Saturday, February 28, 2015

Blogger තුල අසබ්‍ය දෑ පළකිරීම තහනම් කෙරෙයි



Google සිය blogging platform එක වන Blogger සදහා නව content policy එකක් හදුන්වාදී තිබෙනවා. ඒ අනුව මාර්තු මස 23 වැනිදා සිට Blogger තුල ලිගිකත්වය පිළිබිඹු කරනා කරනා පින්තූර, වීඩියෝ වැනි දෑ ප්‍රසිද්දියේ පළකිරීම තහනම් කර තිබෙනවා. ඊට සමගාමීව Reddit සමාජ ජාලයද මෙම තීරණයම ගෙන තිබෙනවා. මෙම policy එක කඩ කරන බ්ලොග් වල ඇති එම තහනම් අන්තර්ගතය හෝ එම පිටු ඉවත් කිරීමට තමන් කටයුතු නොකරන නමුත් සම්පුර්ණයෙන්ම එම බ්ලොග් එක බාහිර කිසිවෙකුටත් පිවිසිය නොහැකි වන ලෙස privert blog එකක් බවට පත්කිරීමට කටයුතු කරනා බව Google
වාර්තා කර තිබෙනවා. ඒ වගේම සාදාරණ හේතුන්මත සමාජයට යහපතක්වන අරමුණු ඇතිව පලකරන අධ්‍යාපනික, වාර්තාමය, විද්‍යාත්මක වැනි පලකිරිම තුල එවැනි ලිංගිකත්වය පිළිබිඹු කරනා දෑ එක් කිරීමට තමන් ඉඩකඩ ලබාදෙන බවත් එවැනි බ්ලොග් privert blog බවට පත් නොකෙරෙනු ඇතිබවත් Google වැඩි දුරටත් වාර්තාකර තිබෙනවා.
Source - http://www.technews.lk

Thursday, February 26, 2015

Google තම Flash ads ද HTML5 වීම ස්වංක්‍රිය කරයි

  YouTube වෙතින් පසුගියදා පැවසුනේ තමන් Adobe Flash ප්ලේයර් මුලික ක්‍රියාකාරිත්වයේ සිට HTML5 player මූලික ක්‍රියාකාරීත්වයකට හුවමාරු වෙමින් සිටින බවකි. පැමිනෙන නවතම තොරතුරු පැහැදිලි කරන්නේ ඔවුන් තම Google Ads Display Network තුලද Flash ads සිට HTML5 දක්වා වෙනස්වීම අරබා ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ mobile devices වල වැඩි වෙමින් ඇති
flash වෙත සහය නොදැක්වීමේ ප්‍රවනතාවය මේ සමග මග හරින්නට හැකි වනු ඇති බවකි. google ආයතනය September 2014 සිට මෙම හැකියාව මැනුවල් ආකාරයට ලබදී තිබූ අතර February 25 සිට එය ස්වංක්‍රීයව සිදුවන්නක් බවට පත්වන බවටයි එම ආයතනය විස්තරකර සිටින්නේ. ක්‍රමයෙන් ඉවත්වෙමින් යන Flash භාවිතාව තව දුරටත් වේගවත් කරන්නට මෙම පියවරයන්ද හේතුවනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ.
Source - http://itlk.us/

UK හදාරන්නන් 5G mobile තුල 1Tbps සාර්ථකව අත්හදා බැලේ

ලොව භාවිතාවතුල 5G networks සදහා බොහෝ දුරය. එනමුත් මීලග පරම්පරාවේ සබඳතා තාක්ශනය පිලිබදව හදාරන්නන්ගේ උනන්දුවේ නම් ඇත්තේ මහත් අවධානයකි. ගෙවී ගිය වසරේ Samsung නිවේදනය කරනු ලැබුවේ තමන් ස්ථාවර මට්ටමේදී 7.5Gbps වේගයකුත් 1.2Gbps වේගයක් (vehicle moving at 110kph) ධාවනය වන වාහනයක සිටත් සාර්ථකව අත්හදා බලන්නට සමත්ව ඇති බවකි. නමුත් මේ වන විට එක්සත් ජනපද Surrey සරසවියෙන් වාර්ථා වන්නේ තමන් 5G තාක්ශනය
තුලදී 1Tbps (one terabit per second) දක්වා සාර්ථව අත්හදා බලන්නට සමත්ව ඇති බවකි. එය දැනට භාවිතාවන 4G LTE සමග සැසදීමේදී 60000 ගුනයක වැඩි වීමකි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට fiber optics තුල අත්හදා බැලෙමින් ඇති මෙම වේගය තමන් ‍රැහැන් රහිත භාවිතාවක් තුලදී සාර්ථකව අත්හදා බලන්නට සමත්ව ඇති බවකි. තවමත් “in lab conditions” වලදී 11meters දුරක් තුල සාර්ථව ඇති මෙම දියුනු කිරීම 2018දී පමන හඳුන්වාදෙන්නට තමන් කටයූතු කරමින් සිටින බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ.
Source - http://itlk.us/

Net Neutrality බව යලි පෙරට

  මිනිස් වර්ගයා නිර්මාණය කොටගෙන භුක්ති විඳිමින් සිටිනා අපූර්වතම දෑ කිහිපය අතර Internet නැතිනම් අන්තර්ජාලය වෙත්ට ඇත්තේ මහත් වටිනාකමකි, ප්‍රායෝගික බවකි. මෙම නිර්මාණයේ විශ්වීය බව ‍රැකදෙන ප්‍රධානතම ලක්ෂනය වන්නේ එහි වන Net Neutrality බවයි. එනම් එය ක්‍රියාත්මක වීමේදී මූලිකව විද්‍යාත්මක පදනමක් ඇති කාරනා හැරෙන්නට ආයතනික හෝ ලාභය මත තීර්නය වන මැදිහත්වීම් වලට පැමිනෙන්නට ඉඩ කඩක් නොමැති වීමය. මිනිස් වර්ගය අත්පත්කර ගත් බොහෝ පූජනීය මට්ටමේ කාරනා වලට අවසානයේ අත්පත්වූ ඉරනම සැලකීමේදී මේ අපූර්ව
Internet ජාලය වෙතටද ගෙනෙන්නට උත්සාහ කල blocking, throttling හා paid prioritization හැකියාවන් ලබා දෙන නව rules අඩපනකර දමන්නට Federal Communications Commission වෙතට ගෙනවිත් තිබූ යෝජනා අද FCC තුලදී සම්මත වූ බවට වාර්ථා වනවා. ISP වරුන්හට ගෙවීම් යටතේ යම් අඩවි වෙතට ප්‍රමුක බව ලබාදෙන්නට , ඔවුනට සිතැගි පරිදි අඩවි වලකා ලන්නට ඉඩ ලැබීම් ප්‍රමුක Internet තුලවන ප්‍රධාන නිදහසේ ගලායාමේ හැකියාව පාලනය කිරීමේ අවස්ථාව පිලිබද තවත් උත්සාහයක් මේ අනූව වැලකෙන බවටයි පිලි ගැන්නේ.
Source -  http://itlk.us/

Sunday, February 15, 2015

Windows 10 Technical Preview for phones සමග Spartan ද ඇත

Windows 10 Technical Preview for phones සමග Microsoft හි නව දියුනු කිරීමක් වූ “Project Spartan” පැමින ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම ආයතනය Internet Explorer වෙනුවට වඩි දියුනු කල නව rendering engineය කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් තබා ඇති අතර IE දෙසට නිරන්තරයෙන් එල්ල වෙමින් ඇති slows down වැනි නෙක ආකාර ගත් චෝදනා සදහා විසඳුමක් රෙගෙන විත් ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. Microsoft සමාගම දැනටමත් ප්‍රකාශකර ඇත්තේ Spartan Windows 10
සියලුම සංස්කරන සදහා සමන් විතව පැමිනෙන්නට සැලසුම්ව ඇති බවත් එය නව web standards සමග මනාව සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව, දියුනු කර ක්‍රියාකාරීතය ඇතුලු වඩාත් සාර්ථක වෙබ් සැරියක් භාවිතාකරන්නා වෙතට ගෙනෙන්නට කටයුතු කරනු ඇති බවත්ය. මීලග Windows 10 for phones preview build පැමිනීම එලබෙන මාසයේ සිදු වනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.
Source - http://itlk.us/

ලොවපුරා බැංකු 100කින් $1 billion සොරා ගැනීමක්

 Kaspersky Lab වෙතින් පැමිනෙන නිවේදනයක් පැහැදිලි කරන්නේ වසර දෙකක් ඇතුලත ලොවපුරා පිහිටි බැංකු 100කට අධික ප්‍රමානයකින් $1 billionට අධික මුදලක් සොරා ගන්නට කටයුතු කිරීමක් හඳුනා ගන්නට සමත්ව ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ගනුදෙනු කරුවන්ගේ ගිනුම් ඔස්සේ නොව බැංකු පද්ධතිය වෙතට පිවිසීමක් ඔස්සේ මෙම පැහැර ගැනීම සිදුව ඇති බවකි. බැංකු සේවකයින් ලවා උපංක්‍රමිකව විවෘත කරගන්නා Email ඔස්සේ එම පද්ධතීන් වෙතට malicious software මුදා හැරිමෙන් බැංකුව internal networks හා video surveillance ඔස්සේ මෙම කටයුත්තට මග පාදාගෙන ඇති බවටයි විස්තර වන්නේ.මෙම
surveillance ඔස්සේ බැංකුවේ කටයුතු සිදුවන පිලිවල හදාරන්නටත් ATM සමග කටයුතු කරන ආකාරය ඔස්සේ dispense cash කරන්නටත් ඔවුන් කටයුතු කර ඇති බවටයි වාර්ථා වන්නේ. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ Interpol, Europol වැනි ආයතනයන් සමග සහයෝගයෙන් අපරාධ කරුවන් හඳුනා අගන්නට කටයුතු කරමින් සිටින බවත් ආයතනයන් හි අභ්‍යන්තරව ආරක්ශක ක්‍රමවේද කෙරෙහි දක්වන අඩු සැලකිල්ල බොහෝ විට මෙම ගැටලු වලට හේතුවන බවත්ය.
Source - http://itlk.us/

Sunday, February 8, 2015

Swatch වෙතින් Windows සහය smartwatch එකක්

Wearable devices තොරතුරු ලොකයේ අනාගත බලාපොරොත්තුවකි. 2018 වන විට එය $10 billion වෙළඳ පොලක් නිර්මානය කරනු ඇති බවටයි උපකල්පනය වෙම්නි ඇත්තේ. iOS හා Android මේ වන විටත් තම මෙහෙයුම් පද්ධති සමග මෙම වෙළඳ පොල වෙතට පිවිස ඇති අතර Windows වෙතින් පැමිනෙන නිකුතුවක් පිලිබඳව අවධානයෙන් පසුවනු පෙනේ. Swatch හි CEOවරයා වන Nick Hayek
පවසන්නේ එලබෙන තෙමාසය තුල NFC connectivity හා “won’t have to be charged” ආකාරයේ Windows සහය දක්වන මෙන්ම Androidද සහය දක්වන නව smartwatch නුකුතුවකට තමන් සූදානම් වන බවකි. උපාංගයේ බලගැන්වුම ගැන කුතුහලයක් ගෙනෙන මෙම නිකුතුව self-winding( Seiko’s ‘Kinetic’වැනි) solar-powered cells වැනි ක්‍රම වෙදයක් සමග එනු ඇති බවට අනුමාන වන අතර දැනට වෙළඳ පොල තුල පවතින හා අප්‍රේල් මාසයට නියමිතව ඇති Apple Watch සමග තරග කරන නිකුතුවක් වනු ඇති බවට බලාපොරොත්තු පලවෙනවා. Swatch ආයතනය පසුගිය දිනවල වැඩි බැටරි ආයුකාලයක් ගෙනෙන නව materials තාක්ශනයක්ද හඳුන්වාදෙන්නට කටයුතු කරන ලද අතර නව පැමිනීම නව අත්දැකීමක් සමග වනු ඇති බවට හදාරන්නන්ගේ බලාපොරොත්තුව වනවා.
Source - itlk.us

Google Talk අවසන්වේ. Google Hangouts ඉදිරියට

Google Talk නම් Google සේවාව වෙතට් සහය දැක්වීම එලබෙන සතිය වනවිට අවසන් වීමට නියමිත බවටයි නිවේදනය වන්නේ. Google ආයතනය පසුගිය වසරේදී Hangouts app වෙතට Google Talk, Voice හා SMS හැකියාවන් සංයුත්ත කරදමන්නට කටයුතු කරන ලද අතර Android හා iOS වෙතට
සමීප කරවන ලදී. desktop users පමනක් පෙර මට්ටමින්ම පවත්වාගෙන එන ලදී. February 16 පසුව ඔවුන් එම සේවාව ලබන්නට නම් Hangouts app මෘදුකාංගය Chrome වෙතට ස්ථානය වැනි විකල්පයකය යාමට සිදුවෙනු ඇති බවටයි පැහැදිලි කරන්නේ. කෙසේ නමුත් මොබයිල් මට්ටමේදී Google Talk වලට වඩා පහසු භාවිතාවක් Hangouts ගෙනෙන අතර වැඩි අවධානයක් ලබා ගන්නට සමත්වූවක් ලෙසටයි පැහැදිලි කෙරෙන්නේ.
Source - itlk.us

Thursday, February 5, 2015

සිම් නැතිව කතා කරන්න Google Connection එකක් ගමු


නිකමටවත් හිතිලා තියෙනවද ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් සිම් එකක් නැතිවත් කතාකරන්න පුළුවන් වෙයි කියලා. සමහර අයට හිතුනත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න කාලාන්තරයක් යාවි කියලා හිතන්න ඇති.

ඒත් ඔබ දන්නවාද ඒ දවස මේ වෙනකොට ලං වෙලා කියලා. හේතුව තමා අපි කව්රුත් දන්න Google


Google ආයතනය මේ දිනවල 'Nova'  කියන නමින් Wireless Cellular Network එකක් එලිදැක්වීමට කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒවගේම මේ වැඩේ පටන් ගන්න Sprint හා T-Mobile යන දුරකථන ජාල සබඳතා සපයන ආයතන මිලදි ගැනීමට Google ආයතනය සැරසෙන බවත් වාර්තා වෙනවා.

කොහොම උනත් Google ආයතනය ආරම්භ කිරීමට නියමිත 'Nova' දුරකථන ජාල සම්බන්ධතාවය Sprint හා T-Mobile සම්බන්ධතාවය ඇති ප්‍රදේශවල පමණක් ආරම්භ කිරීමට නියමිතයි. ඒ වගේම මෙහි විශේෂත්වය වෙන්නේ Nova සබඳතාවයට සිම්පතක් අවශ්‍ය නොවීමයි.

'Nova' සබඳතාවය එලිදක්වන දිනය හරියටම දැනුම් නොදුන්නත් ලගදීම ශ්‍රී ලංකාවටත් Nova Wireless Cellular Network එක ඒවි කියන බලාපොරොත්තුව අපිට තියාගන්න පුළුවන්.



වැඩි විස්තර සඳහා පහතින් ඇති වීඩියෝව නරඹන්න

Source - http://sinhala.asianmirror.lk

Wednesday, February 4, 2015

Phone සදහා Windows 10 Technical Preview ලගදීම

   Windows 10 වල phones සදහා වන Technical Preview build 8.15.12492.41 නිකුතුව මේ වන විට ආයතනය අභ්‍යන්තරිකව අවසන් වටයේ අත්හදා බැලීමේ මට්ටමින් තොරාගත් දහසක් දෙනා අතරට නිකුත්ව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මීලග පියවර වනු ඇත්තේ සාමාන්‍ය භාවිතාකරන්නන් අතරට එහි අත්හදාබැලීමේ පෙර සංස්කරනයක් පැමිනීම වනු ඇති බවට බලාපොරොත්තු වනවා. සියලුම උපාංග අතරට පැමිනෙන
Windows 10 මෙහෙයුම් පද්ධතියක් පිලිබදව Microsoft සමාගම බලාපොරොත්තු පලකර තිබූ අතර භාවිතාකරන්නන් අතරද මෙම නව නිකුතුවේ පැමිනීම පිලිබදව දැඩි උනන්දුවක් වන බවටයි පැහැදිලි වන්නේ. Microsoft සමාගම smartphone market වල බෙහෙවින් පසුගාමී ස්ථානයක තවමත් සිටින අතර සංක්‍යාත්මකව එය 3%ක තරම් අඩු අගයක වීම ආයතනය වෙතට අභියෝගයක්ව තිබෙනවා. ආයතනය Windows 10 සමග මෙම අභියෝගය සදහා සාර්ථකව මුහුන දෙන්නට උත්සාහ කරනු ඇති බවටයි බලා පොරොත්තුව වන්නේ.
Source - itlk.us

Google Play වලින් Adware-infected apps ඉවත්කල මුත් අවධනයෙන්

Nexus 5 භාවිතාකරන්නෙකු වූ Andrei Mankevich තම උපාංගයේ වන අක්‍රමිකතාවන් පිලිබදව සැලකිලි මත්වීමේදී හඳුනා ගන්නට ලැබෙන්නේ එහි malicious software වක් පවතින බවකි. ඔහු මේ පිලිබදව Avast වල forum සටහනක් තබන්නට කටයුතු කල අතර ක්‍රමයෙන් හෙලිවන්නට වූ තොරතුරු විසින් පැහැදිලි කෙරෙන්නේ මෙම හානිකරය Google Play Store
ඌසේ පැමින ඇති බවත් සාමාන්‍ය මට්ටමටත් වඩා හානිකර බවකින් එම Adware-infected apps ක්‍රියාත්ම වෙමින් සිටින බවත්ය. එහි වන malicious code ක්‍රියාත්මක වෙමින් දුරකථනය සංක්‍රීයකර වන හැම විටකම pop-up messages ඔස්සේ තව තවත් apps බාගත කර ගැනීම් වලට පොලබවාන් බවක් පෙන්වාදෙනවා. භාවිතාකරන්නාගේ තොරතුරු අනවශ්‍ය ප්‍රමානයකට ‍රැස්කරමින්ද මෙසේ බගත කර ගැනීම් වලට පොලබවනු ලබන apps අතර Russian card game, Durak කැපී පෙනෙන බවට පවසන හදාරන්නන් එය ten million වාර ගනනක් දැනටමත් බාගත්වීම් සිදුව ඇති බවට පෙන්වා දෙනවා. එම බාගත කර ගැනීමෙන් අනතුරුව දින කිහිපයක් හොඳින් ක්‍රියාත්මක වන මුත් පසුව performance degradation වැනි ලක්ෂනයන් ගෙනෙන්නට පටන් ගන්නා බවටයි හෙලි වන්නේ. ඔවුන් වැඩිදුරටත් පැහැදිලි කරන්නේ මෙහි වන සියලුම ads හානිකරයන් කරා යොමු නොකරන අතර සමහර ඒවා Google Play Store වල වන genuine security apps වෙතට්ද යොමු කරන්නට කටයුතු කරන බව දක්වනවා.Google ආයතනය දැනටමත් මෙම malicious apps ඉවත්කරන්නට කටයුතු කර ඇති මුත් ආසාධිත දුරකථන වෙතට තවමත් විසඳුමක් ලබා දී නැති බවටයි පැහැදිලි වන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ පසුගිය දෑ වසර සැලකීමේදී Google Play වල malware-infected apps පැමිනීම 388%ක වැඩිවීමක් දක්නට ලැබෙන බවටයි.
Source - itlk.us

Friday, January 23, 2015

Facebook වෙතින්ද Voice-to-text හැකියාව


 Microsoft වෙතින් Cortana. Google වෙතින් Google Now හා Apple වෙතින් Siri ලෙසට නෙක නම් ගනිමින් සියලුම පාහේ ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශනය සම්බන්ධිත ආයතනයන් තමන්ගේම වන යම් digital assistants සේවාවක් පවත්වාගෙන යන්නට කටයුතු කරමින් සිටී. මේ තුල පැමිනෙන voice-to-text හැකියාව බොහෝ විට වඩාත් භාවිතාකරන්නාගේ සිත් ගන්නා මෙන්ම මහත් පහසුවක් ගෙනෙන සේවාවක් ලෙසට පිලි ගැනේ. මේ වන විට Facebook ආයතනයද නිවේදනය කර සිටින්නේ voice-to-text

හැකියාවක් තම Messenger app වෙතට ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. Digital Life Design Conference හමුව අමතමින් එම ආයතනයේ ඉහල විධායකයන් හෙලිකර සිටියේ මෙම නව දියුනු කිරීම Facebook mobile app වෙතින් දුරස්ව standalone app එකක් ලෙසට පැමිනෙනට සැලසුම්ව ඇති බවත් හා එය වඩාත් ජනංප්‍රිය text messaging විකල්පයක් ලෙසට භාවිතාකරන්නන් අතරට පැමිනීම තමන් අරමුනුකරගෙන සිටින බවකි. විටක වඩාත් සංකීර්න භාෂා ඔස්සේ මෙසේ Type කිරීමේදි වන අපහසුතා මග හැරවෙනවා සේම කාර්යබහුල ජීවිතයටද එය මහගු සහයක් සපයනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. මෙම පහසුව බොහෝ විට 2015 තුල නිකුත්වන්නට ඉඩ ඇති බවටයි වැඩි දුරටත් එහිදී බලපොරොත්තු පලවූවේ.

Source - http://itlk.us/

Thursday, January 22, 2015

Apple එක්ක තරඟයට එන චීන ඇපල් – Xiaomi

ලොව අංක එකේ startup ව්‍යාපාරය මොකක්ද කියලා දන්නවද? ඒ තමයි Xiaomi. චීන ජංගම දුරකථන සමාගමක් වන මේ සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 43ක් පමණ වනවා.(රුපියල් කෝටි 565700) අති විශාල චීන ජංගම දුරකතන වෙළඳපල ආක්‍රමණය කරමින් කෙමෙන් වෙනත් ආසියානු රටවල් වලටත් ව්‍යාප්ත වෙමින් පවතින මේ ව්‍යාපාරය මේ වන විට පෙරළිකාර නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දී තිබෙනවා. Redmi 2 ජංගම දුරකථනයත්, ස්මාර්ට් වායු සමීකරණයක්,
ස්මාර්ට් විදුලි බුබුළක් වගේම තවත් පෙරළිකාර නිර්මාණ කිහිපයක් නිසාම මේ සමාගම ඉතාමත් කෙටි කාලයකින් සීග්‍ර දියුණුවක් අත්කරගැනීමට සමත් වුනා


කෙසේ නමුත් Xiaomi විසින් නිකුත් කළ ජංගම දුරකථන කිහිපයක්ම iPhone වැනි ප්‍රධාන ජංගම දුරකථන අනුකරණය කරමින් නිෂ්පාදනය කළ නිසා නොයෙකුත් නීතිමය ගැටළු වලට මුහුණ දීමට සිදු වුනා. කෙසේ වෙතත් එම සමාගමේ අලුත්ම ජංගම දුරකථන ද්විත්වය වන Mi Note හා Mi Note Pro සාර්ථකව එළිදැක්වීමට පසුගිය දා එම සමාගමට හැකි වුණා. තරමක් විශාල iPhone 6 Plus ජංගම දුරකථනයේ ප්‍රමාණයටම වගේ නිපදවා ඇති මේ නව ජංගම දුරකථනය ඉලක්ක කර ඇත්තේ චීනය තුල iPhone භාවිත කරන පාරිභෝගිකයින් කොට්ඨාශයයි. නමුත් මේ නව දුරකථන iPhone අනුකරණය කරමින් කළ නිෂ්පාදනයක් නොවේ.


අඟල් 5.7ක තිරයක් ඇති මේ Mi Note ජංගම දුරකථනයේ මනා පෙනුම නිසාම එය ක්ෂණිකව සිත් ඇදගන්නා සුළු ජංගම දුරකථනයක් ලෙස හඳුන්වන්න පුළුවනි. ඇපල් iPhone 6 Plus දුරකථනයට වඩා තරමක් සිහින් වීමත් බරින් අඩු වීමත් විශේෂයි. දුරකථනයේ බඳේ වැඩි කොටසක් Gorilla Glass 3 වලින් ආවරණය කර ඇති අතර මධ්‍යය විශේෂ ඇලුමිනියම් වර්ගයකින් නිමවා ඇත.
ඒ වගේම විශේෂයෙන්ම කිව යුතු දෙයක් වන්නේ මේ දුරකථන ද්විත්වය Android Lollipop මෙහෙයුම් පද්ධතිය මතයි ධාවනය වන්නේ. Xiaomi වැනි කුඩා ජංගම දුරකථන සමාගම් නිසාවෙන් මේ වන තෙක් ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ ආධිපත්‍යය පතුරුවා සිටි Smasung සමාගමේ පසුගිය වසරේ ලාබය 40% කින් පමණ අඩු වී ඇත. සාපේක්ෂව අඩු මිලට හොඳ තත්වයේ ජංගම දුරකථන විසඳුම් ලොවට හඳුන්වා දීමට Xiaomi, OnePlus, Oppo වැනි සමාගම් වලට හැකි වීම පාරිභෝගකයින්ට සතුටු දායක පුවතක් වේවි.
Source - http://techguru.lk/

Oneplus One දැන් නිදහසේ මිළඳීගත හැක


OnePlus One දුරකථනය මෑතකදී බොහෝ දෙනගේ අවධනය දිනා ගත් නිකුතුවක් විය. අධිමිලැති ස්මාර්ට් දුරකථනයක පහසුකම් සාමන්‍ය මිලැතිව වෙළඳපොලට පැමිනීම එම වැඩි අවධානය දිනා ගැනීම පි‍ටුපස වූ ප්‍රධාන කාරනය විය. එහෙත් මෙම දුරකථනය වෙළඳ පොල තුල නිදහසේ ලබා ගන්නට අවස්ථාවක් නොමැති වූ අතර 'invite' මූලික අකාරයට එය සිදුවන ලදී. එහිදී සිදුවූවේ දුරකථනයක් මිලදි ගතයෙකුට තවත් දෙදෙනෙකුට ඒ සදහා ආරාධනා කරන්නට අවස්ථාව සලසා දීමෙන් වූ අතර විටක ප්‍රකට online වෙළඳ අඩවි වල පව අධික මිලකට එම ආරාධනා පත් අලවි වන තරමේ ඉල්ලුමක් ඒවා වෙතට විය. පලවන නවතම නිවේදයක්
පවසනේ මෙම 20 වෙනිදායින් අනතුරුව පෙරකී ආකාරයේ ආරාධනාවකින් තොරව OnePlus දුරකථනය අවස්ථාවක් ලැබෙන බවයි. එසේම මෑතකදී පැමිනි තවත් පුවතක් පවසා සිටියේ මෙම දුරකථනයේ දෙවන සංස්කරනය Oneplus Two ලෙසට Snapdragon 810 ප්‍රොසෙසරයකින් හා 4GB  RAM හැකියාවකින් යුතුව අඟල් 5.5ක ප්‍රමානයකින් 2K display සහිතව පැමිනීමක් මෙම වසරේ පසුභාගයේදී නියමිතව ඇති බවකි.
Source - http://siriwansa.blogspot.com

Wednesday, January 21, 2015

Project Ara දෙවන අදියරට

 Google වෙතින් පැමිනි Project Ara බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නට සමත්වූවකි. භාවිතාකරන්නාගේ අවශ්‍යතාවය අනූව තම මොබයිල් දුරකථනයේ අඩංගු අංගයන් වෙන වෙන්ම තොරා ගන්නට ඉඩ ලැබීම මෙහි වන ප්‍රධාන ආකර්ශයය ලෙසින් පිලිගැනේ. එලබෙමින් ඇති “mobile-first” සමාජයේ අවශ්‍යතාවයන්ට වඩාත් අපූරුවට ගැලපෙන මෙම පැමිනීම සම්බන්ද දෙවන සංවර්ධකයින්ගේ හමුව ගෙවී ගිය දිනයේ පවත්වන ලැබූ අතර එහිදී තම ව්‍යාපෘතියේ දෙවන අදියර ‘Spiral 2′
ලෙසින් පිවිසෙන බවට Google නිවේදනය කරනු ලැබුවා. නව අදියර සමග පැමිනෙන සුවිශේෂී තාවයන් අතර පලමු යුගයේදී භාවිතාවූ සබඳතා හැකියාව Wi-Fi වල සිට 3G දක්වා වෙනස්වීම කැපි පෙනෙන හැකියාවක් ලෙසට නිවේදනය වූවා. එසේම මෙහිදී නව speaker module, pollution sensor module, extended battery module වැනි අංග කිහිපයක්ද අලුතින් ගෙනෙනට Google ආයතනය ක්‍රියා කරනු ලැබුවා. module වලට වඩාත් ස්වාධීනව හැසිරෙන්නට අවස්ථාව ග්ව්න්ව්න බවක් මෙම ඉදිරිපියවර සමග පැහැදිලි වන අතර නුදුරේම 4G LTE මට්ටමට මෙම හැකියාවන් ඔසවා තබන්නට තබන්නට හැකිවනු ඇති බවට බලපොරොත්තු පලවෙමින් තිබෙනවා.
Source - http://itlk.us/

Google Translate යලිත් යවත්කාලීන වේ

Google Translate තම වැඩි දියුනු කිරීම් කිහිපයක් සමග යාවත්කාලීව ඇති බවටයි නිවේදනය වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් වේගවත් හා වඩාත් ප්‍රාදේශීය කරනයවූ භාවිතාවක් මෙම නව දියුනු කිරීම් සමග ගෙනෙන්නට තමන්ස් සමත්ව ඇති බවකි. එම යාවත්කාලීන විම සමග Google ආයතනය “Word Lens” වැනි නව අංගයන්ද හදුන්වා දෙන්නට කටයුතු කර තිබෙනවා. Word Lens සමග වන පහසුව පැහැදිලි කෙරෙන්නේ, උදාහරනයක් ලෙසට ඔබ Paris වල වන restaurant එකකදී හමුවන menu
වක වන විස්තර පහසුවෙන් English නැතිනම් වෙනත් භාෂාවකට පෙරලා ලබා ගැනිමේ හැකියාව ලෙසටයි. දැනට Microsoft වල mobile translation application සමගද මෙවන් පහසූන් වනවා. Google වෙතින් මෙම පහසුව ලබා ගන්නට තම phone cameraව අදාල වචන දෙසට යොමුකිරීම පමනකින් හැකි වන බවට එහිදී පැහැදිලි කෙරුනා.
Source - http://itlk.us/

Android දුරකථන බිලියනයක් අනතුරේ – ඔබේ දුරකථනයත් ඒ අතරදැයි දැනගන්න

Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන දෝෂයක් හඳුනාගැනීමට Rafay Baloch හා Joe Vennix නම් පර්යේෂකයින් දෙපළක් සමත්ව සිටිනවා. Android 4.3 හා ඊට පහළ මෙහෙයුම් පද්ධති සංස්කරණයන් වල WebView නම් පහසුකම ආශ්‍රිතවයි මේ දෝෂය හඳුනාගෙන තිබෙන්නේ. WebView හරහා ඇන්ඩ්‍රොයිඩ් ඇප් වල සිටම වෙනත් වෙබ් අඩවි පිරික්සීමට හැකියාව ලැබෙන නමුත් මේ දෝෂය නිසා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය හැකර් ප්‍රහාරයකට නතුවීමේ අවධානමක් පවතින බවයි පැවසෙන්නේ.

ඇන්ඩ්‍රොයිඩ් නව මෙහෙයුම් පද්ධති සංස්කරණ වන 4.4 (Kit Kat) හා 5.0 (Lollipop) සඳහා මේ දෝෂයේ බලපෑමක් නොමැති වුවත් දැනට 60%කට ආසන්න පිරිසක් භාවිත කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් 4.3 හෝ ඊට ප්‍රථම සංස්කරණ නිසා මේ දෝෂයේ බලපෑම බිලියනයකට ආසන්න පිරිසකට බලපානු ඇත. කෙසේ නමුත් මේ දෝෂය පිළිබඳව අදහස් දක්වමින් Google පවසා සිටින්නේ තම සමාගමට මේ දෝෂය නිරාකරණය කිරීම අපහසු බවත් ඒ සඳහා ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතු යුතු බවත් ය. මන්ද යත් 4.3 හෝ ඊ්ට පෙර සංස්කරණ සඳහා Patches ලබාදීමට Google සමාගමට නොහැකි නිසායි.
පැරණි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණය වල WebView අංගය මෙහෙයුම් පද්ධතිය සමඟ ඒකාබද්ධව කටයුතු කරන නමුත් නව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණ වල එය Play Store App සමඟ සම්බන්ධ කර ඇති නිසා පහසුවෙන් Google සමාගමට updates ලබාදිය හැකියි.
ඉතින් මේ අවධානමෙන් මිදීමට නම් ඔබට හැකි ඉක්මනින් 4.4 හෝ 5.0 සංස්කරණ වලට update කර ගැනීමට සිදුවන බවයි Google සමාගම පවසන්නේ. කෙසේ නමුත් Samsung සමාගම හා LG සමාගම වැනි ප්‍රධාන සමාගම් මේ දෝෂය සඳහා පිළියම් හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැවසෙනවා.
Source - http://techguru.lk/

Microsoft වෙතින් Windows 10 නිවේදනය වේ


  Microsoft ආයතනය මේ වන විට තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති පෙලෙහි මීලග සංස්කරනය එනම් Windows 10 නිල ලෙසට නිවේදනය කර අවසන්ය. පැමින ඇති බොහෝ නව features මේ වන විටත් භාවිතාකරන්නන් අතරට නිල මෙන්ම නොනිලව පැමිනි පෙර සංස්කරන ඔස්සේ දැනුවත්ව තිබෙන ඒවා වන අතර ඉන් කිහිපයක් පමනක් පලමු වරට  වරට දක්නට ලැබෙන ඒවා ලෙසට දක්නට ලැබේ. පලමු කාරනයක් වන්නේ Windows 10 නව මෙහෙයුම් පද්ධතිය Windows 7, Windows 8, Windows Phone 8 වල සිට නොමිළේ upgrade හැකියාවෙන් යුත්ත වීමය. මීට අමතරව Continuum, එනම් සාම්ප්‍රධායික කීබෝර්ඩය සමග හෝ
ස්පර්ශක තිරය සමග භාවිතා වෙමින් තිබේද යන්න ස්වංක්‍රීයව හඳුනාගැනීමේ හැකියව,  අවශ්‍ය විටකදී පූර්නතිරය පුරා විහිදවාලන්නට හැකි නව start menuව, නව UI වලින් සමන්විත  Action Center, Notification Centerද දක්වනු ලැබුවා. බලාපොරොත්තු වූ පරිදිම Cortana එනම්  digital personal assistant හැකියාවද එහි වන අතර desktop භාවිතාකරන්නන් වෙතට එය අපූරු භාවිතාවක් ගෙනෙනු ඇති බවට පොරොන්දු වෙමින් තිබෙනවා. “hey Cortana” විධානය සමග ඇරබෙන මෙම හැකියාව සමග   web සෙවුමක්, appointments යොදා ගැනීමක්, reminders සටහන් කරගැනීමක්, check calendars ඇතුලු බොහෝ හැකියාවන් වන බවට පැහැදිලි කෙරෙනු ලැබුවා. එයට “Cortana show me photos from December” වනි ස්වාභාවික මට්ටමේ විධානයක් මෙන්ම written commandsද හඳුනා අගැනීමේ හැකියාව සමග app එකක් සෙවීම email එකක් සටහන්කර යැවීමට වන හැකියාව පැහැදිලි කෙරෙනු ලැබුවා. Windows 10 device අතර පහසුවෙන් ගලයන app භවිතාවක් ගෙනෙන Universal Apps හැකියාව , Project Spartan සමග අඩු බ‍රැති නව බ්‍රවුසර භාවිතය මෙන්ම සියලු  නව අනු සංස්කරන සදහා පැමිනෙන DirectX12 හැකියාවද ප්‍රදර්ශනය කෙරෙනු ලැබුවා.
Source - http://siriwansa.blogspot.com

Thursday, January 15, 2015

Forbes සඟරාව, ඇපල් වසරේ ලොව වඩාත් වටිනා ම සන්නාමය ලෙස නම් කෙරේ

Forbes සඟරාව පසුගියදා වසරේ ලොව වඩාත් වටිනාම සන්නාම ලැයිස්තුව නම් කරනු ලැබුවා.ඒ අනුව එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇපල් සන්නාමයට හැකි වුණු අතර එහි වටිනාකම සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 124.2 ක් ලෙසයි.එය එම ලැයිස්තුවේ තිබෙන අනෙකුත් සන්නාමවලට වඩා දෙගුණයක වටිනාකමකි. ඇපල් සමාගම පසුගිය වසරට වඩා ඇපල් සන්නාමයේ වටිනාකම 19% කින් ඉහළ ගොස් ඇති අතර මෙම වසරේ නිකුත්
වූ අයිෆෝන් 6,අයිපෑඩ් සහ ඇපල් Pay ද මේ සඳහා බලපා ඇතැයි පැවසේ.මීට අමතරව මයික්‍රොසොෆ්ට් සන්නාමය දෙවන ස්ථානයේ ද ගූගල් සන්නාමය තෙවන ස්ථානය ද ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Forbes සඟරාව පවසා ඇත්තේ ඇපල් උපාංග සමඟ කරට කර තරග කළ හැකි උපාංග වෙනත් සන්නාම වලින් නිකුත් වුව ද ඇපල් ලෝලීන් දිගු කාලීනව ඇපල් සන්නාමයත් සමඟ රැඳී සිටින බව ත් එම නිසාම එහි වටිනාකම දිනෙන් දින ඉහළ යන බවත් ය.
Source - http://www.applesinhalen.com/

Wednesday, January 14, 2015

චීනය තුළ සැම්සුන් පරදා ඇපල් පෙරට

මේ ගෙවෙන්නේ ඇපල් සමාගමේ සාර්ථක ම වසර යි.මෙම කියමන නැවත පසක් කරමින් ඇපල් සමාගම පසුගියදා තවත් ජයග්‍රහණයක් අත්පත් කරගනු ලැබුවා.ඒ ලොව විශාලත ම ස්මාර්ට්ෆෝන් පරිභෝජන වෙළඳපොළ හිමි චීනය තුළ පාරිභෝගකයින්ගේ විශ්වාසය කැමැත්ත දිනාගත් හොඳම ජංගම දුරකතන සන්නාමය බවට පත්වෙමිනි. චීනයේ සන්නාම පර්යේෂණ ආයතනය මඟින් සිදු කළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර මීට ප්‍රථම එනම් 2012 වර්ෂයේ සිට මෙහි ප්‍රථම ස්ථානයේ රැඳී සිටියේ සැම්සුන් සමාගම යි.


මෙම සමීක්ෂණවල ආසන්නත ම සමීක්ෂණය 2013 අගෝස්තු මස සිට 2014 ජනවාරි මස දක්වා යවස අවුරුදු 15 ත් 60 ත් අතර නගර 30 ක වෙසෙන චීන ජාතිකයින් 13,500 ක් පමණ සහභාගි කරගනිමින් ක්‍රියාත්මක කර ඇත.

මෙම සමීක්ෂණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ආයතනය සඳහන් කළේ සැම්සුන් සමාගම හුදෙක් වෙළඳපොළ කොටස්(market share) පිළිබඳ පමණක් අවධානය යොමු කිරීමට පෙළඹීම නිසා පාරිභෝගිකයින්ගේ විශ්වාසය,ලැදිකම හීන වී යන බව යි.නමුදු ඇපල් සමාගම මෙකී කාරණා දෙක හොඳින් පවත්වාගෙන යන නිසා මෙම ජයග්‍රහණය අත් වූ බවයි පැවසෙන්නේ.තවද යම් සමාගමක් වෙළඳපොළ කොටස්(market share) සම්බන්ධයෙන් පමණක් දැඩි අවධානයක් යොමු කරමින් පාරිභෝගිකයින් පිළිබඳව අවධානය යොමු නොකිරීම හේතුවෙන් එම සන්නාමය කළමණාකරණය කරගැනීමට හා හොඳින් පවත්වා ගෙන යෑමට අසීරු වන බව එම ආයතනය තවදුරටත් සඳහන් කොට සිටියේ ය.

ඇපල් සමාගමේ අයිෆෝන් 6 සහ 6 Plus චීනය තුළ විශාල වශයෙන් අලෙවි වෙමින් පවතින අතර ඇපල් සමාගම ලබන වසර 2 ඇතුළත ඇපල් Retail Stores 25 විවෘත කිරීමට සූදානමින් සිටි යි.තවද ඇපල්හි ප්‍රධාන විධායක නිළධාරී ටිම් කුක් මහතා පසුගිය වර්ෂයේ සඳහන් කොට තිබුණේ චීනය යනු ඇපල් සමාගමේ දෙවන ලොකු ම වෙළඳපොළ බවත් එය නුදුරු දිනෙක සමාගමේ ලොකු ම වෙළඳපොළ වනු ඇති බවත් ය.
Source - http://www.applesinhalen.com/

JINS MEME ගෙනෙන වඩාත් ස්වාභාවික පෙනුමැති smartglasses නිකුතුව




ඔබ ජපන් වැසියෙක් වන්නේ නම්  JINS MEME ඔබ වෙත එන්නේ කදිම smartglasses අත්දැකීමක් සමග ය. එහි නිෂ්පාදකයින් පවසන්නේ JINS විසින් 2015 වසරේදී එහි විවිධ ආකාරගත් මෝස්තර 1200ක් පමන සූදානමින් තිබෙන බවකි. බොහොම දුරට සාමාන්‍ය උපැස් උවලක පෙනුම ගෙනෙන මෙම නිකුතූන් සැහැල්ලු මෙන්ම වඩාත් මුහුනුවර සමග ගැලපෙන සුලු නිමැවුම බොහෝ භාවිතාකරන්නන්ගේ අවධානය දිනා ගන්නා ප්‍රධාන ලක්ෂනයක්ව ඇති බවටයි දැක්වෙන්නේ.
පැය 16ක ආයුකාලයක් ගෙනෙන බැටරිය, හය දිසාවක් ඔස්සේ මැනෙන (six-axis) accelerometerය, gyroscope සංවේදකය මෙන්ම Bluetooth සහ microUSB charging portය සමග සංවේදක තුනක් ඔස්සේ මැනෙන දෑසේ චලනයන් කියවීමට වන electrooculography සමග දැසේ චලන රටාවන් 8ක් කියවීමටත් පමනක් නොව දෑස් පියසැලීම් කියවීමට හැකියාවත් වන බවටයි විස්තර කෙරෙන්නේ. දැසේ චලනය පමනක් නොව සිරුරේ චලනය, හිසේ වන චලනයන්, පා තබන රටාවන් මෙන්ම sleep activity, concentration levels ආදී බොහෝ තොරතුරු වඩාත් නිවැරදිව මැන ගන්නට පමනක් නොව සංවර්ධකයන් සදහා වඩාත් විවිධ applications නිර්මානය සදහා SDK ලබා දීමද JINS සිදුකරන බවටයි විස්තර කෙරෙන්නේ.2015 Spring  වලදී පැමිනෙන මෙම නිකුතුවේ මිළ පිලිබදව තවමත් තොරතුරු හෙලිව නැත.
Source - http://itlk.us/

Tuesday, January 13, 2015

සුබ ගමන් අයිෆෝන් 5C

පසුගිය වසරේ නිකුත් වූ අයිෆෝන් 5S සමඟ වෙළඳපොළට නිකුත් කළ අයිෆෝන් 5C ලබන වසරේ(2015) මැද භාගය වන විට නිෂ්පාදනය කිරීම සම්පූර්ණ වශයෙන් නවතා දැමීමට ඇපල් සමාගම තීරණය කර ඇති බව තායිවාන සඟරාවක් වන Industrial and Commercial Times අනාවරණය කොට තිබෙනවා.ඒ අනුව ඇපල් සමාගමේ නිළ සැපයුම්කරුවන් වන Wistron සහ Foxconn යන සමාගම් ලබන වසරේ සිට අයිෆෝන් 5C නිෂ්පාදනය කිරීම නවතා දමනු ඇත.


සමාන්‍යයෙන් ඇපල් සමාගම නව අයිෆෝනයක් වෙළඳපොළට නිකුත් කළ විට එම නව අයිෆෝනයේ මිළට වඩා ඇමෙරිකානු ඩොලර් 100 ක පමණ මිළ අඩුවෙන් ඊට ප්‍රථම නිකුත් කරන ලද අයිෆෝනය විකුණනු ලබනවා.උදාහරණයක් ලෙස 2012 වසරේ අයිෆෝන් 5 16GB අනුවාදය ඇමෙරිකානු ඩොලර් 649 කට වෙළඳපොළට නිකුත් කරන විට 2011 වසරේ නිකුත් කළ අයිෆෝන් 4S ඇමෙරිකානු ඩොලර් 549 කට එනම් පෙරට වඩා ඇමෙරිකානු ඩොලර් 100 ක් අඩුවෙන් වෙළඳපොළේ විකිණීම සිදු කළා.නමුදු 2013 වසරේ අයිෆෝන් 5S නිකුත් කරන විට ඇපල් සමාගම මීට වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරමින් අයිෆෝන් 5 නිෂ්පාදනය නවතා දමා ඒ වෙනුවට අයිෆෝන් 5 හි දක්නට ලැබෙන විශේෂාංග එලෙසම යොදා ගනිමින් නව අයිෆෝන් 5C ඇමෙරිකානු ඩොලර් 549 කට වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා.මෙයට හේතු ලෙස දැක්වුණේ අයිෆෝන් 5 සඳහා යොදා ගැනුණු අමුද්‍රව්‍ය වල මිළත් එය එකළස් කිරීමට ඉතා අසීරුවීමත් ය.

ප්ලාස්ටික් බදක්(polycarbonate) සහිත දැකුම්කළු වර්ණයන්ගෙන් යුක්ත අයිෆෝන් 5C වෙළඳපොළට නිකුත් කරන විට බොහෝ දෙනා සිතුවේ මෙම අයිෆෝනය මිලෙන් අඩු එනම් සමාන්‍යයෙන් පාරිභෝගිකයෙකුට ලෙහෙසියෙන් ළං වන්නට පුළුවන් මිළකට වෙළඳපොළට නිකුත් වනු ඇති බව යි.තවද විවිධ වර්ණයන්ගෙන් යුතු බැවින් පාරිභෝගිකයාට තරමක වෙනස් තේරීමක් ලැබෙන නිසාත් මෙම උපාංගය වඩා ජනප්‍රිය වනු ඇති බවට එකළ මත පළ විය.

පසුගිය අවුරුදු වල සිදු කෙරුණු සංගණනයන්ට අනුව ස්ත්‍රී පාර්ෂවය අත වැඩි වශයෙන් අයිෆෝන් 5C ගැවසුණ ද,එංගලන්තයේ වැඩියෙන් ම අළෙවි වූ ස්මාර්ට්ෆෝනය (සැම්සුන් S5 හි අළෙවියටත් වඩා) අයිෆෝන් 5C  වුව ද සමස්තයක් ලෙස එහි වෙළඳාම බලාපොරොත්තු වූ මට්ටමක තිබුණේ නැත.මෙයට ප්‍රධාන ම හේතුව ලෙස සැලකෙන්නේ අයිෆොන් 5C හි මිළෙහි සැළකිව යුතු අඩුවක් දක්නට නොමැති නිසා ත් එහි විශේෂාංග දැන් යම් දුරකට යල් පැණ ගොස් තිබීමත් ය.එම නිසා එහි වෙළදාම දැන් කෙමෙන් අඩුවෙමින් පවතී.

ඇපල් සමාගමේ මෙම ක්‍රියාමාර්ගයත් සමඟ දැනට වෙළඳපොළේ දක්නට ලැබෙන අයිෆෝන්(අයිෆෝන් 5S, අයිෆෝන් 6, අයිෆෝන් 6 Plus) ඇපල් Touch ID අන්තර්ගත කළ සහ ඇපල් 64bit ප්‍රොසෙසරයක් සහිත උපාංග වේ.තව ද මේ සමඟ ම 'C' අක්ෂරය සහිත අයිෆෝන් පරම්පරාව ද අඟල් 4ක තිරයක් තිබූ තවත් අයිෆෝන් පරම්පරාවක් ද මෙයින් අවසන් වේ.
Source - http://www.applesinhalen.com

Intel ගෙනෙන " PC in a stick "

 ඔවුන් එය නම් කරන්නේ Intel Compute Stick ලෙසටය. නමුත් එය Intel Atom Bay Trail ප්‍රොසෙසරයකින්, 32 GB(eMMC) ගබඩා හැකියාවකින් හා 2 GB RAM හැකියාවකින් යුතුව පැමිනෙන්නේ Bluetooth 4.0, 802.11 b/g/n සමග USB port (powering සඳහා) හා HDMI (1.4a) ද සමගය. මෙම උපාංගය සරලව අර්ථ දැක්වෙන්නේ සම්පූර්න පරිගණක හැකියාවක් ගෙනෙන කුඩා සැකසුරුවමක් ලෙසටය. මෙම stickය පැමිනෙන්නේම Windows 8.1 සම්පූර්න සංස්කරනයක් සහිතවම වන අතර Bing ද සහිත
මෙම නිකුතුව සමග තාක්ශනිකව ඔනෑම Windows සහය applicationයක් ධාවනය කිරීමේ හැකියාව තිබෙන බවට තොරතුරු හෙලි වනවා. විශාල පරිමානයේ Screens සමගද කටයුතු කල හැකි වන මෙම නිකුතුව Bluetooth keyboard හා mouse ශ සමගම $149.99 මිලකට වෙළඳ පොලට පැමිනෙන බවටයි හෙලි වන්නේ. මීට අමතරව ඔවුන් පවසනවා ඔබ Windows ලෝලයෙන් නොවන්නේ නම් මෙහි Ubuntu සංස්කරනයක් 1GB ‍රැම් හා 8GB ප්‍රමානයේ storage හැකියාවක් සහිතව $89 මිලකටද ලබා ගන්නට හැකි වනු ඇති බවත්ය.
Source - http://itlk.us/

HP Stream 11 සරල මට්ටමේ පරිගණක භාවිතාවකට අඩු මිලැති විසදුමකි

  අඩු මිලැති පරිගණක භාවිතාවකට වූ ඉල්ලුමද නිරන්තරයෙන් පවතින්නකි. Netbooks පැමිනීම බොහෝ දෙනාගේ අවධානයක් ලබා ගත්තේ ඒ නිසාවෙන් විය යුතුය. කෙසේමුත් අඩු බලැති ප්‍රොසෙසර් හැකියාව , බැටරි බලය මෙන්ම තොරතුරු ගබඩා හැකියාව වැනි හේතූන් සමග ඒ සදහා වූ අවධානය වේගයන් අඩුවීම සිදුවිය. HP වෙතින් නැවතත් වෙළඳ පොලට Stream 11 නිකුත්වන්නේ අඩු මිලැති පරිගණක භාවිතා ඉල්ලුමට නව විසදුමක් ‍රැගෙනය. ඩොලර් 200ක මිළක් සමග entry-level අවශ්‍යතාවය ඉලක්ක කර ගනිමින්
මෙම නිකුතුව පැමිනෙන්නේ Intel Celeron processor ( 2.16Ghz), 2GB RAM හා 32GB තොරතුරු ගබඩා හැකියාවක් සමග USB ports (1 x 3.0 and 1 x 2.0), full size HDMI port, full size SD card reader, headphone/mic jack වැනි අනෙකුත් පහසුකම් සැලකීමේදී මෙම නිකුතුව සැලකිය යුතු මට්ටමක නිකුතුවක් ලෙසට පිලිගන්නට හැකිවන බවටයි විචාරනය වෙමින් ඇත්තේ.bright blue වර්ණැතිව plastic ආවරනයකින් පැමිනෙන මෙම නිකුතුව සතු 1366×768 displayය එහි මිල සමග සැලකීමේදී සාධරන බවටයි හැගීම වන්නේ. Windows 8 සහය මට්ටමින් වන මෙහි low resolution සමග සමහර විටක එලිමහන් භාවිතාවේදී අපහසු බවක් ගෙනෙන බවද අමතක නොකල යුතුය.
Windows 8.1( fully-featured OS) හැකියාව සහිත අතර තාක්ෂනිකව ඔනෑම Windows හිතැති application මිත්‍රව පැමිනෙන මෙම නිකුතුව ප්‍රායෝගිකව PhotoShop වැනි බ‍රැති මෘදුකාංග භාවිතාවකදී ගැටලු සහිත විය හැකි අතර නොමිළේ එන Office 365 හා 1 TB OneDrive පහසුව වසරක කාලයක් සදහා වේ. මෘදුකාංග කිහිපයක් එක වර ධාවනය කිරීමේදී ඇතිවන අපහසුතවය මෙම මට්ටමේ උපාංගයකින් බලාපොරොත්තු විය යුතු අතර 5.5 hours බැටරි ආයුකාලය ද ඒසාම නොසලකා හරින්නට සිදුවනු ඇත. browsing the web, YouTube, social media වැනි සරල මට්ටමේ භාවිතාවන් සදහා වඩාත් හිතැති මෙම නිකුතුව වෙළඳ පොල වෙතට ඇති ආරම්භක මට්ටමේ පරිගණක භාවිතාවට වන ඉල්ලුම සදහා හොඳ විසඳුමක් වනු ඇති බවටයි බලාපොරොත්තු විය හැක්කේ.
Source - http://itlk.us/

Sunday, January 11, 2015

64-bit ප්‍රොසෙසරයක් හා 4G LTE සහය සහිතව Xiaomi Redmi 2 වෙළදපලට පැමිණෙයි


Xiaomi සමාගම සිය නවතම ස්මාර්ට්ෆෝනය ලෙස Redmi 2 උපාංගය හදුන්වාදෙනු ලැබුවා. MIUI 6 මෙහෙයුම් පද්දතියෙන්, 64-bit Snapdragon 410 ප්‍රොසෙසරයකින් හා 4G LTE සහය සහිත මෙම Redmi 2 ස්මාර්ට්ෆෝනය Redmi 1S උපාංගය වැඩිදියුණු කර නිපදවූ සංස්කරණයක් ලෙස හැදින්විය හැකියි.

අගල් 4.7 ක 1280 x 720 pixels IPS display screen එකකින්, 1.2 GHz quad-core Qualcomm Snapdragon 410 (MSM8916 ) 64-bit processor එකකින්, Adreno 305 GPU එකකින්, 1 GB Ram එකකින්, 8GB Storage එකකින්, 2200mAh බැටරියකින්, 8MP පසුපස කැමරාවකින් හා 2MP ඉදිරිපස කැමරාවකින් Redmi 2 සමන්විතයි.
Full Specifications of Redmi 2:
  • 4.7″ perfect IPS display, 1280×720 resolutiton, 312 PPI
  • Qualcomm Snapdragon 410 Quadcore 64-bit 1.2 GHz processor
  • Dual-SIM with 2 card-slots, standing by concurrently
  • 1GB RAM, 8GB flash memory (can be extended to 32GB)
  • Cortex A53 structure, 1.5 times faster than A7
  • Adreno 306 GPU
  • Dual-SIM 4G LTE (TDD/ FDD), connection speed up to 150 Mbps
  • 2200 mAh Samsung Lithium polymer battery
  • 8 mega pixel rear camera, 2 mega pixel facing camera
  • 133 grams, 9.4 mm thick
  • 5 colors for back cover
  • Coming with MIUI 6  
චීන වෙළදපල Redmi 2 උපාංගයේ මිල 699 Yuan වන අතර ශ්‍රී ලංකාවේ මුදලින් එය ආසන්න වශයෙන් රුපියල් 15,000 ක් පමණ වේ.

Source - http://technews.lk

Saturday, January 10, 2015

ශ්‍රී ලංකාවට සුගම වූ හා ලාභදායි වූ WiFi සේයාවක් සැපයීමට Mobitel සහ Ericsson සමාගම් එක්වෙයි


පසුගියදා Mobitel සහ Ericsson සමාගම් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන බව නිවේදනය කර සිටියා. 2015 සිට ක්‍රියාත්මක වන මෙම වෘත්තිය හවුල මඟින් ශ්‍රී ලාංකිකයන්ට වඩා සුගම වුත් ලාභදායි වුත් WiFi සේවාවක් ලබා දීමට අරමුණු කර ගෙන තිබෙනවා. ’WiFi as a Service’ (සේවාවක් ලෙස WiFi) යන තේමාව යටතේ රට පුරා වෙසෙන සරසවි සිසුන්ට බෙහෙවින් ලාභ දායි හා කාර්යක්ෂම අන්තර්ජාල
සේවාවක් ලබා දීමට නියමිතයි. මෙමඟින් ශ්‍රී ලාංකිකයන්ට ලෝකයේ සිදුවන දේ ඉතා පහසුවෙන් දැන ගැනීමටත් දැනුම පුළුල් කර ගැනීමත් වගේම ලෝකය හා ඉතා පහසුවෙන් ගනු දෙනු කිරීමත් හැකියාව ලැබෙනු ඇත.

Source - http://technews.lk

SONY ගෙනෙන 4.9mm ප්‍රමානයේ BRAVIA televisions පෙල

 වසරේ අපූර්වතම ඉලෙක්ට්‍රොනික නිමැවුම් පෙල එකිනෙක හමුවන “Consumer Electronics Show” වලදී Sony වෙතින් පැමිනෙන “BRAVIA” නම් රූපවාහිනී නිෂ්පාදන පෙල දැනට ලොව පවතින සිහිනිතම(thinnest) රූපවාහිනි නිකුතූන් ලෙසට සටහන් වනවා. එහි වන X9000C මෝස්තර පෙලෙහි 4.9mm සිහින් නැතිනම් iPhone 6 සමග සසදද්දී තුනෙන් එකක තරම් සිහින් අඟල් 55-, 65-හා75- ප්‍රමානයේ නිකූත් පිලිබදව Sony වෙතින් හැදින්වෙන්නේ “a new Floating Style” ලෙසටය. 5.0 Lollipop
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් සංක්‍රිය වන මෙම නිෂ්පාදනයන් සමන්විත වන්නේ වඩාත් තීව්‍ර contrast හා colour ගෙනෙන්නට සමත්වන sony නිපැයුමක් වන ‘4K Processor X1′ ප්‍රොසෙසරයකින් වන අතර මෙම රුපවාහිනී පෙල voice interactions සහය, Google Play ecosystem සහය මෙන්ම third-party apps සහය පමනක් නොව multiplayer cross-device gaming හැකියාවද වන බවට පැහැදිලි කෙරෙනවා. කෙසේ වෙතත් තවමත් මෙම මෝස්තර පෙලෙහි මිලගනන් හෝ අලවි නිකූතුන් ලිපිබදව තොරතුරු SONY ආයතන ප්‍රකාශයට පත්කොට නැත.
Source - http://itlk.us

Friday, January 9, 2015

1 Gbps download වේගයක් නිවසට ගෙනෙන්නට Comcast සැරසේ

 Broadcom වෙතීන් එන නවතම BCM93390 chip පත සමග DOCSIS 3.1 ප්‍රමිතියට ගොඩ නැගෙන සෛද්ධාන්තිකව 1 Gbps download වේගයක් ගෙනෙන gigabit Internet service එකක හඳුන්වාදෙන්නට Comcast කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ. තවමත් ඉතා සීමිත ප්‍රදේශයන්ට පමනක් සේවාය ලබා දෙමින් සිටින Google වල Fiber සේවයට සමාන සේවාවක් මේ ඔස්සේ භාවිතාකරන්නා වෙතට ලබා දෙන්නට හැකි වනු ඇති බවටයි ඔවුන් බලාපොරොත්තුව පලකරන්නේ.
ඔවුන් පැහැදිලි කර සිටින්නේ download වේගය 1Gbps වේගයකට ගෙනෙන්නට හැකි වුවද upload වේගය 200-250 Mbps ප්‍රමානයක රඳන්නට එම chip පත තාක්ශනය සමග සිදුවනු ඇති බවකි. මෙම ප්‍රකට ඇමරිකානු Comcast ආයතනය දැනට සපයන සාමන්‍ය download වේගය 150 Mbps පමන වන අතර දැනට භාවිතාවන home modems සමග වන 3.0 ප්‍රමිතීය DOCSIS 3.1ප්‍රමිතිය සදහාද ගැටලුවක් නොවනු ඇති බවටයි ඔවුන් යෝජනා කරන්නේ.
Source - http://itlk.us

Thursday, January 8, 2015

Nvidia Tegra X1 මීලග පරම්පරාවේ ජංගම දුරකථන ප්‍රොසෙසරය

Nvidia සමාගම විසින් සිය නවතම ජංගම දුරකථන ප්‍රොසෙසරය අද හදුන්වාදෙනු ලැබුවා. ඒ CES 2015 ප්‍රදර්ශනය තුළදීයි. “Tegra X1″ ලෙස නම් කර තිබෙන මෙම නවතම චිපය සමාගමේ 256-core Maxwell GPU මත පදනම් වී ඇති අතර eight-core 64-bit CPU එකකින් හෙබියි. සමාගමේ පෙර නිෂ්පාදනයක් වන Tegra K1 ප්‍රොසෙසරය මෙන් දෙගුණයක් බලවත් මෙම නව Tegra X1 ප්‍රොසෙසරයට
60Hz කින් 4K වීඩියෝ පඩිගත කිරීමේ හැකියාවද සහිතයි. අනෙක් වැදගත් කාරනය නම් 1 teraflop of throughput ඉක්මවා ගිය පළමු ජංගම දුරකථන ප්‍රොසෙසරය වන්නේද මෙම නව Tegra X1 ප්‍රොසෙසරයයි.
Source - http://technews.lk

5th Generation Intel Core processor family නිවේදනය වේ

  Intel වෙතින් එන්නට නියමිත බවට පෙර ප්‍රකාශවී තිබූ 5th Gen Core processors නිකුතුව මේ වන විට නිල ලෙසට නිවේදනය වී තිබෙනවා. CES වලදී සිදුවූ මෙම නිවේදනයවීම අනූව 14nm නිෂ්පාදන ක්‍රමවේදයට අනූව නිර්මානය වන මෙම නිකුතුව දියුනූ කල performance මෙන්ම graphics මෙන්ම battery life ගෙනෙනා බවටයි Intel වෙතින් පැවසෙන්නේ. පැවති Haswell ප්‍රොසෙසර් සමග සැසදීමේදී සියයට 20-30 ක බැටරි ජීවකාලය ජංගම උපාංග භාවිතය බහුල වන මෙම යුගයේ අවශයතාවය වඩාත් හොඳින් සපුරන්නට සූදානම් බවටයි දැක්වෙන්නේ. Intel පවසන්නේ තම 5th generation processors සමග 2 in 1s, ultrabooks, notebooks,
Chromebooks, All-in-One PCs and mini PCs ආදී සියලුම් උපාංග සදහා වඩාත් සිහින් නිමාවක්, අඩු බ‍රැති බවක් මෙන්ම කාර්යක්ෂම භාවිතාවක් ගෙනෙනු ඇති බවත්ය. එසේම එම ආයතනය පැහැදිලි කරන්නේ තමන් Core i3, i5 මෙන්ම i7 සියලුම නිකුතූන්ට අදාල වන ලෙසට නව තාක්ෂනය සමග එන ප්‍රොසෙසර් 14 නිකුත් කරන්නට කටයුතු කරන බවයි. මීට අමතරව Intel මේ වන විට පවසා සිටින්නේ තම නව නිකුතුවේ tablets සදහා වන සංස්කරනය “Cherry Trail” නමින් නිකුතුවටද සූදනම් බවකි. මෙම SoC (System-on-Chip) නිකුතුව සමග 64-bit, දියුනුකල graphics හැකියාව , හා වැඩි battery life එකක් ගෙනෙන්නට සමත්වනු ඇති බවය.
Source - http://itlk.us/

Wednesday, January 7, 2015

Microsoft විසින් Nokia 215 නමින් මිළෙන් අඩු ස්මාර්ට්ෆෝනයක් හදුන්වාදෙයි


Microsoft සමාගම මිළෙන් අඩු ස්මාර්ට්ෆෝනයක් අද හදුන්වාදෙනු ලැබුවා. Nokia 215 ලෙස නම් කර ඇති එම ස්මාර්ට්ෆෝනයේ මිළ ඩොලර් 29 යි. එය ආසන්න වසයෙන් ලංකාවේ මුදලින් රුපියල් හාරදහසක් පමණ වෙනවා. Facebook, Messenger, Twitter, Opera Mini සහ තවත් ජනප්‍රිය Apps බොහොමයක් මෙම නව Nokia 215 ස්මාර්ට්ෆෝනය සමග බාවිතා කල හැකියි. මූලික විශේෂාංගයන්ගෙන් පමණක් සමන්විත මෙන්ම අඩු මුදලට ස්මාර්ට්ෆෝන් එකක් මිලදීගැනීමට බලාපොරොත්තු වන
ආරම්බක මට්ටමේ පරිශීලකයින් සදහා මෙම නව Nokia 215 දුරකථනය හොද තේරීමක් විය හැකියි.
Nokia 215 උපාංගය වෙළදපලට පැමිණෙන්නේ අගල් 2.4 ක QVGA 320 x 240 pixel display screen එකක්, 0.3 MP පසුපස කැමරාවක්, built-in torch එකක්, MP3 Player එකක් හා FM Radio, Bluetooth වැනි විශේෂාංගද සමගයි. ඒ වගේම මෙම මොබයිල් දුරකථනය දින 29ක battery backup එකක් ලබා දෙන බවද සමාගම සදහන් කර තිබෙනවා. Nokia 215 ස්මාර්ට්ෆෝනය ආසියාව, අප්රිකාව හා යුරෝපය තුළ අලෙවි කිරීමට නියමිතයි.

Source - http://technews.lk

ඡන්ද ප්‍රතිපල වෙනස් කරන්න පරිගණක ජිල්මාට් වලින් බැහැ, SLT කියයි


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සත් වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසුම සිදු වෙන දිනය අදයි. ඡන්ද ප්‍රතිපල පිලිබඳ විවිධ වූ කතා පසුගිය දින කිහිපය පුරාවට පැතිරුණා. www.lankaenews.com වෙබ් අඩවිය විසින් පළ කර තිබු තොරතුරකට අනුව කියැවුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් හි terminal line වල මුරපද (password) දන්නා අයට ඡන්ද ප්‍රතිපල වෙනස් කිරීමේ හැකියාවක් ඇති බවයි.

නමුත් ශ්‍රී ලංකා ටෙලිකොම් හි කණ්ඩායම් විධායක නිලධාරීතුමා විසින් මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඡන්ද කොමසාරිස්වරයාද මේ පිලිබඳ දැනුවත් කර තිබෙනවා.
මෙයට පිළිතුරු ලෙස ඡන්ද කොමසාරිස්වරයා පවසා සිටින්නේ එම වෙබ් අඩවියේ පළ වූ ආරංචිය සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත සියලු විදුලි සංදේශ කටයුතු බාර දී ඇත්තේ ටෙලිකොම් සමාගමේ විශ්වසනීය හා ගුණාත්මක බව නිසා බවයි.
ශ්‍රී ලංකා ටෙලිකොම් වෙබ් අඩවියෙන්.
Source - http://technews.lk/

Apple ආයතනයට නඩු

ඔබේ අයිෆෝන් එක ගිගාබයිට් 16 එකක් නම්, ගිගාබයිට් 16කින් යුත් මතක ධාරිතාවයම ඔබට ලැබෙන්නේ නැති බව ඔබ දන්නවා ඇති. ඉන් කොටසක් ඇපල් අයිඕඑස් මෘදුකාංගය විසින් ලබා ගන්නවා. නමුත් ඔබ ඒ වෙනුවෙන් කිසිඳු නීතිමය පියවරක් ගත්තේ නැහැ නේද ? 
නමුත් මියාමි වල වෙසෙන ඇපල් පාරිභෝගියින් දෙදෙනෙක් ඇපල් ආයතනයට නඩු පවරා තිබෙනවා. ඔවුන් නඩු පවරා තිබෙන්නේ ඇපල් ආයතනය පවසා සිටින ගිගාබයිට් 16 ධාරිතාවය එහි නොමැති වීම නිසා.‍

පසුගිය බ්‍රහස්පතින්දා පැමිණිලිකරුවන් විසින් කැලිෆෝනියා ෆෙඩරල් අධිකරණයේදී ඔවුන්ගේ නඩුව ගොනු කරා. ඇපල් ආයතනය පාරිභෝගිකයින් නොමග යවන තොරතුරු සැපයීම නිසා ඩොලර් මිලියන 5 ක අලාභයක් ලබා ගැනීමටද ඔවුන් බලාපොරොත්තු වෙනවා.
ඇපල් ආයතනයේ  අයිඕඑස් 8 මෘදුකාංගය අයිෆෝන් 6 දුරකතනයෙන් ගිගාබයිට් 3 ක ඉඩකඩක් ලබා ගන්නවා. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල ගිගාබයිට් 16 ධාරිතාවයෙන් සියයට 19ක කොටසකි. ඒවගේම එම අයිඕඑස් 8 මෘදුකාංගය අයිෆෝන් 6 ප්ලස් දුරකතනයෙන් සියයයට 20 ක කොටසක්ද අයිපෑඩ් එකේ ධාරිතාවයෙන් සියයට 20 ක ප්‍රාමාණයක්ද අත්පත් කරගන්නවා. 
(දුරකතනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයා අවධානය යොමුකරන ප්‍රධානම සාධකයක් වන්නේ ගබඩා ධාරිතාවයයි. නමුත් ඇපල් ආයතනය ඒ පිළිබඳව නිවැරදි සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් සපයන්නේ අඩුපාඩු සහිත ව්‍යාජ තොරතුරු. මේ හේතුවෙන් බොහොමයක් ඇපල් පාරිභෝගිකයින් රැවටෙනවා. ) 
මෙවැනි හේතුවක් නිසා ඇපල් ආයතනයට නඩු පැවරුණු ප්‍රථම අවස්තාව මෙය නොවෙයි. 2007 වර්ෂයේදීද මෙවැනිම නඩුවකට ඇපල් ආයතනය මුහුණ දුන්නා. 
සර්ෆෙස් ටැබ්ලට් එකේ මතක ධාරිතාවය සම්බන්ධයෙන් පැනනැගුනු ගැටළුවක් හේතුවෙන් මයික්‍රොසොෆ්ට් ආයතනයටද 2012 වර්ෂයේදී නඩු පවරා තිබුනා.
Source - http://nodutulokaya2.blogspot.com/

WhatsApp වල Web මූලික සංස්කරනයක්

 WhatsApp මොබයිල් මට්ටමේ ඇති ජනංප්‍රියතම messenger පහසුවක් ලෙසට පිලිගැනේ. හදාරන්නන් පෙනවා දෙන්නේ එහි Android Code විමසද්දී browser based වෙබ් Application එකක ලෙසටද පැමිනීමේ සටහන් දක්නට ලැබුනු බවකි. එම හදාරන්නන් යෝජනා කරන්නේ ස්ථීරවම වෙබ් සංස්කරනයක් පැමිනීම තහවුරුකල නොහැකි වුවද ඒ පිලිබදව සැක පලකල හැකි බවකි. Google
ගිනුමකට ඇතුලුව භාවිතාකරන්නට සිදුවන ආකාරයට වන සැකසුම් එම Code අතර දක්නට ලැබුනු බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. WhatsApp හි පදනම වන mobile numbers වලින් මිදී ඉදිරියට යාමක් පිලිබදව මෙතෙක් කිසිදු තොරතුරක් නිල ලෙසට එම ආයතනය ප්‍රකාශයට පත්කර නැති නමුත් පැමිනෙන නව ප්‍රවනතා සමග කටයුතු කරන්නට ඔවුන් තම සුපුරුදු රටාවෙන් මිදෙන්නට ඉඩක් නැතිම බව ස්තීරව පැවසිය නොහැකි බවටයි අකවැකි පලවෙමින් ඇත්තේ.
Source - http://itlk.us

චීනය Gmail භාවිතය වලකයි

  චීනය මේ වන විට IP මට්ටමින් Gmail භාවිතාව එරටින් වලක්වා ඇති බවටයි වාර්ථා වන්නේ. චීනයට Internet censorship නව අත්දැකීමක් නොවන අතර මීට ප්‍රථමවද Gmail ඇතුලු Google’s services වන YouTube හා Google search engine භවිතාවක වලක්වන්නට කටයුතු කර තිබුනේ ප්‍රකට Tiananmen Square Massacre සැමරුමකට ආසන්නයේදීය. එනමුත් එම වාර්ථා පවසන්නේ ප්‍රථම වතාවට සමස්ථ චීනයේම Google හි email සේවාව වලකන්නට මේ වන විට කටයුතු කර ඇති බවකි. Gmail හා සම්බන්දිත
අනෙකුත් IP addresses පවා වලකන්නට මෙවර කටයුතු කර ඇති බවටයි එම වාර්ථා වැඩි දුරටත් විස්තර කෙරෙන්නේ. මෙම වසර ආරම්භයේදී ප්‍රකට Instagram සේවාව වෙතටද මෙවැනි තහනමක් ගෙනෙන්නට එරට රජය කටයුතු කල අතර Microsoft සමාගමේ කාර්යාල වෙතටද කිහිප විටක් ඇතුලුව තොරතුරු විමසීම්ද කරන්නට කටයුතු කරන ලදී. එරට වැසියන් තම Gmail සමග කටයුතු කිරීම සදහා proxy හෝ VPN වැනි විකල්ප ක්‍රමවේද වෙතට නැබුරුවීම තම වැදගත් Email අහිමිවීමේ අනතුර නිසාම වැලකී ඇති බවටයි විස්තර කෙරෙන්නේ.
Source - http://itlk.us

Twitter වෙතින් video.twitter.com

 Twitter යනු කෙටි පලකිරීම් සදහා සහය ලබා දෙන ලොව බහුල භාවිතාවක් ලබා ගත් Social Network එකක් ලෙසට ප්‍රකට වෙබ් අඩවියකි. පසුගිය කාලයේ ඔවුන් පිලිබදව පලවෙමින් තිබූ තොරතුරු වලින් සමහරකින් කියවුනේ Twitter සමග තවත් සේවාවන් කිහිපයක් පැමිනෙන්නට සැලසුම් වෙමින් ඇති බවකි. මේ වන විට හෙලි වෙමින් ඇති තොරතුරු පැහැදිලි කෙරෙන්නේ ඔවුන් Youtube සමග තරකකාරී මට්ටමක සේවාවකට සූදානම් වෙමින් තිබෙන බවකි. ප්‍රථමයන් බලාපොරොත්තු වූවේ video player හා
video card සහයක් පමනක් වුවද video.twitter.com වෙතට පිවිසෙන්නෙකුට ඊට වඩා වැඩි සේවාවක් භුක්ති විඳින්නට අවකාශ සැලසෙන සේවාවක අත්විඳින්නට ඇරයුමක් ඉල්ලුම් කරන්නට හැකිවන බවටයි මේ වන විට හැගෙමින් ඇත්තේ. තවමත් ආයතනය මේ පිලිබදව වැඩි දුර තොරතුරු පැහැදිලි කර නැති වුවද විචාරනය වෙමින් ඇත්තේ advertisers සහය සපයන ඔවුන්ගේම Video library එකක මත ක්‍රියාත්මක වන උපරිමය විනාඩි 10කට අඩු Video සදහා upload පහසුව දෙන වඩාත් සුපැහැදිලි Video සදහා භාවිතාකරන්නන දිරි ගැන්වෙන තම Twitter subscribers සමග Vodeoවක් බෙදා හදා ගන්නට ඉඩ සැලසෙන සේවාවක පැමිනීම බලාපොරොත්තු විය හැකි බවකි.
Source - http://itlk.us

Apple Watch මාර්තුවේ පැමිනෙන ඉඩක්


 ඇපල් වෙතින් පැමිනි Apple Watch නම් wearable deviceය ඒහා සමාන්තර උපාංග සමග සැසදීමේදී වෙනම අනන්‍යතාවයක් හිමිකර ගන්නට සමත්වනු ඇති බවට බොහෝ බලාපොරොත්තු විචාරකයින් වෙතීන් ලබා ගන්නට සමත්වූවාය. මෙහි වෙළඳ නිකුතුව පැමිනීම “early 2015” හෝ  “spring” සිදුවනු ඇති බවට විටින් විට අදහස් පලවුවද මේ වනතෙක්  ඒ පිලිබදව අවසන් නිශ්චිත කාලවකවානුවක් ප්නිල ලෙසට ප්‍රකාශයට පත්ව නැත. පලවන නවතම තොරතුරක් හෙලි කරන්නේ US වල Apple Stores
සේවකයින් නව උපාංගය පිලිබදව පුහුනවක් සදහා මේ දින වල යොමුකර සිටින බවකි. February 9 සිට 16 දක්වා වන මෙම පුහුනු සැසිය සැලකීමේදී Apple ආයතනය බොහෝ විට March වලදී Apple Watch වෙළඳ නිකුතුව සිදු වනු ඇති බවට බලාපොරොත්තුවක් පලවෙමින් තිබෙනවා. එසේ මුත් Apple ආයතනය තම Apple Watch වල දියුනු කිරීම් කිහිපයක්ම සිදු කරමින් සිටින බවටද මේ වන විට තොරතුරු පලවෙමින් තිබෙනවා. ඒවා අතර එහි මෙහෙයුම් පද්ධතිය(OS) දියුනු කිරීම,  battery හා charging පද්ධතිවල දියුනු කිරීම් ආදී රාශියක් අංග වන බවටයි එම තොරතුරු පැහැදිලි කෙරෙන්නේ. දැනට මෙම නිකුතුවේ ආරම්භක මෝස්තරයන්ගේ මිළ $349 සිට ඉහලට වීමට නියමිතව තිබෙනවා.

Source - http://siriwansa.blogspot.com/

ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් ලොව පළමු කොන්ටම් චිපය නිපදයි

පරිගණක ක්ෂේස්ත්‍රයට නව යුගයක් බිහි කරමින් ඕස්ට්‍රේලියාවේ විද්‍යා තාක්ෂණ පරීක්ෂණ කණඩායමක් ලොව පළමු කොන්ටම් චිපය නිපදවීමට සමත්ව ඇත. මේ සදහා සිලිකන් යොදා ගැනීමට ඔවුන්ට හැකිව ඇත.

මේ පිලිබද හෙලිකරන්නේ නැචුරල් ජනලිස්ට් පේපර් නම් විද්‍යාතාක්ෂණික සගරාව පරීක්ෂණ වාර්ථා ප්‍රසිද්ධ කරමිනි. මෙම නිර්මාණය තුලින් දත්ත ගබඩා කිරීමට සුවිශාල ඉඩක් ලැබෙනු ඇත. පරීක්ෂකයන් සදහන් කරන ආකාරයට සිලිකන් තුලින් තමන් බලාපොරොත්තුවූ ගුණාංග 99.99% ක්ම පිහිටන බවයි. මේ සදහා ඔවුන් සිලිකන් 29 සමස්ථානිකය වෙනුවට 28 සමස්ථානිකය භාවිතා කිරීමේ ගැටළුව විසදා ඇත.

මේ තුලින් ට්‍රාන්සිස්ටර නිරවධ්‍යතාවය අතිශයින්ම වැඩිවන අතර ට්‍රන්සිස්ටරවල දැනට පවතින් ප්‍රමාණය තවත් කුඩා කිරීමට හැකිවනු ඇත. මේ අනුව වඩාත් වේගවත් පරිගණක සදහා මේ සොයා ගැනීම හේතුවනු ඇත.
Source - http://www.apelokaya.com/

2015දී ඔබ වෙතට එන්නට නියමිත ජංගම දුරකථන දැන්ම බලාගන්න



දැනට හෙළි වී තිබෙන මෙම පින්තූර වලින් පෙන්වන්නේ 2015දී ඔබ වෙතට එන්නට නියමිත Smart Phone කිහිපයක Designs ය.





iPhone 7



BlackBerry Odyssey



 HTC One (M9)


LG G4


Microsoft Lumia “Spinner Phone”


Samsung Galaxy S6

Source - http://www.aluthlanka.com