිමවන ව්‍යාපෘතියක ලෙසට පසුගිය ජනවාරියේ ප්‍රතම වරට නිරාවරනය වූ භාවිතාකරන්නෙකුගේ glucose මට්ටම පිලිබදව නිරන්තරයෙන් අවදියෙන් සිටින contact lenses නිමැවුම සදහා license හා commercialize ගිවිසුමකට පිවිසෙන්නට තමන් Google
ආයතනය හා එකගහාවයකට පිවිසුනු බවට මේ වන විට Novartis ආයතනය නිවේදනය කොට තිබෙනවා. මිනිස් හිසකේ ගසකටට වඩා සිහින් ඇන්ටනාවක ඇසුරින් ක්‍රියාත්මක වන මෙම contact lens ඔස්සේ භාහිර උපාංගයකට ‍රැහැන් රහිත ලෙසට සම්බන්ද වීමට හැකි වන අතර භාවිතාකරන්නාගේ glucose levels පිලිබදව තොරතුරු සෑම තප්පරයකට වරක්ම හැදෑරෙමින් තොරතුරු නිකුත්කරන ලෙසට සකස්ව ඇති බවටයි කරුනු හෙලි වන්නේ. 2015 මුල් භාගයේ පලමු prototypes නිකුතුවකට ඉලක්ක ගතව ක්‍රියාත්මක වෙමින් ඇති මෙම ව්‍යාපෘතිය ඔස්සේ සාම්ප්‍රධායික වෛද්‍ය ක්‍රමය ඉක්මවා යන නව ආකාරයන් භවිතාකරන්නා වෙතට ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.
Source - http://siriwansa.blogspot.com

ප්‍රථම ප්‍රක්ෂේපණ Smartwatch නිකුතුව


  නෙක ආකාර ඔස්සේ භාවිතාකරන්නන් වෙතට දත්ත ලොකය ගෙන එමට නිෂ්පාදකයින් කටයුතු කරමින් සිටී. මෑතකදී දක්නට ලැබෙන ප්‍රවනතාවයක් වන්නේ smartwatch වෙත්ට ඔවුන්ගේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි. Google ආයතනය Android ware හඳුන්වා දෙමින් මේ ප්‍රවනතාවය සදහා සහය පල කරන විට Maicrosoft ආයතනය ඔනෑම Smart Phone එකක් සමග සහයෙන් කටයුතු කරන smartwatch එකක්
සදහා තම අවධානය යොමුව ඇති බවට ඉගි පල කලාය. මේ අතර Ritot වෙතින් පැවසෙන්නේ වඩාත් වෙනස් ආකාරයේ smartwatch නිකුතුවක් පිලිබදවයි.  එය time, caller IDs, text messages, social media updates, reminders, weather updates ආදී තොරතුරු ගෙනෙන අතර එම තොරතුරු තිරයක් මත දැක් වෙනවා වෙනුවට  ප්‍රක්ෂේපණයක් සිදුකරන බවකි. pico projector එකක සමග ක්‍රියාත්මක වන මෙම නිකුතුව භාවිතාකරන්නාගේ  සෞක්‍ය වෙතට කිසිදු අනතුරක් නැති බවට සහතික කරන අතර Sport හා Bracelet යන ආකාර දෙකකින් පැමිනෙන බවට නිවේදනය කර සිටිනවා. උසස් තත්වයයේ graphics හා  brightness හැකියාවක් සමග එන මෙය wireless charging හැකියාවෙන්ද යුත්ත අතර සංක්‍රීය මට්ටමින්( projection mode) පැය 150ක් ද සූදානම් මට්ටමින් (stand-by mode) දින 30ක කාලයක්ද ක්‍රියාත්මක වන බවටත් පවසන එම ආයතනය shaking කිරීම්ක් ඔස්සේ හෝ උපකරන සමග පැමිනෙන එකම touch sensitive button ඔස්සේ ක්‍රියාත්මක කිරීමට හැකි වන බවට පවසා සිටිනවා. vibration support බවින් යුත් මෙම නිකුතුව iOS, Android හා  Windows Phone සමග Ritot app එකක සමග ක්‍රියාත්මක වනු ඇති බවට පැහැදිලි කොට සිටිනවා. 2015 ෆෙබරවාරියේ නිකුතුවට නියමිත බවට පවසන මෙහි  මිල  $120 පමන වනු ඇති බවට බලාපොරොත්තු පලකොට සිටිනවා.

Source - http://siriwansa.blogspot.com

Saturday, July 12, 2014

Gmail දැන් සිංහලෙන්


ලෝකප්‍රකට සෙවුම් යන්ත්‍ර සමාගම වන Google ගේ ලොව පුරා ප්‍රචලිත විද්‍යුත් පණිවිඩ සේවාව වන ජී මේල් සේවාව සඳහා ඊයේ දිනයේ නවතම භාෂා 13 ක් එකතුකොට තිබේ. මේ අතරට සිංහල භාෂාවද ඇතුලත් වේ.

ඒ අනුව මේ වන විට සම්පූර්ණ අන්තර්ජාල භාවිත කරන්නන් අතුරින් 94%ක් ආවරණය වන පරිදි සිය සේවාවන් සැපයීමට
ගූගල් සමත්ව වී තිබේ. නව භාෂා 13ත් සමග ජී මේල් භාවිතා කල හැකි භාෂා ගණන 71 දක්වා ඉහලගොස් තිබේ.

ජී මේල් වෙත එක්වූ අලුත් භාෂා වනුයේ
Afrikaans, Armenian, Azerbaijani (Azeri), Chinese (Hong Kong), French (Canada), Galician, Georgian, Khmer, Lao, Mongolian, Nepali, Sinhala, Zulu යන භාෂා වේ.

ඒ අනුව දැන් ඔබටත් ඔබගේ ජී මේල් ගිණුම සිංහලෙන් භාවිතා කල හැකිය. ඒ සඳහා ඔබගේ ගිණුම සකස් කරගැනීමට පහත උපදෙස් පිළිපදින්න

ජීමේල් වෙත යන්න
දකුණු පසින් ඇති Settings ලකුණ වෙතගොස් click කරන්න.

ඉන් Settings තෝරන්න.
ඉහලින්ම ඇති “Gmail display language” මෙනුවෙහි “Language” යටතේ "සිංහල"තෝරන්න.
පහතින්ම ඇති Save Changes click කරන්න.

(ලිපිය උපුටා ගැනිම නෙත් fm)

Sunday, July 6, 2014

DDR4 හා ඉන්පසුව non Volatile දෙසට Ram තාක්ශනය චලනය වීමක්

  DDR3 මුල් සැලසුම්  කරලියට විත් ගතවයන සත්වන වසර ලෙසටයි ගනනය වන්නේ. 4K Video වැනි භාවිතාවන් සමග මතක භාවිතාව පිලිබදව පරිගනකයක ඇති වන අවශ්‍යතාවය සංසිඳවා ගන්නට Overclocking වැනි ක්‍රමවේද ඔස්සේද තව දුරටත් නොහැකි වන වටපිටාව තුල DDR4 මතක සංස්කරනයක් පිලිබදව ප්‍රධාන පෙලේ නිෂ්පදකයින්ගේ දැඩි අවධානය යොමුව
ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ."Double date rate(4th generation)" මූලිකව පෙර සංස්කරනය වූ DDR3 සමග සැලකීමේදී ක්‍රියාත්මකවන වේගය දෙගුනයකින් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. පෙර සංස්කරන වලින් එය වෙනස් වන අවස්ථාවල් අතර Different signalling voltage" ප්‍රධානව දැක්වෙන අතර "Different physical interfac" වලින් පෙර සංස්කරන වලින් වෙන්ව හඳුනා ගැනීමේ හැකියාවෙන් යුත්ත වනු ඇති බවටයි දැක්වෙන්නේ. 2014 අගභාගය වන විට හෝ 2015 මුල් භාගය වන විට වෙළඳපොල වෙතට පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම නිකුතුව අධික මිල ගනනින් යුත්ත වනු ඇති බවට අනුමානවෙමින් පවතිනවා. බොහෝ දුරට DDR4 වලින් පසුව DDR තාක්ශනය non volatile දෙසට චලනය වෙමින් වැඩි වේගවත් SSD වනි ස්වරූපයක් ගනු ඇති බවට හදාරන්නන් වැඩි දුරටත් යෝජනා කරමින් සිටින බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ.
Source - http://siriwansa.blogspot.com

Saturday, July 5, 2014

මෙවර Microsoft මාසික යාවත්කාලීන ගොනුව සමග IE සදහාද යාවත්කාලීන


 සෑම මසකම දෙවන අඟහරුවාදා Microsoft සමාගම තම මෘදුකාංග සදහා වන මාසික යාවත්කාලීන ගොනුව නිකුත් කිරීමේ දිනය ලෙසට නියමිතව තිබෙනවා. පෙරදී ආයතනය එම යාවත්කාලීන ගොනුව පිලිබදව පූර්න විස්තරයක් එම ගොනුව
නිකුතුවට පෙරදී සිදු කලද මේ වන විට එය නවතා දමා තිබෙනවා. හානිකර මෘදුකාංග සැලසුම් කරන්නන්හට පහසුවෙන් එම දුර්වලතා පිලිබදව දැනුවත්වීමේ අවස්ථව නිරාවරනය වන බැවින් මෙම නව පිලිවෙතට පැමිනි බවටයි Microsoft සමාගම පැහැදිලි කර සිටින්නේ. දැනට නිකුත්ව ඇති තොරතුරු වලට අනූව පැවසෙනේ මෙවර ප්‍රධාන අංග 6කින් එම යාවත්කාලීන නිකුතුව සමන්විත වනු ඇති බවයි. Internet Explorer වෙතට පැමිනෙන්නට නියමිත යාවත්කාලීන සදහා "අතිශය වැදගත්" මට්ට්මේ ලෙසට කාන්ඬ ගතව පැමිනෙන්නට සැලසුම් ව ඇති යාවත්කාලින වලින් මෙමවර මාසික ගොනුව සමන්විත වනු ඇති බවටයි නිවේදනය වන්නේ. එම යාවත්කාලීනය IE7, IE8, IE9, IE10 හා IE11 ලෙසට වන සියලුම IE සංස්කරන සදහා වලංගු වන බවටයි විස්තර කෙරෙන්නේ.
Source - http://siriwansa.blogspot.com

F1 සිට F11 දක්වා Keys වලින් කල හැකි දේවල් දැනගන්න


සැම පරිගණකයකම F1 සිට F2 දක්වා Keys තියනවා. එත් 80%ක් දෙනා දන් නැ මේවගෙන් මොනවද ඇත්තටම වෙන්නේ කියල . මේ වලට කියන්නේ Function keys කියල. මේවගෙන් අපිට ගොඩක් කෙටි විදිහට වැඩ කරගන්න පුළුවන්. නමුත් ඒ රාජකාරි  මෘදුකාංගයෙන් මෘදුකාංගයට විවිධාකාරයි. ඔබ එක් එක් යතුරෙන් වන්නේ කුමන කාර්‍ය දැයි නිසියාකාරව දන්නවානම් වැඩි
ඵළදායිතාවයකින් පරිගණකය හැසිරවීමට ඔබට හැකි වේවි.
කියවලම බලන්නකෝ එහෙනන්.

F1
සෑම මෘදුකාංගයකම පාහේ දක්නට ඇති Help පිටුව විවෘත කරගැනීමට.
වින්ඩෝස් යතුර සමඟ F1 එබූ විට Windows help and support center විවෘත කරගත හැකියි.
F2
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුළදී සිලෙක්ට් වී ඇති ෆෝල්ඩරය රීනේම් කිරීම සඳහා.
F3
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුළ ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් සර්ච් කිරීමට ඇති පහසුම ක්‍රමය මෙයයි.
බොහෝ බ්‍රවුසර් වල Find විධානය ක්‍රියාත්මක කර ගැනීමය.
F4
බොහෝ දෙනා භාවිත කරන ලෙසටම Alt+F4 මගින් දැනට ඇති ඇක්ටිව් වින්ඩෝ එක වසා දැමිය හැකියි.
සියළුම වැඩසටහන් වසා දමා ඇත්නම් shut down මෙනුව ලබා ගත හැකියි.
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් මත address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට.
F5
සෑම බ්‍රවුසරයකම පාහේ refresh විධානය ක්‍රියාත්මක කිරීම.
වින්ඩෝස් වල refresh විධානය ක්‍රියාත්මක කිරීම.
F6
වින්ඩෝස් වලදී ටාස්ක්බාර් එකේ අයිකන් හා ඇක්ටිව් වින්ඩෝ එක අතර මාරු වීමට.
සෑම බ්‍රවුසරයකම පාහේ address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට.
F7
ෆයර්ෆොක්ස් තුළ Caret browsing ක්‍රියාත්මක කිරීමට. (යතුරු පුවරුව මගින් සිලික්ට් කිරීමේ හැකියාව)
F8
පරිගණකය බූට් වන අවස්ථාවේදී බූට් මෙනුව ලබා ගැනීමට. (සේෆ් මෝඩ් වෙත පිවිසීමට)
F10
සමහර වැඩසටහන් වල මෙනු බාර් එක ලබා ගැනීමට (ෆයර්ෆොක්ස් / ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්)
Shift+F10 මගින් ඕනෑම වින්ඩෝවක රයිට් ක්ලික් මෙනුව ලබාගත හැකියි.
F11
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් ද ඇතුළුව බොහෝ වැඩසටහන් වල Full Screen Mode එකට මාරුවිම
Source - http://jivithayasinahawa.blogspot.com

Friday, July 4, 2014

Samsung වෙතින් Smart බයිසිකල් අත්දැකිමක්


අද වෙද්දි හැමදේම smart වෙන යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. ජංගම දුරකතනයේ පටන් අපි භාවිත කරන හැමදේම smart වෙලා එයට අදාල smart උපකරණ ගොඩනැගෙන බව ඔබ දන්නවා. අලුතින්ම smart වෙන උපකරණය තමයි බයසිකලය. බයිසකල් නිර්මාණ ශිල්පියකු වන Giovanni
Pelizzoli සමග එක්වෙලා මෙම smart බයිසිකල් එක නිර්මාණය කරන්න යන්නේ Samsung සමාගම විසින්.

ඔබ තරුණයෙක් නම් අනිවාර්යයෙන්ම බයිසිකල් පැදපු කෙනෙක් වෙන්න ඕන. මතක ඇතිනේ කුඩා කාලයේදි තරගෙට බයිසිකල් පැද්ද යාලුවොත් එක්ක. ඒත් අනාගතයේ අපේ පුංචි පරපුරට අත්විදින්නට වෙන්නේ smart බයිසිකල් අත්දැකිමක්.


මෙම ස්මාර්ට් බයිසිකලය ඔබේ ස්මාර්ට්ෆෝන් එක හරහා පාලනය කළ හැකියි. ඒ වගේම මෙම smart බයිසිකල් එකෙහි පිටුපස කැමරාවක් පවතින අතර එය ඔබේ ස්මාර්ට්ෆෝන් එක හා sync වි පිටුපස කැඩපතක් විදියට කටයුතු කරනවා. ඒ කිවේ ඔබේ Samsung ස්මාර්ට්ෆෝන් එක ඔස්සේ ඔබට බලන්න පුලුවන් බයිසිකලය පිටුපස වෙන දේවල්

Samsung හි මෙම Smart Bike එක බැට්රියකින් , Wi-Fi, Bluetooth, digital camera වගේම ලේසර් ප්‍රො ජෙක්ටර් එකකින් සමන්විත වීමට නියමිතයි.

මෙම Smart Bike එක තවමත් නිර්මාණාත්මක අවධියේ පසුවන බවයි අපට වාර්තා වන්නේ.
Source- http://jivithayasinahawa.blogspot.com

Thursday, July 3, 2014

Windows phone 8.1 මතට Adobe Photoshop Express පැමිනේ


  අද වන විට ඔබගේ ස්මාර්ට් දුරකථනය ඔස්සේ ඡායාරුවක් ගන්නා විගස එහි ක්‍රියාත්මක විය හැකි app කිහිපයකි. එම ඡායාරුව සමග ඔබගේ ක්ලවුඩ් ගිනුමේ ඡායාරූ තැන්පතුව Update වීම , එය share කරන්නේ මොන සමාජජාලා සමගද යන්න විමසීම  නැතිනම්  එය සංස්කරනය සදහා විවෘත කරන්නේ මොන app මෘදුකාංගය සමගද යන්නය. සමහර විටක මෙම
තොරාගැනීමේ අවස්ථා කිහිපයම එක් app මෘදුකාංගයක් සමග විය හැකි අතර ‍තෝරා ගැනිමේ අවස්ථාව පමනක් ඔබට ලැබෙනවා විය හැකිය.ඡායාරූප සංස්කරනයේ ප්‍රමුක නාමයක් වන Adobe Photoshop වල app පැමිනීමක් Windows 8.1 වලට සිදුවීම එය භාවිතාකරන්නන් අතර අවධානය දිනා ගැනීමක් වනු ඇති බවට බලාපොරොත්තුවිය හැකි අතර වැඩි දුරටත් නිවේදනය වන්නේ Adobe Photoshop Express පැමිනීම නොමිළේ භාවිතාකල හැකි app මෘදුවක් ලෙසට නම්වීම වඩාත් ආකර්ශනීය වනු ඇති බවයි..
                 තවදුරටත් ස්මාර්ට් දුරකථනය ඔස්සේ ලබා ගන්න ඡායාරුවක් Pc වෙතට මාරුකරමින් කරදරවීමට අනවශ්‍ය කරවන මෙම පැමිනීම සමග ඔබගේ ඡායාරුව  cropping, straighten, rotate හා flip photos මෙන්ම a red-eye removal option.වන අතර පහසුවෙන් one-touch "Auto-Fix"ටූලය ඔස්සේ brightness, exposure මෙන්ම  shadows සංස්කරනය වන බවටයි නිවේදනය වන්නේ. එසේම පැමිනෙන 20 effects සමග ඡායාරුව වඩාත් ආකරශනීය කර ගන්නට හැකිවන අතර ඡායාරුවේ වන exposure, contrast, clarity, vibrance වැනි දෑ සකසා ගැනීමෙ හැකියාවද වන බවටයි නිවේදනය වන්නේ. අවසානයේ  සැකසූ ඡායාරුව පහසුවෙන්  Facebook නැතිනම් Instagram වැනි අඩවියකට සැංවීමේ හැකියාවද  සමගම මෙම app නිකුතුව පැමින ඇති අතර අමතර ගෙවීම් ඔස්සේ එහි හැකියාවස නවාංග එක් කර ගැනීමේ අවස්ථාවද වන බවට පැහැදිලි කෙරෙනවා.
Source  - http://siriwansa.blogspot.com

Microsoft වෙතින් එන wearable deviceය smartwatch එකකට වඩා 'wristband' දෙසට වඩාත් සමීප වේවි


තොරතුරු ලෝකයේ අවධානය wearable device දෙසට වැඩියෙන් යොමුව ඇති අතර මෙම ප්‍රවනතාවය සදහා Microsoft වෙතින් පලවන  සහය පිලිබදව ඇත්තේ කුකුසකි. ක්‍රමයෙන් ඔවුනයේ නිකුතුවක් පිලිබදව තොරතුරු බිදෙන් බිද හෙලි වෙමින් ඇති අතර තවමත් ඒවා නිල ලෙස තහවුරුවූ  ඒවා නොවීම
අඩුපාඩුවක වූවද තොරතුරු ‍රැස්කරන්නන්ගේ අකංඩ අවධානයෙන් සැගවෙන්නට එය හේතුවක් නොවී ඇති සැටියකි. පලවන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ Microsoft වෙතින් පැමිනෙන wearable උපංගය smartwatch එකක් ලෙසට හඳුනාගන්නවාට වඩා 'wristband' දෙසට වඩාත් සමීප බවක් ගන්නා බවටයි පැවසෙන්නේ. එහි වේලාව දැක්වීම සිදු වුවද උපාංගයේ වැඩි අවධානය health හා  fitness දෙසට වැඩියෙන් වන බවටයි හෙලි වන්නේ. එසේම දැනට නිකුත්ව ඇති අනෙකුත් සමාන උපාංග වලින් වෙනස් ස්වරූපයක් ගන්නා එය ඔනෑම smartphone එකක සමග කටයුතු කරන්නට සූදානම්ව පැමිනෙනු ඇති බවටයි හෙලි වන්නේ. Windows Phone, Android හෝ  iOS සදහා විවෘතව පැමිනෙන මෙම උපාංගය third-party apps සදහාද විවෘතව පැමිනෙනු ඇති බවට තොරතුරු හෙලි වනවා. Samsung's Gear නිකුතුවේ මිළ ගනන් හා සෑසදෙන ලෙසට පැමිනෙනු ඇති බවට බලපොරොත්තුවන මෙය මෙම වසරේ හතරවන කාරුතුවේ නිකුත්වනු ඇති බවට බලපොරොත්තු පලවෙමින් තිබෙනවා.
Source - http://siriwansa.blogspot.com

Android "L" සමග බැටරී ආයුකාලය 36%කින් ඉතිරි කරනවා


Android ලොව බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතියවේ. නොමිළේ භවිතාකල හැකි මෘදුකාංගයක් ලෙසට Google ආයතනය විසින් නඩත්තු කරමින් සිටින මෙහි නවතම සංස්කරනයේ පෙර නිකුතුවක් Android"L" ලෙසට මේ වන විට නිකුත් කොට ඇත. පසුගිය දිනවල සිදුවූ මෙම නිකුතුවේදී බව අංගයන් කිහිපයක් පිලිබදව Google ආයතනය නිවේදනය කල
අතර 'Project Volta' ඒ අතරින් එකකි. මොබයිල් උපාංගයක් ලෙසට බැටරි බලය වැයවිම වැදගත් සාධකයක් වන බැවින් මෙම අංගය ඔස්සේ එම ආයතනය නිවේදනයකර සිටියේ මෙහෙයුම් පද්ධතියේම විධිමත්කිරීම කිහිපයක් ඔස්සේ බැටරි බල වැය අවමකරන්නට තමන් ක්‍රියාකර ඇති බවකි.
                  හදාරන්නන් පිරිසක තම අත්හදා බැලීම් ඇසුරින් නිකුත්කරන වාර්ථාවක් පවසන්නේ නව සංස්කරනය සමග උපාංගයේ බැටරි ආයුකාලය 36%කින් ඉහල ගොස් ඇති බවකි. ඔවුන් Wi-Fi  සමග  Nexus 5 උපාංගය තුල වෙබ් පි‍ටුවක් අඩංගු screenය තප්පර 15කට වරක්   refresh කරමින් ලබගත දත්තවලට අනූව (KitKat, 4.4.4 හා   Android L Developer Preview සංස්කරන දෙකට එරෙහිව ) මෙම වාර්ථාව නිකුත්කර තිබෙනවා. වැඩි දුරටත් මෙම ඉතිරිය සදහා සහයවන අංගයන් පැහැදිලි කරමින් Googal ආයතනය පවසා සිටියේ JobScheduler API  වල ක්‍රියාකාරීත්වය කාර්යක්ශම කිරීම ඔස්සේ maintenance සහ  house-keeping tasks ඔස්සේ මෙම ඉතිරිය සදහා සැලකිය යුතු දායකත්වයක් ලබා ගත් බවයි. එසේම පද්ධතිය විසින් ඉල්ලා සිටින සමහර කාර්යයන් උපකරනය වෙතට නැවත විදුලි සැපයුම ලැබෙන තෙක් කල් දැමීමේ ක්‍රම උපාංයන් ඔස්සේ මෙම දියුනුව ලබා ගත් බවට පැහැදිලි කෙරෙනවා. එසේම Network සබදතාවය බිඳී ඇති විටකදී ආයාසයෙන් තම Data refresh කිරීමට උත්සාහ කිරීම වැනි අධික බල වැයක් ගෙනෙන අංග පලනය කර දැමීමටද කටයුතු කර ඇති බවට පවසා සිටිනවා. දැනට බලාපොරොත්තු වෙමින් ඇත්තේ මෙම නිකුතුව  'Material Design' වැනි නව ආකර්ශනීය අංගද සමග මෙම වසර අවසාන භාගයේදී වෙළඳ පොලට එනු ඇති බවටයි.
Source - http://siriwansa.blogspot.com

Wednesday, July 2, 2014

ආරක්ෂාකාරී ස්මාර්ට් ෆෝන් එකක් Blackphone


අද වෙද්දි විවිධ විවිධ මාදිලියේ ස්මාර්ට්ෆෝන් වෙළදපොලට එනවා. ඒ වගේම වැඩ ගොඩක් කරගන්න පුලුවන් ඇප්ස් පවා අපි භාවිත කරනවා. කෙසේ වෙතත් මේවායේ ආරක්ෂක තත්ත්වය ගැන නම් අපිට සෑහිමකට පත්වෙන්න බෑ. බොහෝ විට අපගේ දත්ත පිටස්තර පුද්ගලයින්ට ලැබිමේ සම්භාවිතාව වැඩි බව ඔබ දන්නවා අැති.



විවිධ ආකාරයේ නව විශේෂාංග වලට මුල්තැන දෙන ස්මාර්ට්ෆෝන් නිකුත් වූවත්, එය භාවිත කරන අයට ආරක්ෂාකාරි ස්මාර්ට්ෆෝන් එකක් ලබාදිමට මුල්වෙන සමාගම් බොහෝම අඩුයි. නමුත් Blackphone කියන්නේ ඊට වඩා වෙනස් විදියේ ස්මාර්ට්ෆෝන් එකක්. ආරක්ෂාවට මුල්තැන දි නිර්මාණය වූ Blackphone මිලදි ගැනිමට අවශ්‍ය අය සදහා කලින් ඇණවුම් කිරිමට ඔවුන් දන්වා සිටියා. ඒ අනුව කලින් මාසයන්හිදි ඇණවුම් කළ අයට Blackphone ලබාදිමට සැලැස්විම මෙම සදුදා දිනයේ සිට සිදුව තිබෙනවා.

මෙය ඇන්ඩ්‍රොයිඩ් පදනම්වූ ස්මාර්ට්ෆෝන් එකක් වන අතර encrypt කිරිමකින් යුතුව voice, video හා messaging ඇප්ස් සියල්ලම පරිහරණය කළ හැකියි. ඒ වගේමයි මෙයට අප විසින් ඉන්ස්ටෝල් කරනු ලබන third-party apps අපගේ ස්මාර්ට්ෆෝන් එකෙහි සිදුකරන access කිරිම් ද පාලනය කළ හැකි වෙනවා.

මෙම Blackphone අනෙක් ස්මාර්ට්ෆෝන් වලට වඩා වෙනස් වන අන්දම TechCrunch වෙබ් අඩවිය සදහන් කළා. එම කරුණු පහතින්.

Frequent over-the-top security updates.
Silent Phone and Silent Text for secure, encrypted telephony and messaging.
Remote wipe feature for contact data.
User prompts to switch on local data encryption.
A bundle of third party security-focused services including SpiderOak secure cloud storage, VPN anonymised browsing via Disconnect, and Kismet’s Wi-Fi analyser product.

දැනට මෙය කලින් ඇණවුම් කළ අය අතර බෙදාදිම සිදුවන අතර අනෙක් පාරිභෝගිකයින් සදහා මෙම මස ජූලි 14 සිට Blackphone මිලදි ගැනිමට හැකියාව පවතිනවා. මෙය $629 (ලංකා මුදලින් රු.81958.70) වන බවයි වාර්තා වන්නේ.

මෙය ඇන්ඩ්‍රොයිඩ් පදනම් වූ PrivatOS නමැති මෙහෙයුම් පද්ධතියකින් සමන්විතයි. කලින් සදහන් කළ ආකාරයට මෙම ස්මාර්ට්ෆෝන් එකේ වැඩි වශයෙන් පරිශිලකයාගේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබ message කරන විට encrypt විමක් සිදුවෙමින් සුරක්ෂිත පණිවිඩ හුවමාරුවක් සිදු කළ හැකි වෙනවා. මෙය සිදුවන්නේ තවත් Blackphone උපාංගයක්ම භාවිත කරන , හෝ Silent Circle නමැති ඇප්ස් භාවිත කරන අය දෙදෙනකු හෝ වැඩි ගණනක් අතරයි.

ඒ වගේම ඔබ ඉන්ස්ටෝල් කරන ඇප්ස් ඔබේ address book, location, photo gallery යනාදිය access කිරිමට උත්සාහ කරන විට එය වැලැක්වමට ද හැකියාව පවතිනවා. මේ විදියේ විශේෂාංග ගණනාවක් අඩංගු Blackphone පරිශිලකයින්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කර නිර්මාණය කරන ලද්දක්.

මිට අමතරව නිර්නාමික ලෙස අන්තර්ජාල පරිශිලනය හෙවත් anonymous web browsing පහසුක ම මෙම ස්මාර්ට්ෆෝන් එක සතුයි. encrypted cloud storage එකක්ද ඔබට ලැබෙනවා. පරිශිලනය කරන ඔබේ ආරක්ෂාව සදහා තවත් පහසුකම් මෙයට අඩංගු වි ඇති බවට වාර්තා වෙනවා.

මෙහි දෘඩාංග ගැන සදහන් අවධානය යොමු කරමු. මෙය 720p IPS display කින් හා 2GHz quad-core Nvidia Tegra 4i SoC ප්‍රොසෙසරයකින් යුක්තයි. ඒ වගේම 1GB RAM ධාරිතාවක් හා 16GB storage එකක් සමන්විත Blackphone අමතර 128GB ප්‍රමාණයක් දක්වා microSD සහය දක්වනවා. පිටුපස කැමරාව 8 megapixel වන අතර 5MP ඉදිරිපස කැමරාවකින් යුක්තයි. Bluetooth 4.0, Wi-Fi, හා LTE සම්බන්ධතාවලින් Blackphone සමන්විත වනවා.

මිට අමතරව පරිශිලක ආරක්ෂාව තහවුරු වන අන්දමේ තවත් ඇප්ස් මෙය සදහා නිර්මාණය කරමින් පවතින බව වාර්තා වෙනවා.
Source -  droidslk

Tuesday, July 1, 2014

දත්ත උපාංගයට ඔබේ අනන්‍යතා තහවුරුවට Digital Tattoo එකක්



  ඔබ කිනම් ආකාරයක අවශ්‍යතාවයක් සදහා ඔබගේ දත්ත උපාංගය භාවිතාකලද පසුකල යුතු අනිවාර්ය අංගයක් වන්නේ එම උපකරනය සමග කටයුතු අරබන හැම විටම අනන්‍යතාවය
තහවුරු කරන්නට සිදුවීමය. වර්ථමානය වැනි එම උපාංග භාවිතය බහුල කාලයක දිනකට සමහර විටක සිය වතාවක් සිදුවන එම භාවිතාවකදී යොදා ඇති අවසර පදයක් වැන්නක් නැවත නැවත ලබා දෙන්නට යාමෙන් සිදුවන කාලය වැය සැලකිය යුතු මට්ටමක වීම පාලනය සදහා විවිධ නිෂ්පාදකයින් විසින් විවිධ ආකාරයේ විසදුම් යෝජනා කරනු දක්නට හැක. VivaLnk ආයතනය මේ සදහා ගෙනෙන යෝජනාවක් වන්නේ NFC ආකාරයට උපාංගය සමග සම්බන්දව භාවිතාකරන්නාගේ අනන්‍යතාවය තහවුරුකර දෙන Digital Tattoo වකි. සාමන්‍ය තත්වය යටතේ දින පහක් පමන සේවයට සූදානම්ව පැමිනෙන මෙය දෛනික ජීවිතයේ කටයුතු සමග එනම් showers, swims, workouts වැනි ඔනෑම අවස්ථාවකදී සේවයට සූදානම්ව සිටින බවටයි නිවේදනය කරන්නේ. සමන්‍ය NFC tag ඒකක් ලෙසට ක්‍රියාත්මක වන මෙය පෙර සැකසුමකින් අනතුරුව සෙවයට සූදනම්ව පැමිනෙන අතර ඒවා 10 ක් අඩංගු බහාලනයක් ඩොලර් 10ක් වැනි මුදලකට ලබා ගන්නට හැකිවන බවටත් දැක්වෙනවා.

Source - http://siriwansa.blogspot.com